දිළිදු ජනතාව වෙනුවෙන් කඩිනමින් සහන ලබාදීමට රජයේ අවධානය
දිළිදු ජනතාව වෙනුවෙන් කඩිනමින් සහන ලබාදීමට රජයේ අවධානය යොමු වී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශේහාන් සේමසිංහ මහතා පවසනවා.
දිළිදු ජනතාව වෙනුවෙන් සහන සැලසීමට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ද යෝජනා කර තිබෙනවා. විධිමත් සහ විනිවිද භාවකින් යුතුව මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරිම අවශ්‍ය වන බවයි රාජ්‍ය අමාත්‍ය ශේහාන් සේමසිංහ මහතා සදහන් කලේ. අනුරාධපුරයේදි මාධ්‍යවේදින් පිරිසක් අමතමින් ඒ මහතා මේ බව සදහන් කළා. සහන ලැබීමට සුදුසු සහ නොසුදුසු පුද්ගලයන් නිසි පරිදි හදුනාගැනීම අවශ්‍ය බව සාමාජ සමීක්ෂණ වලින් ද හෙළිවි තිබෙනවා. නව වැඩ පිළිවෙල ක්‍රියාත්මක කිරිමේ දී දිස්ත්‍රික් ලේකම් ඇතුලු රාජ්‍ය නිලධාරින් වෙත විශාල වගකිමක් පැවරෙන බව ද රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නා.
The post දිළිදු ජනතාව වෙනුවෙන් කඩිනමින් සහන ලබාදීමට රජයේ අවධානය appeared first on ITN News.