දහඅටදහස් එකසියයක් ආපදාවට – සහන කටයුතු අඛණ්ඩව

- itnnews.lk

අයහපත් කාලගුණයෙන් මේ වනවිට දහඅට දහස් එකසිය විසිනව දෙනෙකු ආපදාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. නිවාස 7කට දැඩි හානි සහ නිවාස 442කට අර්ධ හානි සිදුව තිබෙනවා. දිස්ත්‍රික්ක 14 ක ආපදා සහන කටයුතු ක්‍රියාත්මකයි.

සහන කටයුතු සදහා අවශ්‍ය සියලු ප්‍රතිපාදන ජනාධිපතිවරයා ලබාදී තිබෙන බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කරන්නේ. මේ අතර ප්‍රදේශ රැසකට තවදුරටත් තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

බෙංගාල බොක්කේ අඩු පීඩන තත්ත්වය හේතුවෙන් දිවයිනේ බොහෝ ස්ථානවලට දින කීපයක් තිස්සේ මහ වැසි ඇදහැලෙනවා. ඒ හේතුවෙන් ආපදාවට ලක්වූවන් සදහා සහන කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මකයි. මේ වනවිට දිස්ත්‍රික්ක 14 ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 84 ක සහන කටයුතු ක්‍රියාත්මක බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා පවසන්නේ.  ජලය පිරිණු ස්ථානවල  පාරු පැදීම,  බැරල් පැදීම ආදිය සිදු නොකරන ලෙස ජනතාවට අවධාරණය කරනවා. විශේෂයෙන් දරුවන් පිළිබද විමසිලිමත් වන ලෙස දෙමව්පියන්ගෙන් ඉල්ලීමක් කෙරෙනවා. සහන කටයුතු සදහා 117 අංකය ඇමතීමෙන් අවශ්‍ය කටකයුතු සළසාගත හැකියි.

අධික වර්ෂාවත් සමග කළුතර දිස්ත්‍රික්කයේ පහත් බිම් රැසක් ජලයෙන් යටවී තිබෙනවා. බුලත්සිංහල,  දියකඩුව ප්‍රදේශයේ පහත් බිම් රැසක් ජලයෙන් යටවී ඇති බවයි අප වාර්තාකරුවන් පවසන්නේ. කොතරම් දැනුවත් කළ ද ජලයෙන් යටවී ඇති පහත්බිම් තීරුවල අනාරක්ෂිතව ඔරු පදින ආකාරය ද දැකගත හැකිවුණා.

අම්බලන්ගොඩ මාදම්පාගම පීටාර ගැලීම නිසා හිරේවත්ත මෝයකට කපා පුළුල් කිරීමේ කටයුතු ඊයේ ආරම්භකළා. ප්‍රදේශයේ නිවාස 59 ක පුද්ගලයින් 923 දෙනෙකු අවතැන්ව සිටින බවයි අම්බලන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පවසන්නේ. වර්ෂාවත් සමග වතුගෙදර ආනන්දාරාම විහාරස්ථානයේ චෛත්‍ය මළුවේ පැතිබැමි කඩාවැටී තිබෙනවා.

මේ අතර වැසි සමග ඇතිවන තාවකාලික තද සුළං වලින් වන අනතුරු අවම කර ගැනීමට පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට අවධාරණය කරනවා.

ප්‍රදේශ කිහිපයකට නායයාමේ අවධානම් නිවේදන නිකුත් කර තිබෙනවා. අවදානම් පස් කණ්ඩි පිළිබද සැළකිලිමත් වන ලෙසයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

 

The post දහඅටදහස් එකසියයක් ආපදාවට – සහන කටයුතු අඛණ්ඩව appeared first on ITN News.

You may also like

- adaderana.lk

President Ranil Wickremesinghe has given directives to publish a special gazette notification suspending the importation of rice to Sri Lanka with immediate effect, the Ministry of Agriculture says.

- adaderana.lk

The pollution level of the airflow from India to Sri Lanka is receding fast, the National Building Research Organization (NBRO) says.

- adaderana.lk

South Koreans are set to become one or even two years younger - at least on official paperwork.

- adaderana.lk

The severe cyclonic storm ÂMandous is likely to move west-northwestwards and cross northern Tamil-Nadu, Puducherry and South Andhra Pradesh coast over Southwest Bay of Bengal tonight (Dec 09), the Department of Meteorology says.

- island.lk

… likens it to what happened to Russia with Gorbachev reforms By Saman Indrajith Samagi Jana Balavegaya MP Patali Champika Ranawaka told Parliament yesterday that the government’s plans to restructure the Ceylon Electricity Board would certainly lead to disaster. “These privatisation plans, if permitted, would have the same consequences as the economic reforms in Russia […]

- island.lk

By Saman Indrajith President Ranil Wickremesinghe yesterday (08) told Parliament that Ceylon Electricity Board (CEB) had incurred losses to the tune of Rs 300 billion since 2013. “We increased electricity tariff in August, but we will lose Rs 150 billion this year. If there is a drought next year we will need to find Rs […]

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc