පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා ඉදිරිපත් කළ නාමයෝජනා රැසක් ප්රතික්ෂේප වෙයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා පිළිගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් ඉදිරිපත් කළ නාමයෝජනා රැසක් ප්‍රතික්ෂේප වී තිබෙනවා. ඡන්ද විමසීම ලබන මාර්තු 9 වනදා පැවැත්වීමටයි මැතිවරණ කොමිෂන් සභාව දින නියමකර තිබෙන්නේ.
පළාත් පාලන ආයතන 339කට අදාළව නාමයෝජනා භාරගැනීම ඊයේ දහවල් 12න් අවසන් කෙරුණා. එලෙස භාරදුන් නාමයෝජනා පත්‍ර රැසක ගැටලු පවතින බවටයි දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීවරුන් දැනුම්දී තිබෙන්නේ. ඒ අනුව දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍ර රැසක් ප්‍රතික්ෂේපකර තිබෙනවා.
කොළඹ දිස්ත්‍රික්කයේ ගැටලුවකින් තොරව පිළිගෙන තිබුණේ හෝමාගම සහ සීතාවක යන ප්‍රාදේශීය සභා සදහා ඉදිරිපත් කළ නාමයෝජනා පමණක් බව කොළඹ දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරයා සඳහන් කළා.
නව ලංකා නිදහස් පක්ෂය කොළඹ නගර සභාවට සහ මොරටුව මහ නගර සභාවට ඉදිරිපත් කළ නාමයෝජනා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප වී තිබෙනවා.
මේ අතර කොළම දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන සදහා ඇප මුදල් තැන්පත් කළ දේශපාලන පක්ෂ කිහිපයක් එම ආයතන සඳහා නාමයෝජනා භාරදී තිබුණේ නැහැ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කොළඹ මහ නගර සභාවට , දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවට සහ කොලොන්නාව නගර සභාවට ඇප මුදල් තැන්පත් කළද නාමයෝජනා භාරදී තිබුණේ නැහැ.
එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කඩුවෙල මහ නගර සභාවට ඇප මුදල් තැන්පත්කළ ද නාමයෝජනා ඉදිරිපත් කර තිබුණේ නැහැ.
මේ අතර මාතර දිස්ත්‍රික්කයේ පිළිගත් දේශපාලන පක්ෂ දෙකක සහ ස්වාධීන කණ්ඩායම් දෙකක නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප වී තිබෙනවා.
The post පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා ඉදිරිපත් කළ නාමයෝජනා රැසක් ප්රතික්ෂේප වෙයි appeared first on ITN News.