තියුණු ජයකින් කලම්බු ස්ටාර්ස් පරාජිත ගමනට තිත තියයි

- srilankacricket.lk

Chamila Karawita reporting from Hambantota

තරගාවලියේ මෙතෙක් පරාජිතයන් බවට පත්ව සිටි දඹුල්ල අවුරා සහ කලම්බු ස්ටාර්ස් පිල අතර පැවැති තරගයෙන් ලකුණු 09 ක ජයක් වාර්තා කළ ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් යුතු කලම්බු ස්ටාර්ස් කණ්ඩායම එතෙක් පරාජිත ගමනට තිත තැබීමට අද (08 දා) පස්වරුවේදී සමත්විය.

ජයග්‍රහණය සදහා ලකුණු 166 ක ඉලක්කයක් හඹා ගිය දඹුල්ල අවුරා පිලට කලම්බු ස්ටාර්ස් පිලේ සැලසුම් සහගත පන්දු යැවීම හමුවේ නියමිත පන්දුවාර 20 අවසනදී කඩුලු 7 කට දැවී රැස් කරගත හැකි වූයේ ලකුනු 156 ක් පමණි.

තරගය අවසන් වන තෙක් අවුරා නායක දසුන් ශානක කඩුල්ලේ රැදී සිටියත් අවසන් පන්දුවාරයේදී ජයග්‍රහණය සදහා ලබාගත යුතු ලකුණු 23 න් රැස් කරගත හැකි වූයේ ලකුණු 13 ක් පමණි. එම ලකුණු 13 සදහා දසුන් ශානක එල්ල කරන ලද දැවැන්ත හයේ පහර ද ඇතුළත් විය.

පළමු තරගය පරිදිම ජෝර්ඩ්න් කොක්ස් සහ ෂෙවෝන් ඩැනියල් පන්දු 29 කදී වේගවත් ලකුණු 53 ක සම්බන්ධතාවක් පවත්වමින් සාර්ථක ආරම්භයක් ලබා දුන්නද ඔවුන් දෙදෙනා දැවී යෑමත් සමඟ ස්ටාර්ස් පන්දු යවන්නෝ තරගයට යළි අවතීර්ණ වූහ. කැපී පෙනන පන්දු යැවීමක නිරත වුනු සුරංග ලක්මාල් පන්දුවාර 4 දී ලකුණු 29 කට කඩුලු 2 ක් දවා ගත්තේ ජෝර්ඩ්න් කොක්ස්ගේ සහ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වුණු ටොම් අබෙල් (31) කඩුලු දවා ගනිමිනි.

වේගවත් ලකුණු රැස් කිරීමක නිරත වුවත් ඒ හා සමානම වේගයකින් කලම්බු ස්ටාර්ස් පිලේ කඩුලු දැවී යෑමද කැපී පෙනුණි. පළමු කඩුලු 3 ම ලකුණු 26 ක් ඇතුළතදී බිඳ වැටීමෙන් පසු නිරෝෂන් දික්වැල්ලට එක්වූ රවී බොපාරා ඉනිම මැද භාගයේදී කඩුලු ආරක්ෂා කර ගනිමින් පන්දුවට පහර දීම නිසා පන්දුවාර 20 අවසනදී ලකුණු 166 ක සැලකිය යුතු මට්ටමේ ඉලක්කයක් දඹුල්ල අවුරා පිල වෙත ලබාදීමට සමත්විය.

කලම්බු ආරම්භය බිද දැමීම වෙනුවෙන් කැපී පෙනෙන පන්දු යැවීමක නිරත වුණු ළහිරු කුමාර පළමු කඩුලු 3 ම හිමිකරුවා බවට පත්වූවේය. පළමු පන්දුවාරයේ සිට එකම පිට පන්දුවාර 3 ක් ක්‍රියාත්මක ළහිරු දවා ගත් කඩුලු 3 ට ලකුණු 23 ක් පමණක් ලබා දී තිබුණේය. යළිත් ඇන්ජලෝ මැතිව්ස් සහ නවෝද් පරණවිතානව පිට පිට පන්දු 2 ක් ඇතුළත දවා ගනිමින් කඩුලු ත්‍රිත්වයක් දවා ගැනීමේ ආසන්න අවස්ථාවක් නිර්මාණය කර ගැනීමට ළහිරු සමත් වූවේය. එහෙත් ඊළඟ පන්දුවට ආරක්ෂා වීමට චරිත් අසලංකා සමත්වීම නිසා කඩුලු ත්‍රිත්වය ළහිරුට සිහිනයක් විය. නැවතත් 19 වැනි පන්දුවාරයේදී පැමිණෙන ළහිරු යළිත් සුරංග ලක්මාල්ගේ කඩුල්ල දවා ගනිමින් සිය පන්දුවාර 4 ලකුණු 36 කදී නිමා කරන ලද්දේ කඩුලු 4 ක් ද දවා ගනිමිනි.

