ක්රීඩා ආර්ථිකයට ශක්තියක් සපයන එල්පීඑල් සූදානම්

- srilankacricket.lk

ආර්ථික අර්බුදයකට පත්ව සිටින ශ්‍රී ලංකාව යළි යථා තත්ත්වයට පත් කිරීම උදෙසා විදේශ විනිමය අත්‍යාවශ්‍ය සාධකයක්ව ඇති මොහොතක ශ්‍රී ලංකා ආර්ථීකයට ඇමෙරිකානු ඩොලර් මිලියන ගණනක ආදායමක් එක්කරන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ මහා සැණකෙළිය ලෙසින් හැඳින්වෙන ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි 20 තරගාවලිය හෙට (6) ආරම්භ කිරීමට සියලු කටයුතු සැලසුම් කොට ඇත.

ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි 20 තරගාවලිය තුලින් ශ්‍රී ලංකා අර්ථිකයට සෘජු විදේශ ආයෝජන ගලා එන අතර, එමගින් රටේ ආර්ථිකය ශක්තිමත් වීම ප්‍රසංශනීය වේ. එබැවින් ක්‍රීඩා ලෝලීන්ට ආශ්වාදජනක තරගාවලියක් දැක බලා ගැනීමට හැකියාව ඇතිවනවා සේම ජාතික යුතුකමකට කැපවීම ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි 20 තරගාවලිය තුලින් ඉටුවන කලෝචිත මෙහෙවරකි.

ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි 20 තරගාවලිය සංවිධානය තුලින් විදෙස් ක්‍රීඩකයන් සමග අපගේ නැගී එන ක්‍රීඩකයන් ක්‍රීඩා කිරීමෙන් ලැබෙන අත්දැකීම් සම්භාරය වචනයෙන් විස්තර කළ නොහැක. එක් කණ්ඩායමකට උපරිම විදෙස් ක්‍රීඩකයන් 6ක් ඇතුලත් කර ගැනීමේ හැකියාව ඇති නිසා ශ්‍රී ලාංකේය නැගී එන ක්‍රිකට් ක්‍රීඩකයන්ට මෙම තරගාවලිය කදිම අත්දැකීමක් වනු ඇත. ශ්‍රී ලංකා පිලට ක්‍රීඩා කරන ක්‍රීඩකයන්ට තම දුරටත් ඔපවත්වීමේ අවස්ථාවක් මෙම තියුණු සටන් තුලින් ඇතිවනු නොඅනුමාණය.

දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් දඹුල්ල ජයන්ට්ස්, ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් යුත් කලම්බු ස්ටාර්ස්, තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුත් ජැෆ්නා කිංග්ස්, කුසල් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුත් ගෝල් ග්ලැඩියේටර්ස් සහ වනිඳු හසරංගගේ නායකත්වයෙන් යුත් කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම් තරගාවලියට එක් වී සිටිති. එම කණ්ඩායම් 5 මිළදී ගැනීමට දෙස් – විදෙස් ධන කුවේරයෝ ඉදිරිපත්ව සිටිති. එමගින් රටේ ආර්ථිකයට සෘජු ආයෝජනයක් සිදුවේ. එමෙන්ම රජය අපේක්ෂා කරන ක්‍රීඩා ආර්ථිකය ශකිත්මත් කිරීමේ පුරෝගාමී මෙහෙවරක් ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි 20 තරගාවලිය තුලින් සිදුවේ.

බොහෝ අවස්ථාවලදී ක්‍රීඩා ආර්ථිකයක් පිළිබඳ කතා කළද එය යථාර්ථයක් වී ඇත්තේ ඇතැම් අවස්ථාවලදී ක්‍රිකට් ක්‍රීඩාවෙනි. ක්‍රිකට් ක්‍රීඩාවෙන් උපයන මුදලින් ක්‍රීඩා අමාත්‍යාංශයේ ජාතික ක්‍රීඩා අරමුදල ශක්තිමත් කිරීම හා මලල ක්‍රීඩා, නෙට්බෝල් හා පැරා ක්‍රීඩා ඇතුළු ක්‍රීඩා කණ්ඩායම්වල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට උපකාර කිරීම අමතක නොකළ යුතුය. එම මෙහෙවරේ එක්තරා කොටසක් බවට එල්පීඑල් පතිව තිබීම විශේෂත්වයකි.

අවසන්වරට පැවැති එල්පීඑල් තරගාවලිය ලොව පුරා මිලියන ගණනක නැරැඹූ බව සංඛ්‍යා දත්ත තහවුරු කළේය. එබැවින් තරගාවලිය ලොව පුරා විකාශනය කිරීමට නිල විකාශන අයිතිකරුවන් ටෙන්ඩර් මගින් තොරා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සිදු විය. එම එල්පීඑල් නිල විකාශන අයිතිකරුගෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන ගණනක ආදායමක් ලැබේ. විදේශීය ක්‍රීඩකයන්ගේ දස්කම් දැක බලා ගැනීමට ඒ ඒ රටවල ක්‍රීඩා ලෝලීන් උනන්දුවන බැවින් විකාශන කටයුතු පුළුල් ජාලයක් තුල විහිදේ. තරගාවලිය අතරතුරදී ශ්‍රී ලංකාවේ ශ්‍රී විභූතිය ලොව පුරා රූපවාහිනී නාලිකා මගින් විකාශය කිරීමෙන් සංචාරක ආකර්ශනය දිනා ගැනීමට හැකිවීම වක්‍රව රටට ලැබෙන තවත් අමතර වාසියකි.

ක්‍රීඩකයන්ගේ නාවාතැන් පහසුකම්, වෛද්‍ය පහසුකම්, කැම බීම මෙන් ම අනිකුත් සැම දේම තරගාවලිය තුළ දී සපයා ගන්නේ මෙරට තුළින්. එබැවින් ගමේ කුඩා ව්‍යාපාරයේ සිට ශ්‍රී ලංකාවේ තරු පහේ හෝටල් කර්මාන්තයට ද ලැබෙන්නේ වෙනදා නොවූ ප්‍රාණවත් බවකි. සංචාරක කර්මාන්තය බිඳ වැටීමෙන් වැසී ගොස් තිබූ හොටල්වල හිමිකරුවන් එල්පීඑල් තරගාවලිය නිසාම අලුත් සූදානමකින් පසුවෙති. මෙම තරගාවලිය නැරැඹීමට විදෙස් ප්‍රේක්ෂක පිරිසක් ද හුරුවී තිබේ. ඔවුන්ද එල්පීඑල් තරගාවලිය ඇතුළතදී ඩොලර්වලින් මුදල් වියදම් කරයි. එමෙන්ම තරගාවලියට සමගාමීව අන්තර්ජාතික ක්‍රිකට් සමුලුවේ නියෝජතයන්ගේ අවධානය හා අන්තර්ජාතික ක්‍රිකට් සමුලුව පිළිගත් නිලධාරීන්ගේ පැමිණීම ද සිදුවේ..

හම්බන්තොට සූරියවැව, මහනුවර පල්ලේකැලේ හා කොළඹ ආර්. ප්‍රේමදාස යන ක්‍රීඩාංගණවලදී මෙම තරගාවලිය සතු තුනකට ආසන්න කාලයක් පැවැත්වෙන අතර, ලොව ප්‍රබලතම විදෙස් ක්‍රීඩකයන් 30ක් සමග දේශීය ක්‍රීඩකයන්ගේ සහභාගිත්වයෙන් තරගාවලිය පැවැත්වීමට කටයුතු යොදා තිබේ. ජයග්‍රාහී කණ්ඩායමට කුසලානය සමඟ රුපියල් කෝටි දෙකක මුදල් ත්‍යාගයක් හිමිවන අතර, අනුශූරයන්ට රුපියල් කෝටියක මුදලක් පිරිනැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සූදානම් වේ.

එල්පීඑල් තරගාවලියේ සන්නාම තානාපතිවරු ලෙස පත් කර ඇති බටහිර ඉන්දීය කොදෙව් හිටපු සුපිරි ක්‍රීඩක ශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස් මහතා හා පාකිස්තානයේ හිටපු සුපිරි තරුවක් වූ වසීම් අක්‍රම් මහතා ලබන සතියේදී මෙම තරගාවලිය සමග එක්වන බව ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලි අධ්‍යක්ෂක සමන්ත දොඩන්වල මහතා සදහන් කළේය.

බටහිර ඉන්දීය කොදෙව් හිටපු සුපිරි ක්‍රීඩක ශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස් මහතා පවසන්නේ එල්.පී.එල්පීඑල් තරගාවලියේ සන්නාම තානාපතිවරයා ලෙස කටයුතු කිරීමට ලැබීම ගැන සතුටු වන බවයි. ශ්‍රී ලංකාවට විශිෂ්ට දක්ෂතා සහිත ක්‍රීඩකයින් සොයා ගැනීම සඳහා හොඳ තරගාවලියක් බවම ඒ මහතාගේ අදහසවී තිබේ. 

ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි20 තරගාවලිය කොරෝනා අර්බුද මැද පසුගිය වසරේ සාර්ථකව පැවැති අතර, එයින් විදේශ විනිමය ශ්‍රී ලංකාවට ලැබුණු ආකාරයෙන්ම මෙවරත් අභියෝග මැද වුවද තරගාවලිය සාර්ථක කිරීමේ හැකියාව ලැබී ඇතැයි තරගාවලි අධ්‍යක්ෂක සමන්ත දොඩන්වල මහතා සඳහන් කළේය. මෙම තරගාවලියේ කණ්ඩායම් අයිතිකරුවන් වෙනසක් නොමැති බව ද දොඩන්වල මහතා පැවැසීය. තරගාවලිය වෙනුවෙන් අවශ්‍ය අනුග්‍රාහකත්වය ද ලැබී ඇතැයි ඒ මහතා සමදහන් කළේය.

තෙවැනි වරට පැවැත්වෙන එල්පීඑල් තරගාවලිය ජාතික ආර්ථිකයට ආබරණයක් වනවා සේම ක්‍රිකට් ක්‍රීඩාවේ බලාපොරොත්තු සඵලවීමකි.

The post ක්‍රීඩා ආර්ථිකයට ශක්තියක් සපයන එල්පීඑල් සූදානම් appeared first on Sri Lanka Cricket.

You may also like

- island.lk

A dramatic orange haze has descended over Athens as clouds of dust have blown in from the Sahara desert. It is one of the worst such episodes to hit Greece since 2018, according to officials. Greece had already been struck by similar clouds in late March and early April, which also covered areas of Switzerland […]

- colombogazette.com

Iranian President Dr. Ebrahim Raisi and his delegation arrived in Sri Lanka, Wednesday, and were welcomed at the Mattala Airport by Prime Minister Dinesh Gunawardane.

- adaderana.lk

The price of imported milk powder will be reduced with effect from tomorrow (25), according to the Milk Powder Importers Association.

- onlanka.com

High-ranking officials from around the world gathered in Saint Petersburg for the 12th International Meeting on Security Matters from April 22nd to 25th, 2024.The post 12th International Meeting on Security Matters: High-Ranking officials convenes in Saint Petersburg appeared first on ONLANKA - Sri Lanka Latest Breaking News and Top Stories.

- onlanka.com

The Colombo District Court has issued a permanent injunction, barring former President Maithripala Sirisena from acting as the chairman of the Sri Lanka Freedom Party (SLFP).The post Maithripala Sirisena barred from SLFP chairmanship until trial ends appeared first on ONLANKA - Sri Lanka Latest Breaking News and Top Stories.

- adaderana.lk

In a glass cage in a Moscow court stands Russia s Deputy Defense Minister Timur Ivanov on Wednesday (April 24), a day after he was arrested at work for accepting large bribes.

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc