අන්වර් ඊබ්රාහිම් මැලේසියාවේ අග්රාමාත්ය ධුරයට
මැලේසියාවේ අග්රාමාත්ය ධුරයට විපක්ෂ නායක අන්වර් ඊබ්‍රාහිම් පත් වී තිබෙනවා.
මහ මැතිවරණය පවත්වා දින කිහිපයක් ගත වීමෙන් පසුවයි අග්‍රාමාත්‍ය ධූරය සඳහා අන්වර් ඊබ්‍රාහිම් නම් කර ඇත්තේ. සුල්තාන් අබ්දුල්ලා රජු විසින් නව අග්‍රාමාත්‍යවරයාගේ නම ප්‍රකාශයට පත් කළා.
අන්වර් ඊබ්‍රාහිම් හෝ හිටපු අග්‍රාමාත්‍ය මුහිද්දීන් යාසින් ආණ්ඩුවක් පිහිටුවීමට අවශ්‍ය පැහැදිලි බහුතරයක් මෙවර මැතිවරණයෙන් ලබා ගැනීමට සමත් වූයේ නැහැ.
කෙසේවෙතත්, පාර්ලිමේන්තුවේ වැඩි අසුන් සංඛ්‍යාවක් ලැබීමේ පදනම මත ඊබ්‍රාහිම් අග්‍රාමාත්‍ය ධුරයට පත් කර තිබෙනවා. ඔහු අද දිනයේ දී රජු ඉදිරියේ දී දිවුරුම් දීමට නියමිතයි.
The post අන්වර් ඊබ්රාහිම් මැලේසියාවේ අග්රාමාත්ය ධුරයට appeared first on ITN News.