එංගලන්ත පිතිකරුවෝ 400 කඩඉමට කිට්ටු කරති
Chamila Karawita reporting from Galle
ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු සිව්දින ටෙස්ට් තරගයේ දෙවැනි දින දිවා භෝජනය සදහා තරගය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින එංගලන්ත ලයන්ස් පිතිකරුවෝ ලකුණු 400 කඩඉම ආසන්නයට පැමිණීමට සමත්ව සිටියහ. කඩුලු 7 කට ලකුණු 394 ක් වශයෙන් ලකුණු පුවරුව සටහන් වද්දී සත්කාරක කණ්ඩායමට වඩා ලකුනු 258 කින් මුල් ඉනිමේ පෙරමුණ ගැනීමටද ලයන්ස් පිතිකරුවෝ සමත්වූහ.
පළමු දිනයේ පරිදිම කිසිදු පැකිළීමකින් තොරව පහරවල් කරා ගිය ලයන්ස් කණ්ඩායම වෙනුවෙන් අද දිලයේදී කැපී පෙනුණු එකම සිදුවීම වූයේ ටොම් හේන්ස් ශතකයක් රැස් කර ගැනීමය. ශ්‍රී ලංකා පන්දු යවන්නන් හමුවේ කිසිදු අපහසුවකින් තොරව පිත්ත හැසිරවූ වමත් පිතිකරුවා ලකුණු 118 ක් ලබා සිටියදී ලක්ෂිත මානසිංහගේ පන්දුවක් හමුවේ දැවී ගියේ නිශාන් මදුශ්ක උඩ පන්දුවක් රැක ගැනීම නිසාය. හතරේ පහර 12 ක් සහ හයේ පහරකින් හේන්ස්ගේ ඉනිම සමන්විත විය.
ශ්‍රී ලංකා පිලට වඩා ලකුණු 113 ක් ඉදිරියෙන් සිට දෙවැනි ඉනිම ඇරඹූ ලයන්ස් පිල දිවා භෝජනය දක්වා යවන ලද පන්දුවාර 28 දී රැස් කරගන්නා ලද ලකුණු සංඛ්‍යාව ලකුණු 145 ක් විය. එය පන්දුවාරයකට ලබාගත් ලකුණු වේගය සංසන්දනය කිරීමේදී 5.18 ක තරම් වේගයක් ඇතළත්ව තිබිණ. පන්දු යවන්නන් අතරින් ලසිත් ඇඹුල්දෙණිය තවත් කඩුල්ලක් දවා ගනිද්දී ලක්ෂිත මානසිංහ කඩුලු 2 ක් දවා ගත්තේය. ඒ හැරුනු විට අම්ෂි ද සිල්වා සහ සහන් ආරච්චිගේ කඩුල්ල බැගින් දවාගනිද්දී ලයන්ස් පිල වෙනුවෙන් ක්‍රියාත්මක කරන ලද පන්දුවාර 76 න් පන්දුවාර 5 ක් පමණක් දුනිත් වෙල්ලාලගේ විසින් යවා තිබිණ.


The post <strong>එංගලන්ත පිතිකරුවෝ 400 කඩඉමට කිට්ටු කරති</strong> appeared first on Sri Lanka Cricket.