වෙනසක් කරන්න සූදානම් – දසුන් ශානක

- srilankacricket.lk

By Chamila Karawita

පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ලබන 16 වැනිදා ආරම්භ වීමට නියමිත වුවත් ශ්‍රී ලංකා කණ්ඩායම ඊට සති 2 කට කාලයක් පෙර හෙවත් හෙට (02 දා) අළුයම් කාලයේදී ඔස්ට්‍රේලියාව බලා පිටත්ව යනු ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම් මොහාන් ද සිල්වා සඳහන් කරන ආකාරයට ශ්‍රී ලංකා කණ්ඩායම වේලාසනින්ම ඔස්ට්‍රේලියාව බලා පිටත්ව යනු ලබන්නේ එහි පවතින තත්ත්වයන්ට කල් තියා හුරුවීම අරමුණු කර ගනිමිනි.

සුපිරි කණ්ඩායම් 12 අතර තරග වටයට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම සුදුසුකම් ලැබීමේ තරගාවලියකට සහභාගිවිය යුතු වන අතර එම තරගාවලිය ලබන 16 වැනිදා නැමීබියාවට එරෙහි සටනින් ආරම්භ වේ. මෙම තරගාවලියේ වැඩි ජයග්‍රහණ සංඛ්‍යාවක් වාර්තා කරන කණ්ඩායමට සුපිරි කණ්ඩායම් 12 අතර තරග වටය විවෘත වනු ඇත.

ඊට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම පෙර පුහුණු තරග 2 කට ක්‍රීඩා කරන අතර අනතුරුව සුදුසුකම් ලැබීමේ තරග වටයේ තරග 3 කට ක්‍රීඩා කරනු ඇත. මේ පිළිබඳව අදහස් දක්වා සිටින ශ්‍රී ලංකා විස්සයි-20 නායක දසුන් ශානක සහ ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් පවා සදහන් කර සිටින්නේ සුපිරි කණ්ඩායම් 12 අතර තරගාවලිය ආරම්භයට පෙර ශ්‍රී ලංකා පිලට පුහුණු තරග 2 කට අමතරව සුදුසුකම් ලැබීමේ තරග වටය යටතේ වන තරග 3 ට ක්‍රීඩා කිරීමට ලැබීම කණ්ඩායමේ වාසියට හේතු වනු ඇති බවයි.

ගෙවී ගිය වසර කීපයේදී විස්සයි-20 තරග අංශය තුළ දක්වන ලද දුර්වල ක්‍රීඩා විලාශය හේතුවෙන් සුපිරි කණ්ඩායම් 12 අතර තරග වටයට සෘජුවම සුදුසුකම් ලැබීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ගිලිහී ගියේය. එබැවින් ශ්‍රී ලංකා කණ්ඩායමට සුදුසුකම් ලැබීමේ තරගාවලියකට ක්‍රීඩා කිරීමට සිදුවන නමුත් ඔය ඔස්ට්‍රේලියාවේ තණතීරුවලට හුරුවීමට වඩාත් හොද අවස්ථාවන් නිර්මාණය කර දෙන බව නායක සහ පුහුණුකරු දෙපළගේ අදහස වී තිබේ.

“ගිය පාරත් අපි (එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදි) අපි කොලිෆයි රවුන්ඩ් එක සෙල්ලම් කරලා තමයි තරගාවලියට අවතීර්ණ වුණේ. එතැනදි අපි ඊළඟ වටයට යද්දී එහෙ තත්ත්වයන් වලට අනුගත වෙලා හිටිය හින්දා වාසියක් තිබ්බා. අවාසනාවන්ත විදියට අපි දකුණු අප්‍රිකාවට සහ එංගලන්ත තරග 2 පැරදුණා. ඉතිං මම හිතන්නේ ඒ උදාහරණයම ඇති මේ පාරර ලෝක කුසලාන තරගාවලියටත්. ඉතිං මේ ක්‍රීඩා කරන තරග 5 ත් අපිට අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා දෙවැනි වටයට යද්දී” යැයි දසුන් සැප්තැම්බර් 30 වැනිදා ක්‍රිකට් මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදී දසුන් ශානක අදහස් දක්වා සිටියේය.

 ශ්‍රී ලංකා කණ්ඩායම ඔක්තෝබර් 10 වැනිදා සිම්බාබ්වේ පිලට එරෙහිව මෙල්බර්න් ක්‍රීඩාංගණයේදී පළමු පෙරහුරු තරගයකට සහභාගිවන අතර අනතුරුව 13 වැනිදා අයර්ලන්තයට එරෙහිව දෙවැනි පුහුණු තරගයට මෙල්බර්න්හිදීම සහභාගිවේ.

සුදුසුකම් ලැබීමේ තරග වටයේදී ‘ඒ’ කාණ්ඩය යටතේ සහභාගිවන ශ්‍රී ලංකාව 16 වැනිදා පැවැත්වෙන නැමීබියා තරගයට අමතරව 18 වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍ය පිල සමග 20 වැනිදා නෙදර්ලන්ත කණ්ඩායම සමඟද තරග වදිනු ඇත.

