රුසියාවේ ගෑස් නිසා ශිත සෘතුවේ දි යුක්රේන වැසියන්ගේ ජිවිත අනතුරේ
ශිත සෘතුව එළඹිමත් සමඟ යුක්රේන වැසියන්ගේ ජිවිත අන්තරාදායක තත්ත්වයකට පත්ව ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කරනවා.
යුක්රේන වැසියන් මිලියන 3කට අධික සංඛ්‍යාවක් ආරක්ෂිත හා උෂ්ණත්වය සහිත ප්‍රදේශ කරා ගමන් කර ඇති බව ද සදහන්.
රුසියාව යුරෝපයට ගෑස් සැපයීම සීමා කිරිමත් සමග ශිත සෘතුවේ දි යුරෝපා කලාපයේ ජනතාව දැඩි පීඩනයකට මුහුණ දි සිටින බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ. ඒ අතරින් යුක්රේන ජනතාවගේ ජිවිත දැඩි අවධානමකට ලක්ව ඇති බව ද එම සංවිධානය පවසනවා. එමෙන්ම යුක්රේනයේ බලාගාර ඉලක්ක කර ගනිමින් රුසියාව මිසයිල ප්‍රහාර දියත් කිරිමත් සමග විදුලි හා ජල අර්බුදයක් ද හට ගෙන ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය සදහන් කරන්නේ. ඉදිරි කාලය තුළ දි යුක්රේනයේ ඇතැම් ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක සෘණ 20 තරම් පහළ අගයක් ගනු ඇති බවට අනාවැකි පළවනවා.
මේ අතර යුක්රේනයේ කර්සන් හා මයිකෝලයිව් යන ප්‍රදේශයන්හි වැසියන් ඉන් ඉවත් කිරීම ආරම්භකර තිබෙනවා. රුසියා පාලනයට නතුව තිබි පසුගිය සති කිහිපය තුළ දි කර්සන් හා මයිකෝලයිව් යන ප්‍රදේශ යළිත් වරක් යුක්රේන ආරක්ෂක අංශ අත්පත් කර ගත්තා. එම ප්‍රදේශවල විදුලි බලය හා ජලය නොමැති විම හේතුවෙනුයි එම වැසියන් ඉන් ඉවත් කිරිමට පියවර ගෙන ඇත්තේ. ශිත සෘතුවේදි අවශ්‍ය උෂ්ණත්වය සපයා ගැනිමට විදුලි බලය නොමැති වීම එම ජනතාව මුහුණ දි සිටින ප්‍රධානම ගැටලුව වනවා. එම ජනතාව ඉවත් කිරිමට අවශ්‍ය සියලු පහසුකම් රජය ලබාදෙන අතර ළමු කාන්තාවන් හා වයස්ගත පුද්ගලයින්ට ප්‍රමුඛතාව හිමිවන බවයි යුක්රේන රජය නිවේදනය කරන්නේ.
The post රුසියාවේ ගෑස් නිසා ශිත සෘතුවේ දි යුක්රේන වැසියන්ගේ ජිවිත අනතුරේ appeared first on ITN News.