රාජ්ය මර්දනයට එරෙහිව නැගී සිටිමු: ජනතාව වෙත කැඳවීමක්

- colombotelegraph.com

නිදහසින් පසු ආණ්ඩුවේ කුරිරු පාලනයට එරෙහිව මිනිසුන්ගේ වඩාත්ම විස්මය ඇති කරන නැගිටීම 2022දී දැක ගැනීමට හැකි විය. විනාශකාරී ආර්ථික අර්බුදයක් මධ්‍යයේ ජනතාව වැඩි ප්‍රජාතන්ත්‍රවාදයක් ඉල්ලා දූෂණයට, වැරදි පාලන ක්‍රමයට සහ ආර්ථික අවපාලනයට එරෙහිව හඬ නැගූහ. දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීම සහ ආර්ථික වගවීම සඳහා වූ ජනතා ඉල්ලීමට අවනත වෙනවා වෙනුවට ආණ්ඩුව ඊට ප්‍රතිචාර දක්වා ඇත්තේ මර්දනයෙනි. විරෝධතාකරුවන්ට එරෙහිව රාජ්‍ය මර්දනයේ අරමුණ වන්නේ පරිපාලනය සම්බන්ධයෙන් මෙන්ම රාජ්‍ය වැය අඩු කිරීමේ ප්‍රතිපත්ති මඟින් ඇතිකොට ඇති දැඩි දුෂ්කරතා සහ දුක් වේදනා සම්බන්ධයෙන් මහජන අතෘප්තිය ප්‍රකාශ කිරීම වැලැක්වීම යි.

ජනතාවගේ පරමාධිපත්‍යය පිළිගන්නා ලෙසත්, විරෝධතාකරුවන්ට හිංසා පීඩා කිරීම නවත්වන ලෙසත්, සියලු‍ම පුරවැසියන්ගේ, විශේෂයෙන්ම ආන්තික හා අවදානමට ලක්විය හැකි ප්‍රජාවන්ගේ සිවිල්, දේශපාලනික සහ ආර්ථික අයිතීන් සහතික කරන ලෙසත් මේ යටතේ අත්සන් තබා ඇති අපි රජයෙන් ඉල්ලා සිටිමු. දැන් අප මුහුණ දෙන බහුවිධ, අන්තර් සම්බන්ධිත දේශපාලන හා ආර්ථික අර්බුද, වැඩි අධිකාරීවාදයක් කරා යන ගමනකින් විසඳිය නොහැකිය. ඒ සඳහා විසඳුම් සෙවිය යුත්තේ නිර්මාණය කර ඇති ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයට ජනතාව අඛණ්ඩව සම්බන්ධ වීම තුළින් සහ රටේ පුරවැසියන් සමඟ කටයුතු කිරීමට කැමති පරිපාලනයක් හරහාය.

ආරක්ෂක රාජ්‍යය

ආරම්භයේ සිටම, ශ්‍රී ලංකාවේ පශ්චාත් යටත් විජිත රාජ්‍යයේ ක්‍රියාකාරීත්වය සඳහා ප්‍රධාන වූයේ රාජ්‍ය ආරක්ෂාව සහ එහි මර්දනකාරී අවිය. දකුණේ කැරලි සහ උතුරේ සහ නැගෙනහිර සටන්කාමීත්වයේ නැගීම මෙන්ම වසර 30 කට ආසන්න කාලයක් පැවති දිග්ගැස්සුනු යුද්ධය, රාජ්‍ය මර්දනකාරීත්වය නීත්‍යානුකූල කිරීම සඳහා යොදා ගන්නා ලදී. සර්ව බලධාරී විධායක ජනාධිපති ක්‍රමය (1978), ප්‍රශ්නකාරී නීති සහ ක්‍රියාවන්ට කඩිනම් අවසරය ලබා දීමේ මෙවලමක් ලෙස විධායක බලතල එක් නිලයකට දැඩි ලෙස සංකේන්ද්‍රණය කිරීම මගින් කරුණු සංකීර්ණ කළේය.
1979 දී ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත (ඡඕ) හඳුන්වා දෙන ලද අතර, නීති විරෝධී ක්‍රියාකාරකම් වල යෙදී සිටීමේ නොපැහැදිලි හේතූන් මත වරෙන්තුවක් නොමැතිව ඕනෑම අයෙකු අත්අඩංගුවට ගෙන මාස 18 ක් දක්වා කාලයක් අධිකරණයට ඉදිරිපත් නොකර රඳවා තබා ගැනීමට රජයට පුළුල් බලතල ලබා දුන්නේය. මෙම පදනම මත අත්අඩංගුවට ගත්තවුන් බොහෝ පිරිසක් ඇත්තෙන්ම සාධාරණ නඩු විභාගයකින් තොරව දශක ගණනාවක් සිරගත කිරීමද සිදුවිය. එක් දිනක් ඇතුළත පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කර, විවාද කර, නීතිගත කරන ලද ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත දෙමළ සටන්කාමීත්වයේ රැල්ල නැවැත්වීමට ගත් ”‍තාවකාලික”‍ පියවරක් විය. එය තවත් සංවිධිත මර්දන ක්‍රම කිහිපයක් හා අනුබද්ධ වූවක් විය. අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවට (ක්‍ෂෘ) අමතරව, පොලිස් විශේෂ කාර්ය බළකාය (ීඔත්‍) සහ ත්‍රස්ත විමර්ශන අංශය (ඔෂඊ) වැනි ඒකක, රාජ්‍යයේ වැඩි ආරක්ෂකකරණය සහ මිලිටරිකරණයට මග පෑදීය. යුද්ධයේ සහ නොසන්සුන්තාවයේ දිගු වසරවලදී, මිලිටරිකරණය සමාජයේ මූලික ව්‍යුහය තුළට කාන්දු විය.

පශ්චාත් යුධ සමය සහ පශ්චාත් පාස්කු බෝම්බ සමය

අද අප දකින දේ සඳහා සැකිල්ල පශ්චාත් යුධ සමයේ දී රාජ්‍යය සුළු ජාතීන් ඉලක්ක කර ගනිමින් දිගින් දිගටම ක්‍රියා කිරීම හේතුකොටගෙන හැඩගැසී ඇත. අව්‍යාජ සංහිඳියාවක් සහ බලය බෙදාගැනීමක් හඹා යෑම වෙනුවට රාජ්‍යය විසින් උතුරු හා නැගෙනහිර සිය මිලිටරි යාන්ත්‍රණය ශක්තිමත් කළේය. මෙමගින් අධි ආරක්‍ෂිත කලාප රඳවා තබා ගැනීමටත්, මිනිසුන්ට තම නිවෙස්වලට සහ ජීවනෝපාය වෙත ආපසු යාම වැළැක්වීමටත්, ආරක්‍ෂාව හෝ සංවර්ධනයේ ඉඩම් කොල්ලය සක්‍රීය කිරීමටත් ඉඩ සලසා ඇත. 2019 අප්‍රේල් මාසයේ පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් පුද්ගලයන් 270 දෙනෙකුට පමණ ජීවිත අහිමි වූ පසු, ත්‍රස්ත විරෝධී ව්‍යාපාර මුස්ලිම් තරුණයින් ඉලක්ක කර ගත්තේය. රාජ්‍ය ආරක්‍ෂාවේ මර්දනකාරී ආයුධවලින් මුස්ලිම් ප්‍රජාවට ප්‍රහාරයක් එල්ල වීමත් සමඟ ඔවුන් තුළ ත්‍රාසය සහ භීතිය ඇති විය. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මගින් අත්තනෝමතික ලෙස දන්නා සහ නොදන්නා පුද්ගලයන් ඉතා දුර්වල චෝදනා මත අත්අඩංගුවට ගෙන සිරකර තැබීම සිදු විය. හෙජාස් හිස්බුල්ලාහ් සහ අහ්නාෆ් ජසීම් අත්අඩංගුවට ගැනීම සහ රඳවා තබා ගැනීම යුක්තිය පිළිබඳ සියලු‍ උත්සාහයන් දැඩි ලෙස උල්ලංඝනය කිරීම සඳහා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිතා කරන ආකාරය පෙන්නුම් කරන අවස්ථා දෙකක් පමණි.

මේ සම්බන්ධයෙන් කලින් වූ සිදුවීමක් ප්‍රමාණවත් මහජන අවධානයට ලක් නොවීය. ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් මැඩලීමට පියවර ගන්නා ලෙස සාමාජික රටවලින් ඉල්ලා සිටින එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ අංක 1373 යෝජනාවට අනුකූලවල ශ්‍රී ලංකා රජය 2020 දී ත්‍රස්තවාදී සැකකරුවන් ලෙස පුද්ගලයන් 300ක් හඳුනා ගනිමින් නම් ලැයිස්තුවක් සකස් කළේය. ලැයිස්තුවේ නම් කර ඇති අති බහුතරය මුස්ලිම් සහ දෙමළ ජාතිකයන්ය. ඉන් ඇතැමුන් සැක කටයුතු ක්‍රියාකාරකමක නිරත වූ බවට සැක කෙරෙන කාලසීමාව තුළ පවා කල් ගෙවා ඇත්තේ සිර මැදිරි වලය. ලැයිස්තුවට ඇතුළත් වූ පුද්ගලයන් අනේකවිධ දුෂ්කරතාවන්ට මුහුණ දෙති: ඔවුන් තවදුරටත් ඔවුන්ගේ මූල්‍ය වත්කම්වලට ප්‍රවේශය භුක්ති නොවිඳින අතර නැවත එවැනි ප්‍රවේශයක් ලබා ගැනීමට අපේක්ෂා කළ හැක්කේ කවදාද යන්න පිළිබඳවද ඇඟවීමක් නොමැත. ඔවුන්ගේ මූල්‍ය වත්කම් ඔවුන්ට තහනම් නිසා ඔවුන්ට නීතිමය පිළිසරණක් පැතිය නොහැක. ලැයිස්තුවට ඇතුළත් වීමේ අපකීර්තිය හේතුවෙන් ඔවුන්ගේ රැකියා සම්බන්ධයෙන්ද ගැටළු ඇති වී තිබේ. විෂමාචාරය පිළිබඳ කිසිදු සාක්ෂියක් නොමැති වුවද, සිදු වීමට සම්භාවිතාවක් ඇති දණ්ඩනීය ක්‍රියාමාර්ගවල තර්ජනය සමඟ ඔවුන් නිරන්තර සෝදිසියට යටත්ව ජීවත් වේ.

පුනරුත්ථාපන කාර්යාංශ පනත් කෙටුම්පත

පුනරුත්ථාපන කාර්යාංශ පනත් කෙටුම්පත රාජ්‍යය විසින් මර්දනය අනුමත කිරීමට උත්සාහ කරන නීති මාලාවක නවතම පියවරක් වන අතර, එය හුදෙකලාව නොබැලිය යුතුය. අප එය තේරුම් ගන්නේ රාජ්‍ය අරක්ෂකකරණය පිළිබඳ වඩා පුළුල් ක්‍රියාවලියක කොටසක් ලෙසය. පනත් කෙටුම්පතේ පුළුල් පරාසය තුළ ”‍මත්ද්‍රව්‍ය මත යැපෙන පුද්ගලයන්, හිටපු සටන්කරුවන්, ප්‍රචණ්ඩ අන්තවාදී කණ්ඩායම්වල සාමාජිකයන් සහ වෙනත් ඕනෑම පුද්ගල කණ්ඩායමක්”‍ ප්‍රමාණවත් හේතු දැක්වීමකින් තොරව අනිවාර්ය රැඳවුම් භාරයට යැවීමට ඉඩ සලසයි.

”‍හිටපු සටන්කාමීන්”‍ සහ ”‍වෙනත් ඕනෑම පුද්ගලයෙකු”‍ පිළිබඳ සඳහන් කිරීම වැනි පනත් කෙටුම්පතේ ඇතැම් විධිවිධාන ව්‍යවස්ථා විරෝධී බව ශේෂ්ඨාධිකරණය තීන්දු කර ඇතත්, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම සාපරාධීකරණය කිරීම ගැටලු‍වක් නොවන සේ සැළකීම තුළ පැහැදිලි වන්නේ නීතිය වුවද ප්‍රශ්න කිරීමකින් තොරව නොපිළිගත යුතු බවය. එහි දරුණු භාවය නිසා ඕනෑම පුද්ගලයකු රඳවා තබා ගැනීමට ඉඩ සැලසෙන අතර, මත්ද්‍රව්‍ය අනිසි භාවිතය, සන්නද්ධ ක්‍රියාකාරකම්වල අතීත මැදිහත්වීම් සහ ප්‍රචණ්ඩ අන්තවාදය සාධාරණ ලෙස තහවුරු කළ හැකි ක්‍රියා පටිපාටීන් එහි සඳහන් නොවේ. එය මෑතදී ප්‍රකට වූ අප සමාජයේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාකාරීත්වය සාපරාධීකරණයට ඉඩ තබයි. එම නිසා මේ පනත් කෙටුම්පත සම්පූර්ණයෙන්ම අහෝසි කළ යුතුය.

