මිෂෙල් – නිමාලි – වැනේසා – දේදුණු ජාත්යන්තරයට යති
ඉදිරියේදී පැවැත්වෙන විස්සයි-20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා වන නිලධාරිණියන්ගේ මණ්ඩලය සඳහා ශ්‍රී ලාංකිකයින් දෙදෙනකුද ඇතුළත් කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් සංගමය පියවර ගෙන තිබේ. පෙබරවාරි 10 වැනිදා සිට දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන මෙම ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී තරග තීරකවරියක ලෙස මිෂෙල් පෙරේරාද තරග විනිසුරුවරියක ලෙස නිමාලි පෙරේරාද ඇතුළත්ව සිටිති.
13 දෙනෙකුගෙන් සමන්විත මෙම නිලධාරිණියන් අතරට තරග තීරකවරියන් තිදෙනෙකු පමණක් ඇතුළත්ව සිටින අතර ඉන් එක් අයෙකු ලෙසින් නිමාලි කටයුතු කිරීම කැපී පෙනෙයි. මේ අතර විනිසුරුවරියන් 10 දෙනා අතරට එක්ව සිටින නිමාලි පෙරේරා රටවල් හයක් අතරින් මෙම මඩුල්ලට තේරී පත්වීම විශේෂත්වයකි.
දිනෙන් දින දියුණුවට පත්වෙමින් තිබෙන කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ ඉහළම තරගාවලියක් ලෙසින් සැලකෙන ලෝක කුසලාන තරගාවලියකදී වැඩිම කාන්තාවන් පිරිසක් සහභාගිවනු ලබන නිලධාරී මඩුල්ල ලෙසින් ඉතිහාස ගත වනු ඇත. පිරිමි පාර්ශ්වයේ ක්‍රීඩාවට මෙන්ම සමාන අවස්ථාවක් ලබා දීම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ මූලික අරමුණ බැවින්, මේ හරහා වන ගෝලීය ප්‍රදර්ශනය හරහා කාන්තා ක්‍රීඩාවේ නියෝජනය වැඩි දියුණු කර ගැනීමද ඔවුන් සතු තවත් ඉලක්කයකි.
මේ අතර ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පවත්වනු ලබන වයස අවුරුද 19 න් පහළ බාලිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (29 වැනිදා) ඉන්දියාව සහ නවසීලන්තය අතර අවසන් මහ තරගයේදී ද ශ්‍රී ලාංකික තරග තීරකවරියක් වන වැනීසා ද සිල්වා මහත්මිය තරග තීරකවරියක් ලෙසින් කටයුතු කිරීමද කැපී පෙනෙයි. ලෝක කුසලාන අවසන් මහ තරගයක තරග තීරකවරියක් ලෙසින් කටයුතු කරන පළමු ශ්‍රී ලාංකික කාන්තාව වශයෙන්ද ඇය අද දිනයේදී ඉතිහාස ගත වන්නීය. ඇයට අමතරව අද තරයේදී විනිසුරුවරයක වන දේදුණු ද සිල්වා අවසන් මහ තරගයේ රූපවාහිනි විනිසුරුවරිය ලෙසින් කටයුතු කරන්නීය.
The post මිෂෙල් – නිමාලි – වැනේසා – දේදුණු ජාත්යන්තරයට යති appeared first on Sri Lanka Cricket.