අරාබි කවුන්සිලයේ සාමාජිකයන් හා අධ්යාපන අමාත්යවරයා අතර හමුවක්
අරාබි කවුන්සිලයේ සාමාජිකයන් හා අධ්යාපන අමාත්යවරයා අතර හමුවක් අධ්‍යාපන අමාත්‍යාංශයේදී පැවැත්වුණා.
මෙරට අරාබි කවුන්සිලයේ නායක පලස්තීන තානාපති ආචාර්ය සුහායිර් එම්.එච්. ඩාර් සේයිඩ් මහතා හා අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අතර පැවති මෙම හමුවට සෞදි අරාබිය, ඉරාකය, හා ඊජිප්තුව යන රටවල ඉහළ පෙලේ රාජ්‍ය තාන්ත්‍රිකයන් ද එක්ව සිටියා.
අරාබි ලීගයට අයත් රටවල් 09 ක එකතුවෙන් අරාබි කවුන්සිලය සකස් වී තිබෙනවා.
උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව හුවමාරු වැඩසටහන් පිළිබඳ සාකච්ඡාවේදී අවධානය යොමු වුණා.
අරාබි රටවලට යන මෙරට පුහුණු හා නුපුහුණු ශ්‍රමිකයන් සඳහා අරාබි සංස්කෘතිය මෙන්ම භාෂාව පිළිබඳ ප්‍රමාණවත් පෙරහුරුවක් ලබාදීම පිළිබඳව ද සාකච්ඡා කර තිබෙනවා.
The post අරාබි කවුන්සිලයේ සාමාජිකයන් හා අධ්යාපන අමාත්යවරයා අතර හමුවක් appeared first on ITN News.