දූෂණ මර්ධන අංශයේ ප්රධානියාට ශ්රී ලංකාවෙන් ඇරයුමක්
පාකිස්තානු පිලේ ශ්‍රී ලංකා තරග සංචාරය අතරතුරදී තරග පාවාදීම් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු විසින් සිදුකරන ලද චෝදනාව විමර්ශනය කිරීම සඳහා අන්තර්ජාතික ක්‍රිකට් සබාවේ දූෂණ මර්දන ඒකකයේ සාමාන්‍යාධිකාරීවරයා වන ඇලෙක්ස් මාර්ෂල් මහතාට ශ්‍රී ලංකාවට ආරාධනා කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව අද (23 දා) තීරණය කළේය .
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යනු අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ පූර්ණ සාමාජිකයකු ලෙස ජාතික හා ජාත්‍යන්තර මට්ටමින් ක්‍රීඩාවේ අඛන්ඩතාව ආරක්ෂා කිරීමට බැඳී සිටින ආයතනයක් වන අතර ඉහත සඳහන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විසින් මෑ කාලයේ සිදුකරන ලද චෝදනා සම්බන්ධයෙන් ගත හැකි නිවැරදිම ක්‍රියාමාර්ගය මෙය බව ශ්‍රී ලංකා ක්‍රිකට් විශ්වාසය පළ කරයි. එම ප්‍රකාශය හරහා ශ්‍රී ලංකා ක්‍රිකට් සහ එහි පාර්ශ්වකරුවන්ගේ කීර්තිනාමයට විශාල හානියක් සිදුවන බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විශ්වාසයයි.
The post දූෂණ මර්ධන අංශයේ ප්රධානියාට ශ්රී ලංකාවෙන් ඇරයුමක් appeared first on Sri Lanka Cricket.