සිසුවිය 'මවක් ' කළ වැරදි වාර්තාව නිසා අසාධාරණයට ලක් වූ දැරියට යුක්තිය ඉටු කරන්නේ කෙසේද?
ආර්ථික ගැටලු නිසා පාසල් නොයන බවට මාධ්ය වෙත ප්රකාශයක් කළ අවුරුදු 13ක දැරියක ගැන තමන් ජනාධිපති ලේකම්ට යොමු කළ ලිපියේ අන්තර්ගත කරුණු නිවැරදි නොවන බව පසුව දැනගන්නට ලැබුණු බව පොළොන්නරුව දිස්ත්රික් ලේකම් ඩබ්ලිව්. ඒ. ධර්මසිරි BBC සිංහල සේවයට පැවසුවේය.