සුපිරි කණ්ඩායම් 4 ශූරතාව නිලක්ෂිගේ රෙඩ්ස් පිලට

- srilankacricket.lk

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැති කාන්තා සුපිරි කණ්ඩායම් 4 අතර ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට නිලක්ෂි ද සිල්වාගේ නායකත්වයෙන් යුතු රෙඩ්ස් කණ්ඩායම සමත්විය. මෙම තරගයේදී රෙඩ්ස් ක්‍රීඩිකා මල්ෂා ෂෙහානිගේ දක්ෂතා කැපීි පෙනිණ.

පන්දුවට පහර දෙමින් ලකුණු 29 ක් රැස් කරගත් මල්ෂා පන්දු යවමින් ලකුණු 23 ක් ඇතුළත කඩුලු 5 ක් දවා ලමින් අවසන් මහ තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව සඳහා පිදෙන සම්මානයද දිනා ගත්තාය. ඇයගේ මෙම දක්ෂතා ප්‍රධාන කොට එතෙක් අපරාජිතව සිටි හර්ෂිතා සමසරවික්‍රමගේ නායකත්වයෙන් යුතු ග්‍රේස් කණ්ඩායමට එරෙහිව ලකුණු 53 ක ජයක් වාර්තා කළ රෙඩ්ස් කණ්ඩායම ශූරතා කුසලානට අමතරව මුදලින් රුපියල් හත් ලක්ෂ පනස්දහසක ත්‍යාග මුදලකටද හිමිකම් කීය.

කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදුන් රෙඩ් කණ්ඩායම පන්දුවාර 42ක දී සියලු ක්‍රීඩිකාවන් දැවී ලබාගත් ලකුණු 150ට පිළිතුරු ලෙස ග්‍රේස් කණ්ඩායම පන්දුවාර 34.1 සියලු පිතිකාරිණියන් දැවී රැස් කළේ ලකුණු 97ක් පමණකි.  මූලික වටයේ තරග තුනම ජයගෙන අවසාන තරගයට පිවිසි ග්‍රේස් කුණ්ඩායමේ අපරාජිතභාවය මින් නිමාවිණි.

තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස රෙඩ් කණ්ඩායමේ නායිකාව නිලක්ෂි ද සිල්වා දක්ෂම පිතිකාරිණිය ලෙස ග්‍රේස් කණ්ඩායමේ හංසිමා කරුණාරත්නත් දක්ෂම පන්දු යවන්නිය ලෙස ග්‍රීන් කණ්ඩායමේ නිමල්ෂා මධුෂානිත් තේරී පත්වූහ. දක්ෂතම පිතිකාරිණිය සහ පන්දු යවන්නිය සදහා මුදලින් රුපීයල් ලක්ෂය බැගින්ද, දක්ෂතම ක්‍රීඩිකාව වූ නිලක්ෂි මුදලින් එක්ලක්ෂ පනස්දහසක මුදලක්ද හිමිවූහ.  අනුශූරියන් වූ ග්‍රේස් කණ්ඩායමට රුපියල් ලක්ෂ පහක මුදලක් ද පිරිනැමිණි.

මුලින් පන්දුවට පහරදුන් රෙඩ් කණ්ඩායම වෙනුවෙන් ආරම්භක පිතිකාරිනිය ප්‍රසාදිනී වීරක්කොඩි පන්දු 48ක දී හතරේ හතරක් සමග ලකුණු 37ක් රැස්කරමින් මේ තරගයේ වැඩිම ලකුණු ලාභිනිය බවට පත්වූවාය.  ප්‍රසාදිනී රෙඩ් කණ්ඩායමේ දෙවන කඩුල්ලට නවෝද්‍යා ප්‍රනාන්දු සමග ලකුණු 42ක සබඳතාවයක් ද නායිකාව නිලක්ෂි ද සිල්වා සමග තෙවන කඩුල්ලට ලකුණු 31ක් ද රැස් කරමින් රෙඩ් කණ්ඩායම ස්ථාවර තත්ත්වයකට ඒමට තරග ආරම්භයේ දී ක්‍රියා කළාය. රෙඩ් කණ්ඩායමේ දෙවන හොඳම සබඳතාවය වූයේ පස්වන කඩුල්ලට නිලක්ෂි ද සිල්වා සමග මල්ෂා ෂෙහානි පන්දු 40ක දී එක්කළ ලකුණු 40 වේ. 

රෙඩ් පිතිකාරිනියන් අතර කැපී පෙනෙන දක්ෂතා දැක්වූ නිලක්ෂි ද සිල්වා ලකුණු 35ක් ද මල්ෂා ෂෙහානි ලකුණු 29ක් ද , හංසිමා කරුණාරත්න (15) නවෝද්‍යා ප්‍රනාන්දු (13) සහ ඉනෝකා ප්‍රනාන්දු (13) දක්ෂතා දැක්වූහ. නිලක්ෂි මේ තරගාවලියේ තරග හතරේ දී ලකුණු 174ක් රැස් කරමින් වැඩිම ලකුණුලාභිනිය බවට ද පත්වූවාය.