මර්දනයේ වත්මන් මොහොත

අද බොහෝ පුද්ගලයන් අත්අඩංගුවට ගෙන රැඳවුම් භාරයේ තබා ඇත. රාජ්‍යයේ නිරීක්ෂණ ඇස ජනතා ව්‍යාපාරයක් වන අරගලයේ කේන්ද්‍රීය යැයි සැලකෙන අය වෙත හැරී ඇත. ශිෂ්‍යයන් ඇතුළු රාජ්‍ය ප්‍රචණ්ඩත්වයට එරෙහිව නැගී සිටි අය, වීදිවලින් පැහැරගෙන, රැඳවුම් භාරයේ අඳුරු කොන වෙත යවනු ලැබේ.
අප මේ සිටින්නේ පොලිස් රාජ්‍යයක අයාගත් මුව අබියසය. අපගේ හඬ නැවත ලබා ගත යුතු අතර, විසම්මුතිය, ප්‍රතිරෝධය සහ ප්‍රජාතන්ත්‍රවාදී

ක්‍රියාමාර්ග නිශ්ශබ්ද කිරීමට සැලසුම් කර ඇති සියලු‍ම මර්දන ක්‍රියා සහ සියලු‍ නීතිමය උපාය මෙහෙයුම් වලට එරෙහිව නැගී සිටිය යුතුය. මේ මොහොතේ පුරවැසියන් වන අප සතුව පවතින කාර්යභාරය වන්නේ අත්තනෝමතික මර්දනයට තිත තැබීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය නැවත ලබා ගැනීමයි. ප්‍රජාතන්ත්‍රවාදී සහභාගීත්වය තුළින්, සංවාදයෙන්, විරෝධතාවලින් සහ ඡන්දයෙන් පමණි ශ්‍රී ලංකාවේ සියලු‍ම ජනතාවගේ අවශ්‍යතා ආමන්ත්‍රණය වන පරිදි පවතින දැවැන්ත ආර්ථික හා දේශපාලන අර්බුදයට විසඳුම් ලබා දිය හැක්කේ.

අත්සන් තැබූයේ:

  1. Ranil Abayasekara,  formerly University of Peradeniya
  2. Udari Abeyasinghe, University of Peradeniya
  3. Asha L. Abeyasekera, formerly University of Colombo
  4. M.M. Alikhan, University of Peradeniya
  5. Liyanage Amarakeerthi, University of Peradeniya
  6. Fazeeha Azmi, M. I., University of Peradeniya
  7. Crystal Baines. formerly, University of Colombo
  8. Navaratne Banda  Formerly University of Peradeniya
  9. Visakesa Chandrasekaram, University of Colombo
  10. Erandika de Silva, University of Jaffna
  11. Nadeesh De Silva, the Open University of Sri Lanka
  12. Nirmal Dewasiri, University of Colombo
  13. Kanchuka Dharmasiri, University of Peradeniya
  14. Priyan Dias, Emeritus Professor, University of Moratuwa
  15. Avanka Fernando, University of Colombo
  16. Priyantha Fonseka, University of Peradeniya
  17. Savitri Goonesekere, Emeritus Professor of Law 
  18. Camena Guneratne, Open University of Sri Lanka
  19. Dileni Gunewardena, University of Peradeniya
  20. Farzana Haniffa, University of Colombo
  21. Shyamani Hettiarachchi, University of Kelaniya
  22. Gayathri Hewagama, Visiting Lecturer, University of Peradeniya
  23. Charudaththe B. Illangasinghe, University of the Visual and Performing Arts
  24. Prabhath Jayasinghe, University of Colombo
  25. Theshani Jayasooriya, University of Peradeniya
  26. M. W. A. P. Jayatilaka, Retired, University of Peradeniya
  27. Barana Jayawardana, University of Peradeniya
  28. Pavithra Jayawardena, University of Colombo
  29. Ahilan Kadirgamar, University of Jaffna
  30. Anushka Kahandagamage, formerly University of Colombo
  31. Pavithra Kailasapathy, University of Colombo
  32. Maduranga Kalugampitiya, University of Peradeniya
  33. A. K. Karunarathne, University of Peradeniya
  34. Madara Karunarathne, University of Peradeniya
  35. Chulani Kodikara, Visiting Lecturer, Faculty of Graduate Studies, University of Colombo
  36. Pradeepa Korale Gedara, University of Peradeniya
  37. Savitri Nimal Kumar, University of Peradeniya
  38. Ramya Kumar, University of Jaffna
  39. Shamala Kumar, University of Peradeniya
  40. Vijaya Kumar, Emeritus Professor, University of Peradeniya
  41. Amal Kumarage, University of Moratuwa
  42. Aminda Lakmal, University of Sri Jayewardenepura
  43. Rohan Laksiri, University of Ruhuna
  44. Abdul Haq Lareena, Sabaragamuwa University
  45. Hasini Lecamwasam, University of Peradeniya
  46. Kamala Liyanage, Professor Emerita, University of Peradeniya
  47. Nethmie Liyanage, University of Peradeniya
  48. Sachini Marasinghe, University of Peradeniya
  49. Tharinda Mallawaarachchi, University of Colombo
  50. Sudesh Mantillake, University of Peradeniya
  51. Prabha Manuratne, University of Kelaniya
  52. Mahim Mendis, Open University of Sri Lanka
  53. Rumala Morel,  University of Peradeniya
  54. Sitralega Maunaguru, retired formerly Eastern University of Sri Lanka
  55. Kethakie Nagahawatte, University of Colombo
  56. Sabreena Niles, University of Kelaniya
  57. M. A. Nuhman, formerly University of Jaffna
  58. Gananath Obeyesekere, formerly University of Peradeniya
  59. Ranjini Obeyesekere, formerly University of Peradeniya
  60. Arjuna Parakrama, University of Peradeniya
  61. Sasinindu Patabendige, University of Jaffna
  62. Pradeep Peiris, University of Colombo
  63. Kaushalya Perera, University of Colombo
  64. Nicola Perera, University of Colombo
  65. Ramindu Perera, The Open University of Sri Lanka
  66. Ruhanie Perera, University of Colombo
  67. Sampath Rajapaksa, University of Kelaniya
  68. Ramesh Ramasamy, University of Peradeniya
  69. Harshana Rambukwella, The Open University of Sri Lanka
  70. Rajitha Ranasinghe, University of Peradeniya
  71. Rupika Subashini Rajakaruna, University of Peradeniya
  72. Aruni Samarakoon, University of Ruhuna
  73. Athula Siri Samarakoon, The Open University of Sri Lanka
  74. Dinesha Samararatne, University of Colombo
  75. Unnathi Samaraweera, University of Colombo
  76. T. Sanathanan, University of Jaffna
  77. Samitha Senanayake, formerly University of Peradeniya
  78. Kalana Senaratne, University of Peradeniya
  79. Anusha Sivalingam, University of Colombo
  80. H. Sriyananda, Emeritus Professor, the Open University of Sri Lanka
  81. Sivamohan Sumathy, University of Peradeniya
  82. Hiniduma Sunil Senavi, University of Sabaragamuwa
  83. Esther Surenthiraraj, University of Colombo
  84. V. Thevanesam, Emeritus Professor, University of Peradeniya
  85. Dayapala Thiranagama, formerly University of Kelaniya
  86. Mahendran Thiruvarangan, University of Jaffna
  87. Deepika Udagama, University of Peradeniya
  88. Ramila Usoof, University of Peradeniya
  89. Jayadeva Uyangoda, Professor Emeritus in Political Science, University of Colombo
  90. Vivimarie Vanderpoorten, Open University of Sri Lanka
  91. Ruvan Weerasinghe, University of Colombo
  92. Nira Wickramasinghe, formerly, University of Colombo
  93. Ranjit Wijekoon, formerly University of Peradeniya
  94. Dinuka Wijetunga, University of Colombo

 

The post රාජ්ය මර්දනයට එරෙහිව නැගී සිටිමු: ජනතාව වෙත කැඳවීමක් appeared first on Colombo Telegraph.

You may also like

- island.lk

Travis Head and Steve Smith feasted on India’s wayward attack in what weren’t easy batting conditions to put Australia in the box seat of the World Test Championship final by the end of day one at The Oval. Head stroked his way to his first century outside Australia, and Smith was five short of his […]

- adaderana.lk

President Ranil Wickremesinghe has announced plans to establish a Digital Promotion Agency aimed at developing computer applications for the collection and monitoring of data from various government entities in Sri Lanka.

- adaderana.lk

The Chairman of the Committee on Public Enterprise (COPE) Prof. Ranjith Bandara has taken stern exception at the non-compliance of the Geological Survey and Mines Bureau (GSMB) that despite this being the third time it was summoned before the committee, no redress had been made for outstanding issues.

- island.lk

Defending champion Iga Swiatek maintained her dominance over American teenager Coco Gauff to set up a French Open semi-final against Brazilian 14th seed Beatriz Haddad Maia. World number one Swiatek, who beat Gauff in the 2022 final, won 6-4 6-2. The contest was much closer than last year but Swiatek’s quality showed in a seventh […]

- island.lk

The Sri Lanka Navy successfully rescued 38 individuals who were stranded on a grounded trawler at the entrance of Delft Jetty this morning (07th June 2023). The timely intervention of the Navy prevented a significant loss of life and property. Had the trawler sunk at the entrance of Delft Jetty, it would have posed significant […]

- island.lk

Rear Admiral Hiran Balasuriya assumed duties as Director General Civil Engineering at the Office of Director General Civil Engineering at Navy Headquarters on 06th June 2023.

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc