කවුරුත් නොදත් විශ්වගේ කතාව

- srilankacricket.lk

කෙතරම් හොඳින් ක්‍රීඩා කළද කණ්ඩායමේ ස්ථානයක් නොමැතිව පසුතැබීමට ලක්ව සිටින පාසල් වයසේ ක්‍රීඩකයින් කොතෙකුත් අපට දැක ගැනීමට හැක. එහෙත් එසේ අවස්ථාවක් නොලැබුවද ජීවිතය ජය ගන්නා ක්‍රීඩකයින්ද පසුවෙති. ජාතික කණ්ඩායමට පැමිණි විශ්ව ප්‍රනාන්දුද එසේ ලොව දිනූ ක්‍රීඩකයෙකි. වයස අවුරුදු 13, 15 සහ 17 යන වයස් කාණ්ඩයන් යටතේ විශ්ව ක්‍රීඩා කළද ඔහුට වෙන්ව තිබුණේ අතිරේක ක්‍රීඩකයින්ට හිමි බංකුව විය. එහෙත් ඔහු නොසැලිණ. හැකි සෑම අවස්ථාවකදීම සිය ක්‍රීඩාව ප්‍රගුණ කිරීම කෙරෙහි අවධානය යොමු කර වමත් වේග පන්දු යවන්නා පසු කළෙක ජාතික කණ්ඩායමට පැමිණ ටෙස්ට් කණ්ඩායමේ නිත්‍ය වේග පන්දු යවන්නාගේ ස්ථානයද තම නම වෙනුවෙන් වෙන් කර ගත්තේය.

විශ්ව ප්‍රනාන්දු මොරටුව සාන්ත සෙබස්තියන් විදුහල නියෝජනය කරන අවධියේ දී පාසලේ අවුරුදු 13න් පහළ 15න් පහළ සහ 17න් පහළ කණ්ඩායම් නියෝජනය නොකළද අහම්බයෙන් මෙන් ඔහුට වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමට ඇතුලු වීමට අවස්ථාව උදාවීමත් සමග සිය දෛව වෙනස් කර ගත්තේ ජාතික කණ්ඩායම දක්වා පැමිණෙමිනි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන නැෂනල් සුපර්ලීග් තරගාවලියේ පසුගිය සති අන්තයේ පැවැති දඹුල්ල – ජැෆ්නා තරගයේ දී මුලින් පන්දුවට පහරදුන් ජැෆ්නා කණ්ඩායමේ පිතිකරුවන් පහක්ම මුල් ඉනිමේදී ලකුණු 14කට දවාලමින් විශ්ව ප්‍රනාන්දු දැක්වූ දක්ෂතා එම කණ්ඩායමේ ජයග්‍රහණයේ සමාරම්භක අඩිතාලම බවට පත්විණි.  විශ්ව මේ තරගාවලියේ ප්‍රථම සති අන්තයේදී ද දස්කම් දැක්වූයේ කඩුලු තුනක් දවාලමිනි.

විශ්ව සිය කතාවට මුල පිරුවේ මේ අයුරිනි.

“මගේ පියාගේ ඕනෑකම මතම මා ශාන්ත සෙබස්තියන් විදුහලේ අවුරුදු 13න් පහළ 15න් පහළ සහ 17න් පහළ කණ්ඩායම් වල පුහුණුවට ගියේ විදුහල නියෝජනය කිරීමේ දැඩි අපේක්ෂාවෙන් යුතුවයි.  ඒත් බොහෝවිට මට හිමිවූයේ අතිරේක ක්‍රීඩකයින්ගේ බංකුවයි.  තරගයකට හෝ දෙකකට සහභාගි වූවා නම් ඒ කලාතුරකිනි.  අ.පො.ස.  සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමෙන් පසු මා නිවසේ සිටින අතරතුර පියාගේ මැදිහත් වීමෙන් ඕල්ඩ් කේම්බ්‍රියන්ස් කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමට මට ආරාධනයක් ලැබුණා.  එහිදී මා වමතින් දක්ෂ අයුරින් පන්දු යවන අයුරු දුටු කොළඹ ඉසිපතන විදුහලේ ක්‍රිකට් පුහුණුකරුවකු මා හට එම විදුහලට ඇතුළත් වන ලෙසට ඉල්ලීමක් කළා.  මා සහ පියා සෙබස්තියන් විදුහලෙන් අස්වීමේ සහතිකය ගැනීමට විදුහල්පතිවරයාව මුණ ගැහෙන්න ගිය වෙලාවේ මට උපදෙස් දුන්නේ පාසලෙන් අස්නොවන ලෙසට සහ දිගටම ක්‍රිකට් ක්‍රීඩාවේ නියැලෙන ලෙසටයි”

සෙබස්තියන් විදුහලේ ‘බී’ කණ්ඩායම (2nd eleven) නියෝජනය කිරීමට ඔහුට අවස්ථාවක් උදා වූ අතර එම තරගයේ දී හොඳින් පන්දු යැවීම මත විදුහලේ ජ්‍යෙෂ්ඨ කණ්ඩායමේ දොරටුද විශ්වට විවෘත විණි.  19න් පහළ            ප්‍රථම වසරේ දී කඩුලු 33ක් ද දෙවන වසරේ දී කඩුලු 65ක් ද දවාලු විශ්ව එම වස‍රේ වේග පන්දු යවන්නෙකු දවාලූ වැඩිම කඩුලු සංඛ්‍යාවේ වාර්තාවට හිමිකම් කීවේය.

විශ්වගේ පියා විපුල ප්‍රනාන්දු දක්ෂ කරාටේ ශිල්පියෙකු වූ අතර විශ්වගේ ශාරීරික යෝග්‍යතා කටයුතු සියල්ල සිදු කළේ ඔහු විසිනි.  උදෑසනම මුහුදු වෙරළේ දිවීම, උදේ සවස ශාරීරික අභ්‍යාස මගින් ශාරීරික යෝග්‍යතාවයෙන් ඔහු ඉහළ මට්ටමක පසුවිණි.

2009-2010 වසරේ බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජයට ඇතුලු වී චාමර සිල්වාගේ සහ ප්‍රසන්න ජයවර්ධනගේ පුහුණුව යටතේ විශ්ව දිගු ගමනකට මුල පිරුවේ 2012 වසරේදී කඩුලු 24ක් දවාලමිනි.  මේ අවස්ථාවේ ඔහු තවත් ඉදිරි පියවරක් තැබුවේ චම්පක රාමනායකගේ අනූෂ සමරනායක, චමින්ද වාස් සහ චමිල ගමගේ යන ශ්‍රී ලංකා වේගපන්දු ඇකඩමියට ඇතුලුවීමෙනි.  ඉන්දියාවේ චෙන්නායිහි ඉන්දීය වේගපන්දු යවන ඇකඩමිය සමග පැවැති තරගයකදී දක්ෂ ලෙස පන්දු යැවීම මත එම ඇකඩමියේ දී ඩෙනිස් ලිලීගෙන් සහ ග්ලෙන් මැක්ග්‍රාත්ගෙන් වේගපන්දු යැවීමේ පුහුණුව ලැබීමට ද මෙහිදී විශ්වට අවස්ථාව ලැබිණි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික සංචිතයට 2012 – 2013 වසරේ ඇතුළත්වූ විශ්ව ප්‍රනාන්දු මුල් වසර දෙක ගත කළේ දැල තුළ වේගපන්දු යවන ‍(Net baller) අයෙකු ලෙසටය.  මේ වන විට ඔහුගේ පන්දු යැවීම ශ්‍රී ලංකා නායකයන් වන මහේල ජයවර්ධනගේ සහ කුමාර සංගක්කාරගේ දැඩි ප්‍රසාදයට භාජනය වී තිබිණි.

2013 සිට මේ දක්වාම විශ්ව ජාත්‍යාන්තර ක්‍රිකට් පිටිය ආක්‍රමනය කරමින් ශිල්ප පෙන්වූ අවධි‍යක් ලෙස නම් කළ හැකිය.  2013 ඩුබායිහි පාකිස්තානය සමග ටෙස්ට් තුනක තරගාවලිය 2014 බංග්ලාදේශ ටෙස්ට් සංචාරය 2016 ඕස්ට්‍රේලියා කණ්ඩායමේ ටෙස්ට් තරග තුනක ශ්‍රී ලංකා සංචාරය (ශ්‍රී ලංකාවට තරග 3-0ක ජයක්) 2017 ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2018-19 ඔස්ට්‍රේලියාවේ ටෙස්ට් තරගාවලිය ඔහු වේග පන්දුවෙන් දස්කම් පෑ කාල පරිච්ඡේදයකි.

ජාත්‍යන්තරයේම දැඩි අවධානයට ලක් වූ තරගයක් වන 2019 ජනවාරියේ ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ දකුණු අප්‍රිකා සංචාරයේ ඩර්බන්හි ප්‍රථම ටෙස්ට් තරගයේ දී ප්‍රථම ඉනිමේ දී කඩුලු හතරක් ද දෙවන ඉනිමේ දී නැවත කඩුලු හතරක් ද දවා දෙවනි ඉනිමේ දී ශ්‍රී  ලංකා ජයග්‍රහණය සඳහා කුසල් ජනිත් පෙ‍රේරා (නොදැවී 150) සහ විශ්ව ප්‍රනාන්දු (නොදැවී ලකුණු 06යි පන්දු 27) එක්කළ දසවන කඩුල්ලේ නොදැවුණු ලකුණු 76ක ජයග්‍රාහී සබඳතාවය කාගේත් මතකයේ දිගු කළත් රැඳී පවතිනු ඇත.

එම සංචාරයේ දෙවන ටෙස්ට් තරගයේදීද විශ්ව කඩුලු හතරක් දවාලීය. ශ්‍රී ලංකාව එම ටෙස්ට් තරගාවලිය ජය ලැබුවේ 2-0කිනි.  2021 නැවත වතාවක් දකුණු අප්‍රිකා ගිය අවස්ථාවේදී ද විශ්ව කඩුලු පහක්ම බිඳ දැමීමට සමත්විණි.  දකුණු අප්‍රිකා භූමියේ වැඩිම කඩුලු දවාලූ ශ්‍රී ලංකා වේගපන්දු යවන්නා ද විශ්වය.

පසුගිය වසරේ දී මොහු බටහිර ඉන්දීය කොදෙව් දූපත් ඉන්දියාව සහ බංග්ලාදේශයේ සංචාරය කරමින් දක්ෂතා දැක්වීය.  2022 වසරේ මෙරට මේජර් ලීග් තරගාවගියේ ශූරතාව දිනූ සී. සී. සී. කණ්ඩායමේ සාමාජිකයෙකු වන විශ්ව ප්‍රනාන්දු එහිදී තෙවන වැඩිම කඩුලු ලාභියාද විය. 31 හැවිරිදි විශ්ව ප්‍රනාන්දුගේ බාල සහෝදරයා වන්නේ ඉකුත්දා ඉන්දියාවට එරෙහිව එක්දින වරම් දිනා ගැනීමට සමත් නුවනිඳු ප්‍රනාන්දුය.

The post <strong>කවුරුත් නොදත් විශ්වගේ කතාව</strong><strong></strong> appeared first on Sri Lanka Cricket.

You may also like

- island.lk

Aljazeera reported that a court in Pakistan’s eastern city of Lahore has struck down a colonial-era sedition law, calling it “inconsistent” with the constitution, in a verdict hailed by free speech advocates and journalists. A single-judge bench of the Lahore High Court on Thursday declared the sedition law unconstitutional. The court’s verdict will be applicable […]

- island.lk

President Ranil Wickremesinghe delivering the keynote address at the ‘Economic Dialogue- IMF and Beyond’ panel discussion, which took place at the Colombo Galle Face Hotel on Thursday (30) said that it is imperative for everyone to collaborate in creating a prosperous community for future generations, without resorting to finger-pointing and blaming each other.  

- island.lk

President Ranil Wickremesinghe and Speaker Mahinda Yapa Abeywardena paid their last respects to the late Joseph Michael Perera at the Parliament complex yesterday (30).

- adaderana.lk

The 51st commemoration ceremony for philanthropic politician and former minister Philip Gunawardena, was held yesterday (29), at the Bandaranaike Memorial International Conference Hall in Colombo under the patronage of President Ranil Wickremesinghe.

- adaderana.lk

The Bar Association of Sri Lanka (BASL) has issued a statement on the recent string of protests launched against former BASL President Saliya Pieris s decision to represent a client of apparent concern.

- adaderana.lk

Nine soldiers were killed in a crash of two medical evacuation Black Hawk helicopters during a routine nighttime training mission over Kentucky, the U.S. Army said on Thursday, in one of the military s deadliest training accidents in recent years.

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc