උකුස්සා හෙළි කළ වකුගඩු ජාවාරමේ වෛද්‍යවරුන් ගැනත් විමර්ශන
අද දෙරණ උකුස්සා අනාවරණ කළ, බොරැල්ලේ පෞද්ගලික රෝහලක සිදුකළ වකුගඩු ජාවාරම සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාස විසින් අත්අඩංගුවට ගනු ලැබූ ග්‍රාම නිලධාරීන් දෙදෙනා හා ප්‍රධාන තැරැව්කරුවන් දෙදෙනා ලබන 31 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (17) නියම කළේය.