මාල දිවයිනේ ඇති වූ ගින්නකින් 10 දෙනෙකු මිය යයි
මාල දිවයිනේ ඇති වූ ගින්නකින් ඉන්දියානු ජාතිකයන් 9 දෙනෙකු ඇතුළු පුද්ගලයන් 10 දෙනෙකු මිය ගොස් තිබෙනවා.
මාලදිවයිනේ මාලේ නුවර විදේශ ශ්‍රමිකයන් ලැගුම් ගෙන සිටි ස්ථානයක ඇති වූ ගින්නකින් මෙම අනතුර සිදු වී තිබෙනවා. තවත් විශාල පිරිසක් සිද්ධියෙන් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ගිනිගැනීමට ලක් වූ ගොඩනැගිල්ලේ ඉහළ මාලයේ සිටි පිරිසයි මෙලෙස ජීවිතක්ෂයට පත් ව ඇත්තේ.
ගොඩනැගිල්ලේ ගරාජයේ ඇති වූ ගින්නක් මෙලෙස පැතිරී ගොස් තිබෙනවා. මාලදිවයින් ජනාධිපති ඉබ්රාහිම් මොහොමඩ් සොලිහ් සදහන් කර ඇත්තේ සිද්ධීය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි.
The post මාල දිවයිනේ ඇති වූ ගින්නකින් 10 දෙනෙකු මිය යයි appeared first on ITN News.