ග්‍රේස් කණ්ඩායමේ සඳුනි තිවංකා ලකුණු 31ක ට රෙඩ් පිතිකාරිනියන් හතරක් දවාලමින් එම කණ්ඩායමේ මෙදින වැඩිම කඩුලු ලාභිනිය විය. 

ලකුණු 151ක ඉලක්කයක් කරායාමට පැමිණි ග්‍රේස් කණ්ඩායම දෙවන කඩුල්ලට නායිකා හර්ෂිකා සමරික්‍රම සහ ෂිකාරි ද සිල්වා පන්දු 50ක දී රැස්කළ ලකුණු 30 එම කණ්ඩායම ලැබූ එකම සාර්ථකත්වයයි.  ලකුණු දහය සීමාව ඉක්මවූයේ ද පිතිකාරිනියන් තිදෙනෙකු පමණකි.

කෞෂානී නුත්‍යාංගා පන්දු 33ක දී හතරේ හතරක් සමග ලකුණු 23ක් ද නායිකා හර්ෂිකා සමරවික්‍රම පන්දු 27ක දී හතරේ තුනක් සමග ලකුණු 19ක් ද ෂිකාරි ද සිල්වා පන්දු 32ක දී හතරේ පහරක් සමග ලකුණු 11ක් ද රැස් කළහ. මල්ෂා ෂෙහානිගේ විශිෂ්ට පන්දු යැවීමට නිසා ග්‍රේස් පිල ලකුණු 97ක ට සීමා විය.

මෙම තරගාවලියේ ජය සංකේත ප්‍රධානය ශ්‍රී ලංකා ක්‍රිකට් කාන්තා ක්‍රිකට් උපදේශක සහ මෙහෙයුම් උපදේශක මනුජ කාරියප්පෙරුම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලන අංශයේ ජ්‍යෙෂ්ඨ කලමනාකරු සුරේස් බුලන්කුලම යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

රෙඩ් පන්දුවාර 42 ක දී සියල්ල දැවී 150 (ප්‍රසාදිනී වීරක්කොඩි 37, නිලක්ෂි ද සිල්වා 35, මල්ෂා ෂෙහානි 29, හංසිමා කරුණාරත්න 15, ඉනෝකා ප්‍රනාන්දු 13, නවෝද්‍යා ප්‍රනාන්දු 13, සඳුනි තිවංකා 31/4, ඉනෝකා රනවීර 30/2)

ග්‍රේ ස් පන්දුවාර 34.1 ක දී සියල්ල දැවී 97 යි (කෞෂනී නුතයාංගනා 23, හර්ෂිතා සරවික්‍රම 19, ෂිකාරි ද සිල්වා 11, මල්ෂා ෂෙහානි 23/5, තාරිකා සෙව්වන්දි 20/2)

බන්දුල මොල්ලිගොඩ

අවසන් මහ තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව වූ මල්ෂා ෂෙහානි
දක්ෂතම පිතිකාරිණිය වූ හංසිමා කරුණාරත්න
දක්ෂතම පන්දු යවන්නිය වූ නිමල්ෂා මදුශානි
දක්ෂතම ක්‍රීඩිකාව වූ නිලක්ෂි ද සිල්වා

The post <strong>සුපිරි කණ්ඩායම් 4 ශූරතාව නිලක්ෂිගේ රෙඩ්ස් පිලට</strong><strong></strong> appeared first on Sri Lanka Cricket.

You may also like

- colombotelegraph.com

[…]The post ශ්රී ලාංකික මධ්යම පන්තිය; ඇසට නොපෙනෙන යෝධයා – අවසන් කොටස appeared first on Colombo Telegraph.

- colombotelegraph.com

[…]The post Seventy Five Years Of Independence Or Curse appeared first on Colombo Telegraph.

- colombotelegraph.com

[…]The post වත්මන් ආර්ථික විද්යා පුරෝකථනයන් නිවැරදිද? appeared first on Colombo Telegraph.

- adaderana.lk

The commemorative stamp issued by the Philatelic Bureau and the special commemorative coin issued by the Central Bank of Sri Lanka on the occasion of the 75th National Independence Day, were presented to President Ranil Wickremesinghe this morning (Feb. 02) at the Presidential Palace in Kandy.

- news.lk

11 Ambassadors and 6 High Commissioners presented credentials to the  President 

- news.lk

 The commemorative stamp issued by the Philatelic Bureau and the special commemorative coin issued by the Central Bank of Sri Lanka on the occasion of the 75th National Independence Day, was presented to President Ranil Wickremesinghe this morning (02) at the Presidential Palace in Kandy.

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc