තරුණයෙකු ආනාරක්ෂිත විදුලි රැහැනක ගැටී ජිවිතක්ෂයට
කළුතර, දොඩංගොඩ වඩුගොඩ ශ්රී සුමනාරාම විහරස්ථානයේ අද උදෑසන පැවති කඨින පෙරහැරේ ගිණිබෝල කරකවමින් සිටි තරුණයෙකු ආනාරක්ෂිත විදුලි රැහැනක ගැටී ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
අද උදෑසන පැවති කඨින පෙරහැර දී නෑහින්න ප්රදේශයේ දේවාලය අසල ගිණිබෝල කරකවමින් ගමන් කරමින් සිටිය දී මෙම තරුණයා එකවරම බිම ඇද වැටී තිබෙනවා. ඔහු කරකවමින් සිටි ගිණිබෝලය විදුලිය දැල්වීම සදහා ඇද තිබු අනාරක්ෂිත විදුලි රැහැනක වැදි විදුලි සැර වැදිමත් සමගයි ඔහු ඇද වැටීමට ලක් වුනේ. එම තරුණයා කළුතර රෝහලට ඇතුලත් කිරිමෙන් පසු මියගොස් තිබෙනවා. මෙලෙස මිය ගියේ වසය අවුරුදු දහතක් වන දොඩංගොඩ හමන්වත්ත ප්රදේශයේ පදිංචි තරුණයෙකුයි.
The post තරුණයෙකු ආනාරක්ෂිත විදුලි රැහැනක ගැටී ජිවිතක්ෂයට appeared first on ITN News.