“අපි දන්නවා ඔස්ට්‍රේලියාවේ ක්‍රීඩාංගණයෙන් ක්‍රීඩාංගණයට දේශගුණික තත්ත්වයන් වෙනස් වෙනවා. ඒ වගේම සමහර ග්‍රවුන්ඩ් වල දෙපැත්ත දිගයි. සමහර ග්‍රවුන්ඩ් වල ඉස්සරහ දිගයි. වේග පන්දු යවන්නන් ගත්තොත් ඔවුන්ට පන්දු යවන ක්‍රමයේ වෙනසකින් දෙකකින් තරගාවලියේ රැඳිලා ඉන්න බෑ. වෙනස්කම් 3 ක් හෝ 4 ක් වත් තියෙන්න ඔ්න. ඒ කියන්නේ යෝකර්ස්, කෙළින් යෝකර්ස්, වයිඩ් යෝකර්ස්, වයිඩ් ස්ලෝ බෝල්, ස්ලෝ බම්පර් හැම එකම එතැනදි අපිට ආයුධයක් වෙනවා” යැයි සඳහන් කරන දසුන්, එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සදහන් කර සිටියේය, “අපි හොඳ සූදානමකින් යන්න ඔ්න. මම හිතන්නේ ඒක ගැන සියලුම ක්‍රීඩකයින්ට හොඳ අවබෝධයක් තියෙනවා. පිතිකකරණයෙන් ගත්තොත් ඉතිං පවර් ප්ලේ ඇතුළේ කොහොමද බැට් කරන තැන ඉඳලා අපි සෙටප් කළොතින්, අපේ බැටිං ලයින් අප් එකට හොදටම කරන්න පුලුවන්. පන්දු රැකීම ගත්තත් ඒ පැත්තත් හොදම තත්ත්වයේ තියෙනවා. දිගින් දිගටම මේ තත්ත්වය උඩට අරගෙන යන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ” යනුවෙනි.

මේ අතර පැයට කිලෝ මීටර 140 ට වඩා වැඩි වේගයකින් පන්දු යැවිය හැකි පන්දු යවන්නන් වන දුෂ්මන්ත චමීර සහ ළහිරු කුමාර දෙදෙනාද ආබාධ සුවවීමෙන් පසු කණ්ඩායමට එකතු වී සිටියි. මොවුන් දෙදෙනාටම ආසියානු කුසලාන තරගාවලිය නියෝජනය කිරීම අහිමිවූ බැවින් ශ්‍රී ලංකා කණ්ඩායම එම තරගාවලියට සහසභාගිවූයේ නවක වේග පන්දු යවන්නන් සිව් දෙනෙකු සමගිනි. ඒ අතර වමතින් වේග පන්දු යවන ඩිල්ෂාන් මදුශංක සහ ප්‍රමෝද් මදුශාන්, ලෝක කුසලාන තරගාවලිය සඳහා සිය ස්ථාන වෙන්කර ගැනීමට සමත්ව සිටිති. ඒ අතරින් ඩිල්ෂාන් මදුශංකට ද ළහිරු සහ දුෂ්මන්ත මෙන් පැයට කිලෝ මීටර 140 ට වඩා වේගයන් පන්දු යැවීමේ හැකියාව පවතියි.

“නායකයකු විදියට මට මාර ලොකු ඇඩ්වාන්ටේජ් එකක්. මොකද අපිට පැයට කිලෝ මීටර් 140 ට වඩා වේගයෙන් පන්දු යවන්න පුලුවන් තුන් දෙනෙක් අපේ ඉතිහාසයේම කණ්ඩායමේ ඉඳලා නෑ. දෙන්නෙක් වගේ තමයි ඉඳලා තියෙන්නේ.  මම හිතනවා එයාලගේ පන්දු යැවීමේදී භාවිතා කරන එකිනෙකට වෙනස් පන්දු යැවීමත් ඔවුන්ගේ දක්ෂතාවයත් ඔස්ටේලියානු තණතීරුවලදි ලොකු දෙයක් කිරීමට හැකියාව ලැබෙයි කියලා” යනුවෙන් දසුන් සිය විශ්වාසය පළ කර සිටියි.

“ළහිරු කුමාරයි, දුෂ්මන්ත චමීරයි දෙන්නම පුහුණුවීම් වලදී ඔවුන්ගේ උපරිමය ලබා දුන්නා. ඔවුන්ගේ සම්පූර්ණ දායකත්වය හොඳින් ඉටු කළා. මම හිතනවා ඒ දෙන්නම මේ තරගාවලිය සඳහා හොඳින්ම පෙර සූදානම් වෙලා ඉන්නවා කියලා” දසුන් කියයි.

මෙහිදී ආසියානු කුසලාන ජයග්‍රහණය, ලෝක කුසලාන තරගාවලිය සඳහා අමතර බරක් වේද යන්න දසුන්ගේ මාධ්‍යවේදීහු විමසා සිටියහ. “ඒෂියන් කප් එක ගත්තොත් ඒක තවත් එක ටූනමන්ට් එකක් විතරයි. අපි ඒක ගැන හිතලා දැන් වැඩ කරන්නේ නෑ. මොකද ඒක හිස්ටරි එකක් විතරයි. අපිට ඒක ගැන හිතලා වැඩ කළොතින් වර්තමානය සහ අනාගතයේදී හිතලා හොද දේවල් කරන්න අමතක වෙනවා. අවධානය යන්න පුලුවන්. අපි පුහුණුවීම්වලදීත් කතා වුණේ ඒ ගැන”.

“කෑම්ප් එකේදී හොද උත්සාහයක් දැම්මා හැමෝම. මම හිතුවේ ඒෂියා කප් එක දිනලා ඉන්න නිසා පොඩි රිලැක්ස් එකක් එක්ක අපේ අය පුහුණුවීම් කරයි කියලා.ා නමුත් එහෙම නෑ. හැමෝම වෙනදට වැඩි උවමනාවෙන් පුහුණුවීම් සිදු කළා. මේ ඔක්කොමත් එක්ක කණ්ඩායමක් විදියට මම විශ්වාස කරනවා, වර්ල්ඩ් කප් එකේදීත් අනිවාර්යයෙන්ම වෙනසක් කරන්න කරන්න සූදානමින් ඉන්නවා කියලා” යැයි දසුන් කුසලාන බලාපොරොත්තුව පිළිබඳව දසුන් සඳහන් කර සිටියේය.

මේ අතර ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් සදහන් කර සිටියේ සුදුසුකම් ලැබීමේ වටයකට යටත්ව තරගාවලියට යෑමට අවස්ථාවට ලැබීම කණ්ඩායමට ‘වෙස්වලාගත් ආශිර්වාදයක්’ ලෙසින් සලකන බවයි.

විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය සඳහා සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන අනුග්‍රාහක ආයතනය ලෙස මූස් ක්ලෝතින් සමාගම ඉදිරිපත්ව සිටින අතර ඒ සඳහා දෙපාර්ශ්වය අතර වූ කොන්ත්‍රාත්තුව අත්සන් කිරීමද මෙම අවස්ථාවේදී සිදුකෙරිණි. එහිදී මූස් ක්ලෝතින් ආයතනය නියෝජනය කරමින් එහි ප්‍රධාන විධායක නිලධාරී සහ බ්‍රැන්ඩික්ස් ආයතනයේ අධ්‍යක්ෂක හසීබ් ඔමාර් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නියෝජනය කරමින් ලේකම් මොහාන් ද සිල්වා යන මහත්වරුන් අතර සිදුවූහ. ඊට අමතරව ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලී ද සිල්වා මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

The post වෙනසක් කරන්න සූදානම් – දසුන් ශානක appeared first on Sri Lanka Cricket.

You may also like

- colombogazette.com

Australians and Kiwis in Sri Lanka commemorated Anzac Day, Thursday, a national day of remembrance in Australia and New Zealand.  Anzac Day broadly commemorates all Australians and New Zealanders who served and died in all wars, conflicts, and peacekeeping operations and the contribution and suffering of all those who have served. Observed on 25 April each year, Anzac […]

- adaderana.lk

The Meteorology Department has issued a Heat Index Advisory for Northern, North-central, Western, Sabaragamuwa, Eastern, Southern and North-Western provinces and Monaragala district for tomorrow (26).

- adaderana.lk

The Sri Lanka Freedom Party s (SLFP) faction led by Minister Nimal Siripala de Silva has appointed MP Duminda Dissanayake as the party s Acting General Secretary.

- colombogazette.com

Cinnamon Lakeside Colombo proudly welcomes a new era of leadership with the appointment of Nazoomi Azhar as its new General Manager. With over 25 years of experience managing renowned hotels in the United Kingdom, Mr. Azhar brings a wealth of expertise to strengthen the hotel’s legacy with a fresh perspective and commitment to excellence. Azhar’s […]

- colombogazette.com

The ICCPR Act was weaponized against freedom of expression in Sri Lanka, Amnesty International said in its Annual Report 2023/24. The report noted that in January last year, authorities arrested social media commentator Sepal Amarasinghe for comments made on YouTube deemed offensive to Buddhism. He was only released following an unconditional public apology in February. […]

- colombogazette.com

Foreign Minister Ali Sabry is scheduled to leave for Riyadh, Saudi Arabia to attend the World Economic Forum’s Special Meeting on Global Cooperation, Growth and Energy for Development which will be held in Riyadh, Saudi Arabia from 28-29 April 2024. Convened by the World Economic Forum, the Special Meeting in Riyadh is expected to bring […]

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc