මෝටර් රථයක් ඇළකට පෙරලීමෙන් එකම පවුලේ 4 දෙනෙකු තුවාල ලබයි
මෝටර් රථයක් ඇළකට පෙරලීමෙන් එකම පවුලේ 4 දෙනෙකු බරපතළ තුවාල ලැබුවා.
ගලේවෙල දඹුල්ල ප්‍රධාන මාර්ගයේ දී මෙම අනතුර සිදුවුනේ.
මෝටර් රථය මාර්ගයෙන් ඉවතට පැන ඇළට පෙරලීමෙන් අද අළුයම අනතුර සිදුවුනා. තුවාල ලැබුවන් දඹුල්ල රෝහලට ඇතුලත් කළ බවයි පොලිසිය පැවසුවේ.
රියදුරුට නින්දයාමෙන් අනතුර සිදුව තිබෙනවා. මෙම පිරිස අතර වයස අවුරුදු දෙකක ගැහුනු දරුවෙකු සිටින බවයි අප වාර්තාකරුවන් සදහන් කලේ.
The post මෝටර් රථයක් ඇළකට පෙරලීමෙන් එකම පවුලේ 4 දෙනෙකු තුවාල ලබයි appeared first on ITN News.