දිඹුලාගල ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගොවීන් 900 දෙනෙකුට මූල්යාධාර
දිඹුලාගල ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගොවීන් 900 දෙනෙකු සදහා මූල්‍යාධාර බෙදාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරුණා.
මෙවර මහ කන්නයේ ප්‍රදේශයේ කුඹුරු හෙක්ටාරයකින් වී කිලෝග්‍රෑම් 6000 ත් 7000 ත් අතර අස්වැන්නක් බලාපොරොත්තුවෙන් මෙසේ කෘෂිකාර්මික කටයුතු වෙනුවෙන් ආධාරලබාදීම සිදු වුණා.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කුඩා පරිමාන කෘෂි ව්‍යාපාර සහභාගීත්ව වැඩසටහන යටතේයි මෙසේ ආධාර ලබාදිම සිදු කර ඇත්තේ. ඉතා අඩු පොලී අනුපාත යටතේ කෘෂි ආධාර ලබාදීම සිදු වුණා.
අස්වනු නෙලීමෙන් පසු ලබා ගත් මුදල පියවීමේ ක්‍රමය යටතේ මෙම දිරිගැන්වීම සිදු වූ බවයි කෘෂි නිලධාරීන් පවසන්නේ.
The post දිඹුලාගල ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගොවීන් 900 දෙනෙකුට මූල්යාධාර appeared first on ITN News.