කුවේටයේදී හිරිහැරවලට ලක් වූ තවත් ගෘහ සේවක සේවිකාවන් 47ක් දිවයිනට
කුවේට් රාජ්‍යයේ ගෘහ සේවය සඳහා ගොස් සිටියදී විවිධ හිරිහැරවලට ලක් වූ තවත් ගෘහ සේවක සේවිකාවන් 47 දෙනෙකු අද දිවයිනට පැමිණියා.
ගෘහ සේවිකාවන් 42 දෙනෙකු හා ස්වකයින් 5 දෙනෙකු මෙම පිරිසට ඇතුළත් ඔවුන් අතුරින් වැඩි දෙනෙකු අනුරාධපුර දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන්.
මෙවැනි ශ්‍රී ලාංකික කාන්තාවන් 1300 දෙනෙකු පමණ ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව කුවේටයේ රැදී සිටින බව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරියෙකු ප්‍රකාශ කළේ.
අද දිනයේ මෙරටට පැමිණි බොහෝ ගෘහ සේවිකාවන් සිය හාම් පුතුන්ගේ විවිධ හිරිහහැරවලට ලක් වූ අයයි.
The post කුවේටයේදී හිරිහැරවලට ලක් වූ තවත් ගෘහ සේවක සේවිකාවන් 47ක් දිවයිනට appeared first on ITN News.