රුසියාවේ සිට සංචාරකයින් 403 දෙනෙකු රැගත් ගුවන් යානයක් මත්තලට
රුසියාවේ මොස්කව් අගනුවර සිට සංචාරකයින් 403 දෙනෙකු රැගත් ගුවන් යානයක් මත්තල රාජපක්ෂ ගුවන් තොටුපළට අද පැමිණියා.
මත්තල ගුවන්තොටුපළ හරහා මීට පෙර ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් 414 දෙනෙකු යළි එම ගුවන් යානයෙන්ම රුසියාවට පියාසර කිරීමට නියමිතව තිබෙනවා. පසුගිය දෙසැම්බර් 29 වනදා රෙඩ්වින්ක් ගුවන් සමාගම මත්තම ගුවන්තොටුපළ දක්වා රුසියා සංචාරකයින් රැගෙන පැමිණිය අතර එතැන් සිට අද වන විට සංචාරකයින් 3275 දෙනෙකු සංචාරය සදහා රුසියාවේ සිට මෙරටට පැමිණ තිබෙනවා.
The post රුසියාවේ සිට සංචාරකයින් 403 දෙනෙකු රැගත් ගුවන් යානයක් මත්තලට appeared first on ITN News.