ළහිරුගේ අභියෝගය හමුවේ පිටියේ තනි වුණු දික්වැල්ල සහ රවී පොබාරා සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනංවන ලද සම්බන්ධතාව පන්දු 47 කදී ලකුණු 53 කි. මේ වෙනුවෙන් බොපාරාගේ දායකත්වය ලකුණු 25 ක්ද දික්වැල්ලගේ දායකත්වය ලකුණු 26 ක්ද විය. කඩුලු අතර දිව යෑමේදී තරිඳු රත්නායක විසින් යොමු කරන ලද පන්දුව ජෝර්ඩ්න් කොක්ස් විසින් බිඳ දැමීම නිසා බොපරා පිටියෙන් ඉවත් විය.

පස්වැනි පිතිකරුවා ලෙසින් දික්වැල්ල පිටියෙන් ඉවත් වන විට ලකුණු 62 ක් ලබා සිටියේය. පන්දු 41 ක් පමණක් වැය වුණු එම ඉනිමේදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 8 කින්ද සිය ඉනිම සන්නද්ධ කර තිබුණි. මැද පෙළින්  පැමිණි දිනේෂ් චන්දිමාල් පන්දු 23 කදී ලකුණු 29 ක් රැස් කර ගැනීමට සමත්වීම නිසා කලම්බු පිලට ලකුණු 165 ඉලක්කයක් වෙත යෑමට අවස්ථාව විවර විය. පන්දුවාර 20 අවසන් වන විටත් කඩුල්ල ආරක්ෂා කරගත් දකුණත් පිතිකරුවා එම ඉනිම සදහා හයේ පහරක් සහ හතරේ පහර 2 ක් ද එල්ල කර තිබුණේය.

හෙට දිනය (09 වැනිදා) එකම තරගයක් හෝ නොපැවැත්වේ. තරගාවලියේ මීළඟ තරග පල්ලකැලේ ජාත්‍යන්තර පිටියේ පැවැත්වෙන බැවින් හෙට දිනයේදී කණ්ඩායම් සියල්ල මහනුවර බලා පිටත්ව යනු ඇත. පල්ලකැලේ තරග දෙසැම්බර් මස 10 වැනිදා ආරම්භ වන්නේ මෙතෙක් තරගාවලියේ අපරාජිතව පසුවන කැන්ඩි සහ ජැෆ්නා කණ්ඩායම් අතර තරගයෙනි. මෙම තරගය ප.ව. 7.30 ට ආරම්භ වීමට නියමිතය.

The post <strong>තියුණු ජයකින් කලම්බු ස්ටාර්ස් පරාජිත ගමනට තිත තියයි</strong><strong></strong> appeared first on Sri Lanka Cricket.

You may also like

- adaderana.lk

Argentina has asked Interpol to arrest Iran s interior minister over the 1994 bombing of a Jewish community center in Buenos Aires that killed 85 people, the foreign ministry said Tuesday.

- adaderana.lk

The Colombo District Court has delivered a permanent injunction preventing former President Maithripala Sirisena from functioning as the chairman of Sri Lanka Freedom Party (SLFP).

- adaderana.lk

President of Iran, Dr. Ebrahim Raisi arrived in Sri Lanka on Wednesday morning (24) for a one-day visit.

- adaderana.lk

The Colombo District Court has delivered a permanent injunction preventing former President Maithripala Sirisena from functioning as the chairman of Sri Lanka Freedom Party (SLFP).

- adaderana.lk

President of Iran, Dr. Ebrahim Raisi arrived in Sri Lanka on Wednesday morning (24) for a one-day visit.

- colombogazette.com

AirAsia Consulting is planning further engagement with the International Finance Corp (IFC) which is mandated to advise the Sri Lanka Government on the divestiture of SriLankan Airlines Ltd (SAL). The consultancy was responding to news report on AirAsia being among six bidders for Sri Lanka’s state-run carrier SriLankan Airlines since the island nation was looking […]

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc