“අපි හොද සූදානමකින්” – නායිකා චමරි කියයි

- srilankacricket.lk

දකුණු අප්‍රිකාවේ දී පැවැත්වීමට නියමිත කාන්තා විස්සයි 20 ලෝක කුසලාන සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම පෙරැළීකාරී තත්ත්වයක පසුවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු පවසයි. අත්දැකීම් බහුල ක්‍රීඩිකාවන් මෙන්ම යොවුන් ක්‍රීඩිකාවන් සම් මිශ්‍රණයකින් කණ්ඩායම සැදුම්ලත් වීම විශාල වාසියක් බව ඇය පෙන්වා දුන්නාය.

දකුණු අප්‍රිකාවේ දී පැවැත්වීමට නියමිත කාන්තා විස්සයි 20 ලෝක කුසලානය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නිල ජර්සිය හා නිල අනුග්‍රාහකත්වය කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් තරු පහේ හෝටලයේදී පිරිනැමූ මාධ්‍ය හමුවේදී ඇය මේ බව පැවැසූවාය.

“ මට හොද කණ්ඩායමක් ලැබී තිබෙනවා. එහි විශේෂත්වය වන්නේ අත්දැකීම් බහුල ක්‍රීඩිකාවන් මෙන්ම යොවුන් ක්‍රීඩිකාවන් සම් මිශ්‍රණයකින් කණ්ඩායම සැදුම්ලත් වීමයි. හැමෝම දන්න දෙයක් තමයි ඕනෑම වේලාවක විස්සයි 20 තරග රටාවේදී තරගයක් එක් අයෙකුට හෝ වෙනස් කරන්න පුලුවන් බව. මගේ විශ්වාසය ක්‍රීඩිකාවන් අතර ශ්‍රේණිගත කිරීම් යම් අංකයක් විතරයි. දවසේ හොදින්ම ක්‍රීඩා කරන ක්‍රීඩිකාව තමයි අංක එකේ මා සලකන්නේ. මා ඒ බව අපේ ක්‍රීඩිකාවන් සමග කතා කරනවා. ඔවුන්ට විශ්වාසය දෙනවා“ චමරි පැවැසූවාය.

“ අප පසුගිය ලෝක කුසලානයේදී ඔස්ට්‍රේලියාවට හොද තරගයක් දුන්නා. මේ තරගාවලියෙදීත් එවැනි කණ්ඩායම්වලට හොද තර්ජනයක් ගෙන දෙන්න බලාපොරොත්තු වෙනවා. අපේ කාණ්ඩයේ ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, බංග්ලාදේශය හා දකුණු අප්‍රිකාව වැනි කණ්ඩායම් සිටිනවා. ඒක ලේසි පහසු කාණ්ඩයක් නොවෙයි. හොද තරගකාරීත්වයක් තියෙන කාණ්ඩයක්. නමුත් දවසින් දවස උපරිම දක්ෂතා අතර සිට අපේ ක්‍රීඩිකාවන් හොදින් ක්‍රීඩා කළොත් අපට පෙරැළියක් කරන්න පුලුවන්. ඒ කණ්ඩායම් පරාජය කරන්න පුළුවන් කියා විශ්වසයක් තියෙනවා“ චමරි පැවැසූවාය.

“ආසියානු කුසලානයේ අපි අනුශූරතාව දිනාගත් පසු සතියක විවේකයක් ලැබුණා. බංග්ලාදේශ සංචාරය අවලංගු වූවා. ශ්‍රී ලංකා ක්‍රිකට් අපට හොද පළාත් තරගාවලියකට සහභාගී වෙන්න අවස්ථාව දුන්නා. එය ඕවර් 50 හා විස්සයි 20 තරගාවලි දෙකක්. එයින් අපේ ක්‍රීඩිකාවන් හොද පන්නරයක් ලබා ගත්තා. ඒ වගේම දකුණු අප්‍රිකාවේ වේග පන්දු වලට උචිත හා යම් ඉපිලීමක් ඇති තණතිලිවලට මුහුණ දෙන ආකාරය අප පුහුණු වුණා. අපි 17න් පහළ හා 15න් පහළ පිරිමි කණ්ඩායම් සමග පුහුණු තරග පැවැත්වූවා. ඒ අය පුහුණුවීම්වලට ගෙනත් පන්දුවට පහර දුන්නා. සති දෙකක් හම්බන්තොටදී විදුලි ආලෝක ධාරා මැද අප පුහුණු සැසි පැවැත්වූවා. මොකද අපට ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයේ තරග තුනක්ම විදුලි ආලෝක ධාරා මැද තරග කරන්න වෙලා තියෙන්නේ. මෑත කාලයේ අප ලබාගත් හොද පෙර සූදානමක් මේක. එහි ප්‍රතිඵල බලන්න පුලුවන් ලෝක කුසලාන තරගාවලියේදී“ චමරී අතපත්තු පැවැසූවාය.

තම පන්දු යවන්නියන් කෙරෙහි විශාල විශ්වාසයකින් පසුවන බවද ඇය සදහන් කළාය. “ඉනෝකා හා ඕෂධී අපේ දඟ පන්දු බළ ඇණීය ශක්තිමත් කරනවා. ආසියානු කුසලානයේදී හොදින් පන්දු යැවූ අචිනි සිටිනවා. විශේෂයෙන්ම හර්ෂිතා හා මාධවී පිළීබඳවත් සදහන් කළ යුතුයි. ඒ දෙදෙනා හොද තැනක සිටිනවා. දක්ෂ යොවුන් ක්‍රීඩිකාවන් සිටිනවා. පිතිකරණය ගත්තාම මාධවී, විශ්මි ගුණරත්න, අනුෂ්කා සංජීවනී හා නිලක්ෂි ද සිල්වා ලකුණු අතර සිටින ක්‍රීඩිකාවන්. තවත් නම් වශයෙන් නොකියපු දක්ෂ ක්‍රීඩිකාවන් සිටිනවා“ ඇය පැවැසූවාය.

“ චමරි හොදට සෙල්ලම් කළේ නැත්නම් මැච් එක පරදිනවා. මෙවැනි මතයක් තිබෙනවා සමාජයේ. ඔබ කොහොමද මෙයට මුහුණ දෙන්නේ? මාධ්‍යවේදියෙකු ඇය වෙත ප්‍රශ්නයක් යොමු කළේය.

“ ඔව් එහෙම මතයක් තියෙනවා. නමුත් මම එක් ක්‍රීඩිකාවක් විතරයි. ආසියානු කුසලානයේදී මට ලකුණු අතරට එන්න බැරි වුණා. නමුත් කණ්ඩායම අවසන් මහා තරගය දක්වා ආවා. මගේ ක්‍රීඩිකාවන් පිළීබඳ හොද විශ්වාසයක් තිබෙනවා. මා සුපුරුදු රිද්මයට ආවොත් කණ්ඩායමට ශක්තියක්. දකුණු අප්‍රිකා තණතිලිවල මා ගොඩක් ලකුණු ලබා තියෙන නිසා මේ තරගාවලියේදී ලකුණු අතරට පැමිණීම බලාපොරොත්තුවයි. හොද පුහුණුවීමක් කළා. යම් යම් වැරදි හදා ගත්තා. ඒ නිසා හොද විශ්වාසයකින් ඉන්නවා“ චමරි පැවැසූවාය.  

“හසිනි පෙරේරා අවසන් මොහොතේ ආබාධයකට ලක් වුණා. ඒක අපට පාඩුවක්. ඇයට සති 4කින් පසුව පුහුණුවීම් ආරම්භකරන ලෙස වෛද්‍යවරු දැනුම්දී තිබෙනවා. ඒ නිසා ලෝක කුසලාන තරගාවලියට එන්න හැකියාවක් නෑ. හසිනි වෙනුවට සත්‍යා සන්දීපනී කණ්ඩායමට එක් වුණා“ චමරි පැවැසූවාය. 

කාන්තා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු රුමේෂ් රත්නායක මහතාගෙන් මාධ්‍යව්දියෙකු විමසූවේ නිමාවට පත්වූ 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී දක්ෂතා අතර සිටි දෙව්මි විහංගි ක්‍රීඩිකාව දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් සංචිතයට ඇතුලත් කර නොගත්තේ ඇයිද යන්නය. එම පැනයට පිළිතුරු දුන් රුමේෂ් රත්නායක මහතා පැවැසූවේ ලෝක කුසලාන ක්‍රිකට් සංචිතය පසුගිය දෙසැම්බර් මාසයේදී නම්කළ බවයි. “ අයිසීසිය ලෝක කුසලාන සංචිතයේ ක්‍රීඩිකාවන්ගේ නම් දෙසැම්බර් මාසයේදී ඉල්ලා සිටියා. මා දුටුවා දෙව්මි ක්‍රීඩිකාවගේ දක්ෂතා. ඇයට ඉදිරියේදී දිනයක් ඒවි. හොද අවස්ථාවක් ඇයට උදා වේවි“ රත්නායක මහතා පැවැසීය.

චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලපෙබරවාරි 02 වැනිදා පස්වරුවේ දකුණු අප්‍රිකාව බලා පිටත්වන අතර, පෙබරවාරි 6 වැනිදා අයර්ලන්තය සමඟින් සහ පෙබරවාරි 8 වැනිදා බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩිකාවන් සමඟින් පුහුණු තරග ද්විත්වයකට සහභාගී වීමට නියමිතයි. තරගාවලියේ මූලික වටයේ පළමු තරගය ලෙස ශ්‍රී ලංකාව පෙබරවාරි 10 වැනිදා සත්කාරක දකුණු අප්‍රිකාව සමඟින් තරග වැදීමට නියමිතයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ මූලික වටයේ තරග කාලසටහන

පෙබරවාරි 10 – ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව

පෙබරවාරි 12 – ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය

පෙබරවාරි 16 – ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව

පෙබරවාරි 19 – ශ්‍රී ලංකාව සහ නවසීලන්තය

The post “අපි හොද සූදානමකින්” – නායිකා චමරි කියයි appeared first on Sri Lanka Cricket.

You may also like

- island.lk

Aljazeera reported that a court in Pakistan’s eastern city of Lahore has struck down a colonial-era sedition law, calling it “inconsistent” with the constitution, in a verdict hailed by free speech advocates and journalists. A single-judge bench of the Lahore High Court on Thursday declared the sedition law unconstitutional. The court’s verdict will be applicable […]

- island.lk

President Ranil Wickremesinghe delivering the keynote address at the ‘Economic Dialogue- IMF and Beyond’ panel discussion, which took place at the Colombo Galle Face Hotel on Thursday (30) said that it is imperative for everyone to collaborate in creating a prosperous community for future generations, without resorting to finger-pointing and blaming each other.  

- island.lk

President Ranil Wickremesinghe and Speaker Mahinda Yapa Abeywardena paid their last respects to the late Joseph Michael Perera at the Parliament complex yesterday (30).

- adaderana.lk

The 51st commemoration ceremony for philanthropic politician and former minister Philip Gunawardena, was held yesterday (29), at the Bandaranaike Memorial International Conference Hall in Colombo under the patronage of President Ranil Wickremesinghe.

- adaderana.lk

The Bar Association of Sri Lanka (BASL) has issued a statement on the recent string of protests launched against former BASL President Saliya Pieris s decision to represent a client of apparent concern.

- adaderana.lk

Nine soldiers were killed in a crash of two medical evacuation Black Hawk helicopters during a routine nighttime training mission over Kentucky, the U.S. Army said on Thursday, in one of the military s deadliest training accidents in recent years.

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc