ශ්රී ලාංකික ශ්රමිකයින්ට සව්දියේ වැඩි වශයෙන් රැකියා අවස්ථා
ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට සව්දිඅරාබියේ ඉදිකිරීම් හා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වැඩි වශයෙන් රැකියා අවස්ථා උදාකර දීමට සව්දි රජය එකඟතාව පලකර තිබෙනවා.
සවුදිඅරාබියේ මානවසම්පත් සහ සමාජ සංවර්ධන අමාත්‍ය අහමද්බින් සුලෙයිමාන් බින් අබ්දුල් අසීස් අල්රාජ්හි හා අමාත්‍ය මනූෂ නානායක්කාර යන මහත්වරුන් අතර පැවති සාකච්ඡාවල දී මෙම එකඟතාව පළ කර තිබෙනවා.
එමෙන්ම ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන්ට ලබා දෙන වැටුප වැඩි කිරීමට ද සවුදි රජයේ අවධානය යොමු වී ඇති බවයි මෙම සාකච්ඡාවේ දී අනාවරණය වුනේ. ඉදිකිරීම් ක්ෂේත්‍රයට හා සෞඛ්‍ය අංශවල රැකියා සදහා බදවාගැනීම් සිදු කිරිමේ දී ද්විපාර්ශික කමිටු දෙකක් පත් කිරිමටත් සාකච්ඡාවේ දී තීරණය වුණා.
එමෙන්ම සවුදිරැකියා ලබා දිමේ දී සිදුවන අක්‍රමිතතා සොයා බැලීම සදහා ද විශේෂ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කිරිමටයි දෙරටේ එකඟතාව පලවී ඇත්තේ.
The post ශ්රී ලාංකික ශ්රමිකයින්ට සව්දියේ වැඩි වශයෙන් රැකියා අවස්ථා appeared first on ITN News.