මහින්දට එරෙහි තවත් නඩුවක් විභාගයට අභියාචනාධිකරණය තීරණය කරයි
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නාගරික සංවර්ධන හා නිවාස විෂය භාර අමාත්‍යවරයා ලෙස කටයුතු කළ වකවානුවේ ඉදිකිරීම් කටයුතුවලට අදාළව නිකුත් කළ නියෝග මාලාවක් බලරහිත කරන්නැයි ඉල්ලා රිට් පෙත්සමක් ගොණු කර තිබෙනවා.එය විභාගයට ගැනීමට අභියාචනාධිකරණය තීරණය කළා.
ඒ අනුව අදාළ පෙත්සම සම්බන්ධයෙන් ජනවාරි 10 වනදා අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස හිටපු නාගරික හා නිවාස අමාත්‍ය මහින්ද රාජපක්ෂ හා වත්මන් නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග හා හිටපු රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා ඇතුළු පිරිසනට නොතීසි නිකුත කෙරුණා.
ඉංජිනේරුවරයෙකු වන කපිල රේණුක පෙරේරා මහතා ඉදිරිපත් කළ පෙත්සමක් සළකා බැලීමෙන් අනතුරුවයි අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත් කළේ. මහින්ද රාජපක්ෂ මහතා 2021 වසරේ ජුලි 8 වනදා නාගරික සංවර්ධන හා ඉදිකිරීම් කටයුතුවලට අදාළ නියෝග මාලාවක් නිකුත් කළ බව අදාළ පෙත්සමේ සඳහන්.
ඉන් මහජනතාවට අගතියක් සිදු වන බව පෙන්වා දෙන පෙත්සම්කරු මෙවැනි නියෝග නිකුත් කිරීමට විෂය භාර අමාත්‍යවරයා වශයෙන් මහින්ද රාජපක්ෂ මහතාට බලයක් නොමැති බවද අදාළ පෙත්සමෙන් තවදුරටත් පෙන්වා දී තිබෙනවා.
The post මහින්දට එරෙහි තවත් නඩුවක් විභාගයට අභියාචනාධිකරණය තීරණය කරයි appeared first on ITN News.