අයිස් මත්ද්රව්ය සමඟ සැකකරුවෙකු අත්අඩංගුව
රුපියල් එක්ලක්ෂ විසිදහසකට අධික වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙකු කොළඹ 15 මෝදර වීථිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැණුනා.
පොලිස් විශේෂ කාර්ය බලකායේ බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන්ට ලැබුණ තොරතුරකට අනුවයි වැටලීම සිදුකෙරුණේ. මෙහිදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10 යි මිලිග්‍රෑම් 150 ක් අත්අඩංගුවට ගැණුනා.
මේවා ළග තබාගෙන සිටි කොළඹ 15 මෝදර වීථියේ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 26 ක සැකකරුවෙකු ද අත්අඩංගුවට ගැණුනා. සැකකරු වැඩිදුර විමර්ශන සදහා මෝදර පොලීසියට භාරදී තිබෙනවා.
මේ අතර ඉන්දියාවේ සිට හොර රහසේ මෙරටට රැගෙන ආ රුපියල් ලක්ෂ 13 කට අධික වටිනාකමකින් යුත් කේරල ගංජා තොගයක් ද පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගත්තා. එම බලකායේ පරයනාලන්ම්කුලම් කදවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව කිලිනොච්චිය වට්ටකච්චි ප්‍ර දේශයේ යිදී මේවා අත්අඩංගුවට ගෙන ඇත්තේ. සැකකරු කලක් පුරා මෙම ජාවාරමේ නිරතව තිබෙනවා.
The post අයිස් මත්ද්රව්ය සමඟ සැකකරුවෙකු අත්අඩංගුව appeared first on ITN News.