ජෝ බයිඩ්න් අද කාම්බෝජයට
ආසියාන් සමුළුවට සහභාගී වීම සදහා ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් අද කාම්බෝජයට පැමිණ තිබෙනවා.
ඇමෙරිකා ජනාධිපතිවරයාට අමතරව ජපන් අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා, ඕස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ඇන්තනී අල්බෙනීස් මෙන්ම චීන අග්‍රාමාත්‍ය ලී කෙකියෑන් සහ දකුණු කොරියා ජනාධිපති යූන් සුක්යොල් ආදි ලොව ප්‍රබල රාජ්‍ය නායකයන් මෙම සමුළුවට එක්වනවා.
අග්නිදිග ආසියා කලාපයට බලපාන වැදගත් ආර්ථික කරුණු ආසියානු සමුළුවේදී සාකච්ඡාවට ලක්වීමට නියමිතයි.
ජෝ බයිඩ්න් මි ළගට ජී විස්ස සමුළුව සදහා ඉන්දුනීසියාවේ බාලි දූපතට යාමට සැලසුම් කර තිබෙනවා. එහිදී චීන ජනාධිපති ෂී ජින් පින් ලබන සදුදා දිනයේදී හමුවීමටද ඇමෙරිකා ජනාධිපතිවරයා කටයුතු කරනු ඇති.
The post ජෝ බයිඩ්න් අද කාම්බෝජයට appeared first on ITN News.