ඇමති නිමල් සිරිපාල සහ ජපාන තානාපති අතර විශේෂ සාකච්ඡාවක්
කටුණායක බණ්ඩාරනායක ගුවන් තොටුපලේ දෙවන පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු සදහා ජපන් රජයේ සහාය අඛණ්ඩව ලබාදෙන බව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකොෂි හිදෙකි මහතා පවසනවා.
ජපන් තානාපතිවරයා සහ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අතර විශේෂ සාකච්ඡාවක් වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යංශයේ දී අද පැවැත්වුණා. ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල සාර්ථක කර ගැනීම සදහා ජපානය ලබාදෙන සහාය සම්බන්ධයෙන් අමාත්‍යවරයා සිය කෘතඥතාව පළකර සිටියා. ජපන් රජයේ මැචදිහත්වීමෙන් ජයිකා ආයතනය කටුණායක ගුවන් තොටුපලේ දෙවන අදියරේ ඉදිකිරීම් සිදුකරනවා. එය වෙනත් පාර්ශ්වයකට ලබාදීමට අපේක්ෂා නොකරන බවයි අමාත්‍යවරයා මෙහිදී කියාසිටියේ.
The post ඇමති නිමල් සිරිපාල සහ ජපාන තානාපති අතර විශේෂ සාකච්ඡාවක් appeared first on ITN News.