අපරාජිත තරගාවලි අපේක්ෂාවකින් ශ්රී ලංකාව හෙට තෙවැනි තරගයට

- srilankacricket.lk

Chamila Karawita reporting from Pallekale

පළමු එක්දින තරගයේ ලද අනපේක්ෂිත පරාජයත්, දෙවැනි තරගය වැස්සට සේදී යෑමත් නිසා ඇෆ්ගනිස්තානයට එරෙහිව හෙට (30 දා) පැවැත්වෙන තෙවැනි එක්දින තරගය ජය ගැනීම ශ්‍රී ලංකා කණ්ඩායමට කරුණු දෙකක් හේතුවෙන් වැදගත් වේ. එහි මූලිකම කරුණ වන්නේ මේ වන විටත් තරගාවලිය 0-1 ක් ලෙසින් පසුපසින් සිටින ශ්‍රී ලංකාවට තරගාවලිය ජය පැරදුමින් තොරව අවසන් කර ගැනීමටය. 2023 වසරේ පැවැත්වීමට නියමිත ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සෘජුවම සුදුසුකම් ලබා ගැනීම සඳහා වන ප්‍රසාද ලකුණු සංඛ්‍යාව තර කර ගැනීමට හෙට පැවැත්වෙන තරගයේ ජය ශ්‍රී ලංකාවට අතිශය වැදගත් වේ.

තරග 3 කින් සමන්විත දෙරට අතර තරගාවලියේදී දෙවැනි තරගයේදී ඇෆ්ගනිස්තානුවන් ලකුණු 228 කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුවත්, පන්දුවට පහර දීමේදී වර්ෂාව හරස්වීම නිසා ශ්‍රී ලංකා ඉනිම පන්දු 16 කට පමණක් සීමා විය. එම තත්ත්වය මත ශ්‍රී ලංකාවට පහසුම ජයග්‍රහණයක් ලබා ගැනීමට තිබූ පහසුම අවස්ථාව ගිලිහී ගියේය.

හෙට තරගය ඉලක්ක කොට ශ්‍රී ලංකා කණ්ඩායම අද (29 වැනිදා) පෙ.ව. 10.00 සිට ප.ව. 2.00 පමණ වෙන තෙක් පූර්ණ පුහුණු සැසියකට සහභාගිවූවේය. ඊයේ (28 දා) දිනයේදී විවාහ ගිවිස ගනු ලැබූ චරිත් අසලංක, පැතුම් නිස්සංක සහ කසුන් රාජිතද අද දිනයේ පුහුණුවීම් සඳහා පැමිණ සිටීමද විශේෂත්වයක් විය. ඒ අනුව අද දිනයේදී සමස්ථ කණ්ඩායම සිය පුහුණුවීම් වලට නිරත වූහ.

එක්දින ලෝක කුසලාන තරගාවලියට සෘජුවම සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකාව හමුවේ තිබෙන සුභවාදීම කරුණ වන්නේ හෙට තරගය ජය ගනිමින් ප්‍රසාද ලකුණු සංඛ්‍යාවට තවත් ලකුණු 10 ක් එක්කාසු කර ගැනීම වේ. දෙවැනි තරගය වර්ෂාවට යටවීම නිසා ශ්‍රී ලංකාවට පහසුවෙන්ම ලකුණු 10 ක් ලබා ගැනීමට තිබුණු අවස්ථාව ලකුණු 5 ක් බවට පරිවර්තනය විය. කෙසේ වෙතත් ශ්‍රී ලංකාව හෙට තරගයට පෙර ලබා සිටින ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 67 කි. සුපර් ලීග් තරගාවලිය යටතේ හෙට පැවැත්වෙන තරගය හැරුණු කොට ශ්‍රී ලංකාවට ඉතිරිව තිබෙන්නේ ලබන වසරේ මාර්තු මසදී නවසීලන්තයට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය පමණි.

කෙසේ වෙතත් මේ පිළිබඳව අද දින පැවැති පුහුණුවීම් අතරතුර ආරම්භක පිතිකරු පැතුම් නිස්සංකද මේ පිළිබඳව අදහස් දක්වා සිටියේය.

“ඇත්තම කිව්වොත්, හෙට තරගයේදී අපි හොඳ කම්බැක් එකක් දෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. කණ්ඩායමක් විදියට අපි හැමදාම බලාපොරොත්තු වන්නේ තරග ජයග්‍රහණය කරන්න. අපි මහන්සිව හොඳට පුහුණුවීම් කරලා තරගය ජයග්‍රහණය කරන්න බලාපොරොත්තු වෙනවා”.

“හැම තරගයකටම අපිට සැලසුම් තියෙනවා. ඒක තරගයෙන් තරගයට වෙනස් වෙනවා. මේ තරගයටත් අපි සැලසුම් දාගෙන තියෙන්නේ. කණ්ඩායමත් එක්ක කතා කරලා ඒවා හරියට කරන්න තමයි බලාපොරොතේතු වෙන්නේ” යැයි පැතුම් සඳහන් කර සිටියේය.

“ලෝක කුසලාන තරගාවලිය ගැන කතා කළොත්, ඒකටත් අපි ලොකු සූදානමක් තියෙනවා. ඒ වගේම මේ තරගයත් අපිට ගොඩක් වැදගත් අපි බලාපොරොත්තු වෙන්නේ හැම තරගයක්ම ජයග්‍රහණය කරන්න” යැයි ආරම්භක පිතිකරුවා සඳහන් කර සිටියේය.

 ඇෆ්ගනිස්තානු තරගාවලිය හැරුණු කොට මීළඟට ශ්‍රී ලංකාවට ඉතිරිව තිබෙන තරගාවලියේ සත්කාරකත්වය නවසීලන්තය විසින් සිදුකරන බැවින් ඔවුන්ව ඔවුන්ගේ නිජ බිමේදී පරාජය කළ හොත් ඉන්දියාවේ පැවැත්වීමට නියමිත ලෝක කුසලාන තරගාවලියට සෘජුවම සුදුසුකම් ලබා ගැනීමේ සියුම් බලාපොරොත්තුවක් තවදුරටත් ශ්‍රී ලංකා කණ්ඩායමට රඳවා ගැනීමට හැකිවනු ඇත. එසේ වුවහොත් මේ වන විටත් එම ප්‍රසාද ලකුණු සටහනේ 8 වැනි ස්ථානයේ රැඳී සිටින බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පහළට තල්ලුකරමින් එම ස්ථානයට පැමිණීමට ශ්‍රී ලංකා පිලට හැකියාව උදාවනු ඇත. සුපර් ලීග් තරගාවලිය යටතේ තරග 24 ම ක්‍රීඩා කොට අවසන් රට බවට පත්ව සිටි බටහිර කොදෙව් කණ්ඩායම ප්‍රසාද ලකුණු 88 ක් ලබා සිටින්නේය.

ඒ හැරුණු විට 8 වැනි ස්ථානය සදහා ශ්‍රී ලංකාව සමග තරග වදින සෙසු කණ්ඩායම් දෙක වන්නේ දකුණු අප්‍රිකානු සහ අයර්ලන්ත කණ්ඩායම් වේ. අයර්ලන්ත කණ්ඩායම තරග 21 කදී ප්‍රසාද ලකුණු 68 ක් ලබා 9 වැනි ස්ථානයේ රැදී සිටිද්දී ලබන වසරේදී බංගලාදේශය සමග තරග 3 පමණක් ඔවුන්ට ක්‍රීඩා කිරීමට ඉතිරිව තිබේ. දකුණු අප්‍රිකානු කණ්ඩායම තරග 16 කදී ප්‍රසාද ලකුණු 59 ක් ලබා සිටියි. ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වීමට නියමිත තරගාවලිය පැවැත්වීම සදහා දින වකවානු නොමැතිවීම නිසා ඔවුන්ට එම තරගාවලිය අහිමිවීමේ තත්ත්වයක් උද්ගත්ව තිබේ. එම තරගාවලිය හැරුණු කොට නෙදර්ලන්තයට එරෙහි සිය මව්බිමේදීත්, එංගලන්තයට සමග එංගලන්තයේදී තරග 3 බැගින් ක්‍රීඩා කිරීමට නියමිතය.

වර්තමාන ශ්‍රී ලංකා කණ්ඩායමේ තරග අංශ 3 ම නියෝජනය කරනු ලබන පිතිකරුවන් අතර පැතුම් නිස්සංක ඉදිරියෙන්ම සිටින පිතිකරුවෙකි. ඔ්නෑම තරග අංශයකට ක්ෂණිකව අනුගතවීමේ හැකියාවයකින් යුක්ත දකුණත් හුරුබුහුටි පිතිකරුවා තවමත් වයස අවුරුදු 24 සීමාවේ රැදී සිටියි. පළමු එක්දින තරගයේදී, පිතිකරුවන් එකා පිට එකා දැවී යද්දී සිය පිත්ත අභිතව පිටිය සිසාරා පැතිරවූ නිස්සංක පන්දු 83 කදී ලකුණු 85 ක් ලබා ගත්තේය. එය ඔහුගේ තරග 19 ක එක්දින තරග දිවියේ සිව්වැනි අර්ධ ශතකය ලෙසින් වාර්තා විය.

ඔ්නෑම ටෙස්ට්, එක්දින මෙන්ම විස්සයි-20 තරග අංශ ත්‍රිත්වයම නියෝජනය කිරීමේදී ශාරීරික යෝග්‍යතාවය පිළිබඳව වැඩි නැඹුරුවක් ලබා දීමේ වැදගත් භාවයද මෙහිදී පැතුම් පෙන්වා දුන්නේය.

“ශාරීරික යෝග්‍යතාවය කියන්නේ ඉතා වැදගත් දෙයක්. ඒක හරියට තියෙන එක ක්‍රීඩකයෙක්ට හරි වැදගත්. ක්‍රීඩකයෙක් විදියට අපි දැන ගන්න ඔ්න පෞද්ගලිකවම ඒ දේවල් කරගන්නා. මම පෞද්ලිකවම වගේම කණ්ඩායමේ ට්‍රේනර් එක්කත් මහන්සි වෙලා වැඩ කරනවා. මං හිතන්නේ මගේ දක්ෂතා වලට ඒක මට ගොඩක් ලොකු උදව්වක් වෙලා තියෙනවා කියලා”

“තරගාවලියක් ඉවර වෙද්දී ඊළඟ තරගාවලියට සූදානම් වෙන්න ඔ්න. ඉතිං ඒක තමන්ගේ තමගේ දෙයක්. තමන් කොහොමද හැම දේම ගානට හසුරවගන්නේ කියන එක. ඒ වගේම පුහුණුවීම් වල තමන් හරි දේවල් කරන්නේ කොහොමද කියන එක ගැන නිතරම අවධානයෙන් ඉන්නව ඔ්න. ඉතිං ම හිතනවා මම ඒ දේවල් හරියට කරන හින්දා මට සාර්ථක වෙන්න පුලුවන් කියලා. ඇත්තටම මගේ දක්ෂතා ගැන මට ලොකු සතුටක් තියෙනවා. මං බලන්නෙ පුලුවන් තරම් මගේ දේ මගේ රට වෙනුවෙන් දෙන්න ” යැයි පැතුම් කියයි.

තම පියාගේ දිරිගැන්වීම මත අද වන විට මුලු ලෝකයක්ම පැතුම්ගේ දක්ෂතා දෙස බලා සිටියි. තමන්ට මේ දක්වා පැමිණීම වෙනුවෙන් යෝධ සෙවණැල්ල වුණු සිය පියා පිළිබඳව මෙසේ අදහස් දක්වා සිටියේය. “ඇත්තටම තාත්තා හින්දා තමයි අද මම මේ වගේ තැනක ඉන්නෙ. ඉතිං එයාගේ කැපවීම තමයි හැම දේටම මුල. එයා මඟේ ලඟින් හිටපු හින්දා මට හිතනවා මට මෙච්චර දුර එන්න පුලුවන් කියලා. මම මොන්ටිසෝරි යන කාලේ ඉඳන්ම තමයි එයා මඟේ ළඟින්ම ඉඳලා ක්‍රිකට් ගැන දේවල් කියලා දුන්නේ” යැයි හැඟීම් බර දෙනෙතින් සිය පියා පිළිබඳ මතකය අවධි කර සිටියේය.

අවසන් තරග 2 ට ක්‍රීඩා කරන ලද තුන් ඉරියව් ක්‍රීඩක ධනංජය ලක්ෂාන්ට, මෙතෙක් එක් අංශයකින් හෝ සාර්ථක වීමට නොහැකිවිය. පිතිකරණයෙන් අත්‍යවශ්‍යම මොහොතේදී සාර්ථක නොවුණු ලක්ෂාන් තරග 2 දීම යවා ඇත්තේ පන්දුවාර 9 ක් පමණි. පළමු තරගයේදී පන්දුවාර 6 ක් යවා ලකුණු 43 ක්ද දෙවැනි තරගයේදී පන්දුවාර 3 ක් යවා ලකුණු 21 ක්ද ලබා දී ඇත් ලක්ෂාන් එකම කඩුල්ලක් හෝ දවා ගැනීමට අසමත්ව සිටියි. ඔහුගේ පන්දුවාරයකට ලකුණු 7.11 ක සාමාන්‍යයක් රඳවා ගැනීමට ප්‍රතීවාදී පිතිකරුවන් සමත්ව තිබේ.

මෙවන් තත්ත්වයක් උඩ හෙට දිනයේදී කණ්ඩායමේ කිසියම් වෙනසක් අපේක්ෂා කළ හැකි වන අතර ඔහු වෙනුවට වමතින් දඟ පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ ක්‍රීඩා කිරීමේ වැඩි ඉඩ කඩක් පවතියි. මන්ද යත් ඔහු අද දිනයේදී එම ස්ථානයට අදාළ වූ පුහුණුවීම් වල නිරත වූ බැවිනි.

ශ්‍රී ලංකාව – 1. පැතුම් නිස්සංක, 2. කුසල් මෙන්ඩිස්, 3. දිනේෂ් චන්දිමාල්, 4. ධනංජය ද සිල්වා, 5. චරිත් අසලංක, 6. දසුන් ශානක (නායක), 7. වනිදු හසරංග, 8. ධනංජය ලක්ෂාන්, 9. මහීෂ් තීක්ෂණ, 10. ළහිරු කුමාර, 11. කසුන් රාජිත.

ඇෆ්ගනිස්තානය – 1. රාමනුල්ලා ගුර්බාස්, 2. ඊබ්‍රහිම් සද්‍රාන්, 3. රහමට් ෂා, 4. හෂ්මතුල්ලා ශහිදි (නායක), 5. නජිබල්ලා සද්‍රාන්, 6. මොහොමඩ් නබි, 7. ගුල්බදින් නයිබ්, 8. රශීඩ් ඛාන්, 9. මුජීබ් උර් රෙහ්මාන්, 10. ෆසාලහක් ෆරූකි, 11. යමින් අහමද්සායි.

The post <strong>අපරාජිත තරගාවලි අපේක්ෂාවකින් ශ්‍රී ලංකාව හෙට තෙවැනි තරගයට</strong> appeared first on Sri Lanka Cricket.

You may also like

- news.lk

The President's Office strongly rejects the false reports about diplomatic event in Kandy

- adaderana.lk

Sri Lanka has decided to erase the name ÂSlave Island from road signs, postal usage and voter registers nearly two centuries after slavery was abolished in the country.

- adaderana.lk

Prime Minister Dinesh Gunawardena has urged all citizens of Sri Lanka to work together towards the transformation and development of the country.

- adaderana.lk

President Ranil Wickremesinghe is scheduled to address the nation on the occasion of the 75th Anniversary of Independence at 06-45 p.m. today (04 Feb.).

- adaderana.lk

A total of 622 prisoners were released on Presidential Pardon today (Feb. 04), the President s Media Division (PMD) says.

- adaderana.lk

US President Joe Biden says he looks forward to strengthening and deepening the cordial bilateral relations with Sri Lanka even further.

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc