ඕෂධ සහ මදුශ්ක ‘ඒ’ පිල ඔසවා තබති

- srilankacricket.lk

Chamila Karawita reporting from Galle

ලකුණ 331 ක දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් පසුපසින් සිට දෙවැනි ඉනිම ඇරඹූ ඕෂධ ප්‍රනාන්දු සහ නිශාන් මදුශ්ක පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 203 ක විශිෂ්ඨ සම්බන්ධතාවත් පැවැත්වීමට සමත්වීම නිසා පළමු සිව්දින ටෙස්ට් තරගයේ දෙවැනි දිනට තරගය නිමා කරන විට ඉනිමක පරාජයෙන් ගැලවීමේ පරතරය ලකුණු 103 දක්වා අඩු කර ගැනීමට ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමට හැකියාව ලැබිණ. ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගයේදී පස්වරුවේ ක්‍රීඩාව නතර කර දමනා විට ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සිය දෙවැනි ඉනිම සදහා කඩුල්ලක් පමණක් දැවී ලකුණු 228 ක් ලබා සිටියේය.

පළමු කඩුල්ල වෙනුවෙන් ඕෂධ ප්‍රනාන්දු දැවී යෑම වෙනුවෙන් ලබා දුන් අවස්ථාව හැරුණු කොට එංගලන්ත ලයන්ස් පන්දු යවන්නන්ට කිසිදු අවස්ථාවක් ලබා නොදුන් මොවුන් දෙදෙනාගේ පන්දුවට පහරදීම සැබැවින්ම ආකර්ශනීය විය.

පළමු ඉනිම ලකුණු 136 කට නිමාවට පත්වීමේ අවාසිය නොවන්නට මේ වන විටත් ශ්‍රී ලංකාවට ප්‍රතිවාදීන්ට එරෙහිව හොද තරගයක් ලබා දීමට හොඳින්ම අවකාශ තිබිණ. එසේ වුවත් මෙම තරගයේ ශ්‍රී ලංකා පිලේ සතුටට ඇති එකම කරුණ වන්නේ තවමත් ගාල්ල තණතීරුව පිතිකරුවන්ට යෝග්‍ය අයුරින් හැසිරීමයි. සාමාන්‍ය ගාල්ල තණතීරුව තෙවැනි දිනය වන විට පුලුදුවීමේ ස්වභාවයක් උසුලන නමුත් අද පස්වරුව වන විටත් පන්දුවෙහි අනවශ්‍ය දඟ කැවීමක් හෝ අදහාගත නොහැකි ඉපිලීමක් දක්නට නොලැබිණ. ඇරත් ශ්‍රී ලංකා පිලට තවත් කඩුලු 9 ක්ම අත තිබීම නිසා ලයන්ස් පිලට එරෙහිව සිව්වැනි ඉනිමේදී අභියෝගයක් ලබා දීමට ශ්‍රී ලංකා ‘ඒ’ පිළට හොඳින්ම අවකාශ තිබේ.

ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වීමේදී එල්ල කරනු ලබන මනරම් ඩ්‍රයිව් පහර කීපයකින්ම හතරේ පහර රැස් කරගත් ඕෂධ මුහුණ දුන් 102 පන්දුවේදී ශතකය ඉක්මවා ගියේය. එංගලන්ත ලයන්ස් පිල මෙන්ම නොවුණද ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමද පන්දුවාරයකට ලකුණු 4.75 ක වේගයක් රඳවා තබා ගනිමින් පන්දුවට පහර දීමද කැපී පෙනිණ.

මෙම සම්බන්ධතාව බිඳ හෙළීම සඳහා උගුල් කීපයක්ම එංගලන්ත නායකයා විසින් ඇට වුවද ඒ සියලු බාධක ජයගත් දකුණත් පිතිකරුවන් යුගලය පන්දු රකින්නන් නොමැති ස්ථාන අතරින් කල්යල් බලා පන්දුව හතරේ සීමාවට යවනු ලැබුවේ කිසිදු කලබලයකින් තොරවය. ඕෂධට කදිම සහායක් ලබා දුන් නිශාන් මදුශ්ක ලකුණු 91 ක් ලබා කඩුල්ලේ රැදී සිටියේය. ගෙවී ගිය දේශීය ක්‍රීඩා සමාජ තරගාවලියේ ලකුණු 1000 සීමාව ඉක්මවා ලූ මදුශ්ක මෙම තරගයට පෙර පැවැති පුහුනු තරගයේදීද ලකුණු 150 ක් ලබා ඉනිම අත්හිටුවා පිටියෙන් ඉවත් විය. පන්දු 126 කට මුහුණ දී සිටින මදුශක තම ඉනිම සඳහා හයේ පහරක් සහ හතරේ පහර 13 ක් එල්ල කර තිබුණේය.

ඔෂධගේ කඩුල්ලේ හිමිකාරීත්ව ලියම් පැටර්සන්ට හිමි වුවත්, එහි පූර්ණ ගෞරවය හිමි විය යුත්තේ මිඩ් ඔ්ෆ් කලාපයේ සිට ලෝන්ග් ඔ්ෆ් කලාපය දක්වා ඇදී ගිය උඩ පන්දුව විශිෂ්ඨ අයුරින් රැක ගත් ඇලෙක්ස් ලීස්ටය. නුහුරු අතරට දිව ගොස් පන්දුව යටට යෑමට ලීස් උත්සාහ කළද ඔහුට තවත් අඩි කීපයක් මදි විය. එහිදී ගුවනට වන් ලීස් උඩ පන්දුව රැක ගන්නා විට තම සිරුර පොළොවට සමාන්තරව ගුවනේ තිබිණ. පන්දු 134 කට මුහුණ දුන් ඔෂද ලබා ගත් කුණු 114 සදහා ඔහු හතරේ පහර 18 ක් එල්ල කර තිබුණේය.

ඕෂධගේ දැවී යෑමෙන් පසු පිටියට පිවිසියේ සුපුරුදු අංක 3 ස්ථානයේ පන්දුවට පහර දෙන නුවනිඳු ප්‍රනාන්දු නොව ලක්ෂිත මානසිංහය. ඒ සැදෑ පිතිකරුවාගේ කාර්යය භාරය ඉටු කිරීමටය. ඕෂධ දැවී යන විට දිනය අහවර වීමට තවත් පන්දුවාර 6 කුත් පන්දු 3 ක් ඉතිරිව තිබූ අතර සිය වගකීම අකුරටම කළ මානසිංහ මදුශ්ක සමග එක්ව ලකුණු 14 ක් එක් කළේය.

ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමේ ලබා ගත් ලකුණු 136 ට පිළිතුරු ලෙස එංගලන්ත ලයන්ස් පිතිකරුවෝ පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 467 ක දැවැන්ත ඉනිමක් ගොඩනැංවූහ. දිවා ආහාරය සඳහා තරගය නිමා කරන විට කඩුලු 7 කට ලකුනු 394 ක් ලබා සිටි එංගලන්ත ලයන්ස් කණ්ඩායම දිවා ආහාරයෙන් පසුවත් හෝරාවකට වැඩි කාලයක් පන්දුවට පහර දුන්නේය. එම කාල සීමාවේදීද ඉවත් බවක් නොමැතිව වේගයෙන් පන්දුවට  පහර දුන් ලයන්ස් පිතිකරුවන් අතරින් මැතිව් ෆිෂර් පන්දු 46 කදී වේගවත් ලකුනු 53 ක් රැස් කරමින් පසු පෙළ ශක්තිමත් කළේය. ඒ හැරුනු විට ලියම් පැටර්සන් ලකුණු 41 ක් ලබා ගනිද්දී අම්ෂි ද සිල්වා සහ ලසිත් ඇඹුල්දෙණිය කඩුලු 3 බැගින් බිඳ හෙළූහ.

පළමු දිනයේ පරිදිම කිසිදු පැකිළීමකින් තොරව පහරවල් කරා ගිය ලයන්ස් කණ්ඩායම වෙනුවෙන් අද දිනයේදී ටොම් හේන්ස් ශතකයක් රැස් කර ගැනීමට සමත්වීම කැපී පෙනිණ. ශ්‍රී ලංකා පන්දු යවන්නන් හමුවේ කිසිදු අපහසුවකින් තොරව පිත්ත හැසිරවූ වමත් පිතිකරුවා ලකුණු 118 ක් ලබා සිටියදී ලක්ෂිත මානසිංහගේ පන්දුවක් හමුවේ දැවී ගියේ නිශාන් මදුශ්ක උඩ පන්දුවක් රැක ගැනීම නිසාය. හතරේ පහර 12 ක් සහ හයේ පහරකින් හේන්ස්ගේ ඉනිම සමන්විත විය.

ශ්‍රී ලංකා පිලට වඩා ලකුණු 113 ක් ඉදිරියෙන් සිට දෙවැනි ඉනිම ඇරඹූ ලයන්ස් පිල දිවා භෝජනය දක්වා යවන ලද පන්දුවාර 28 දී රැස් කරගන්නා ලද ලකුණු සංඛ්‍යාව ලකුණු 145 ක් විය. එය පන්දුවාරයකට ලබාගත් ලකුණු වේගය සංසන්දනය කිරීමේදී 5.18 ක තරම් වේගයක් ඇතළත්ව තිබිණ.

The post <strong>ඕෂධ සහ මදුශ්ක ‘ඒ’ පිල ඔසවා තබති</strong><strong></strong> appeared first on Sri Lanka Cricket.

You may also like

- adaderana.lk

Police have arrested the suspect related to the incident of misleading a foreigner and selling an Ulundu Wadey and a cup of tea for an exorbitant price at a restaurant in the Kalutara area.

- colombotelegraph.com

[…]The post Top 10 new trends in branding appeared first on Colombo Telegraph.

- adaderana.lk

Two police officers including a Sub-Inspector (SI) and a Sergeant have been arrested by the Criminal Investigation Department (CID) for allegedly maintaining dealings with drug traffickers. .

- colombotelegraph.com

[…]The post ආචාර්ය ඒ ටී ආරියරත්න අභාවප්රාප්ත වෙයි: 1990 දශකයේ මැද දක්වා ඔහු ගැන මා සතු මතක සටහන් appeared first on Colombo Telegraph.

- colombotelegraph.com

[…]The post Dr A .T. Ariyaratne Has Passed: My Memories Of Him To The Mid-1990s appeared first on Colombo Telegraph.

- adaderana.lk

President Ranil Wickremesinghe expressed his firm conviction in his ability to shape the Sri Lanka that the nation s youth envision.

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc