රාජ්‍ය සේවක වැටුප් පවා ගෙවාගත නොහැකිව ශ්‍රී ලංකාවට සිය 75 වැනි නිදහස අභිමානවත්ව සැමරිය හැකිද?
පවතින අර්ථික අර්බුදය හමුවේ රාජ්‍ය සේවක වැටුප් ගෙවීම අර්බුදකාරී තත්ත්වයකට පත්ව ඇත. කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන අද (ජනවාරි 17 වැනිදා ) පැවති කැබිනට් ප්රවෘත්ති සාකච්ඡාවේදී අනාවරණය කළේ ,රාජ්‍ය සේවකයින්ට නිශ්චිත දිනයටම වැටුප් ගෙවා ගත නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බවයි.මෙවනි තත්ත්වයක් උද්ගත වූයේ ලංකා ඉතිහාසයේ ප්‍රථමවතාවට බවද ඔහු සඳහන් කළේය.