මෙරට කාන්තාවන් ඕමානයට විකිණීමේ ජාවාරම ගැන තවත් තොරතුරු
රැකියා සඳහා විදෙස්ගත වන ශ්රී ලාංකික කාන්තාවන් විකිණීමේ සිද්ධියට අදාළව එල්ලවී ඇති චෝදනා මත වැඩ තහනම් කර සිටින ඕමානයේ ශ්රී ලංකා තානාපති කාර්යාලයේ තෙවැනි ලේකම් ඊ. කුෂාන් 'අද දෙරණ' ට ඊයේ (21) පැවසුවේ ඕමානයේදී කාන්තාවන් ගණිකා සේවයට යොමුකර ඇත්තේ ශ්රී ලාංකික කාන්තාවන් දෙදෙනෙකු විසින් බවය.