හරක් කටාගේ ප්රධාන ගෝලයෙකු අත්අඩංගුවට
හරක් කටා නමැති සංවිධානාත්මක අපරාධකරුගේ ප්රධාන ගෝලයෙකු වන සම්පත් හේමන්ත රාමනායක හෙවත් රාමේ සුද්දා නැමැත්තා හෙරොයින් සමග අත්අඩංගුවට පත්ව තිබෙනවා.
විශේෂ කාර්ය බළකාය සිදු කළ වැටලීමකදීයි මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇත්තේ. ඔහු සතුව තිබී හෙරොයින් ග්රෑම් 21 යි මිලිග්රෑම් 230 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු වැඩිදුර විමර්ශන සදහා දික්වැල්ල පොලිස් ස්ථානයට භාර දුන් බවයි විශේෂ කාර්ය බළකාය සදහන් කළේ.
මෙම පුද්ගලයා මදුර ලක්ෂිත නොහොත් මිදිගම හිච්චි මල්ලි නමැති පුද්ගලයා ඝාතනය කිරීමට සහයෝගය ලබා දුන් හරක් කටා නැමැත්තාගේ සමීපයෙකු ලෙස ද පොලීසිය හදුනාගෙන තිබෙනවා.
The post හරක් කටාගේ ප්රධාන ගෝලයෙකු අත්අඩංගුවට appeared first on ITN News.