උසස් පෙළ විභාගය හෙට ඇරඹෙයි
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය හෙට ආරම්භ වනවා. ඒ සඳහා සියලු කටයුතු සුදානම් බවයි විභාග දෙපාර්තමේන්තුව පවසන්නේ.
2022 / 2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය දිවයින පුරා මධ්‍යස්ථා 2200ක දී හෙට ආරම්භ වනවා. මෙවර උසස් පෙළ විභාගයට පාසල් හා පෞද්ගලික අයදුම්කරුවන් තුන්ලක්ෂ තිස්එක්දහස් හත්සියනවදෙනෙකු පෙනී සිටිමට නියමිතයි. හෙට ආරම්භ වන විභාගය පෙබරවාරි 17වන දා දක්වා පැවැත්වෙන අතර අද දිනයේ දී විභාග මධ්‍යස්ථාන සකස් කිරීම ඇතුලු සෙසු කටයුතු අද දිනයේදී සිදුවන බවයි විභාග දෙපාර්තමේන්තුව පවසන්නේ. විභාග මධ්‍යස්ථාන වල ආරක්ෂාව සදහා විශේෂ වැඩපිළිවෙලක් ද ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා තිබෙනවා.
The post උසස් පෙළ විභාගය හෙට ඇරඹෙයි appeared first on ITN News.