දුමින්දට සමාව දුන්නාට ගෝඨාභයට නොතීසි
මරණ දඩුවම නියමව සිටි හිටපු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට ජනාධිපති සමාව ලබාදීම සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ශ්‍රේෂ්ඨාධිකරණය අද නොතීසි නිකුත් කළා.
හිටපු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙනුයි දුමින්ද සිල්වා මහතාට මරණ දඩුවම නියමව සිටියේ.
දුමින්ද සිල්වා මහතාට ජනාධිපති සමාව ප්‍රදානය කරමින් ඔහු නිදහස් කිරීමට ගත් තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ගොණුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් කරුණු දැක්වීමටයි ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත නොතීසි නිකුත් කෙරුණේ. ඒ අනුව ලබන මස 16 වනදා කරුණු දක්වන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නොතීසි නිකුත් කළා.
දුමින්ද සිල්වා මහතාට ප්‍රදානය කර ඇති ජනාධිපති සමාව බලරහිත කරන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ දියණිය හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සහ බිරිද සුමනා ප්‍රේමචන්ද්‍ර යන අය ඇතුළු කිහිප දෙනෙකු මෙම පෙත්සම් ගොණු කර තිබුණා.
මෙම පෙත්සම්වලට අදාළව මීට පෙර මෝසමක් ගොණු කළ පෙත්සම්කාර පාර්ශ්වය එහි වගඋත්තරකරුවකු ලෙස හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නම් කිරීමට අවසර ලබා දෙන ලෙස ඉල්ලීමක් කළා.
එම ඉල්ලීම පිලිගනිමිනුයි ශ්‍රේෂ්ඨාධිකරණය ඔහුට නොතීසි නිකුත් කළේ. නඩු විභාගය අතරතුර සුමනා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ නීතිඥවරයා කියා සිටියේ ගෝඨාභය රාපක්ෂ මහතාගේ මිරිහානේ නිවසට නොතීසි යැව්වද එය ආපසු හරවා එවා ඇති බවයි.
අනතුරුව පෙත්සම් දෙසැම්බර් 16 යලි කැදවීමට ද නියෝග කෙරුණා. පෙත්සම්කරුවන් පවසන්නේ දුමින්ද සිල්වා මහතාට ජනාධිපති සමාව ප්‍රදානය කිරීමේදී අනුගමනය කළ යුතු නීතිමය ප්‍රතිපාදන අනුගමනය කර නොමැති බවයි. එබැවින් එම සමාව බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ද ඔවුන් ඉල්ලා සිටිනවා.
The post දුමින්දට සමාව දුන්නාට ගෝඨාභයට නොතීසි appeared first on ITN News.