නිශාන් මදුශ්කගෙන් ද්විත්ව ශතකයක්
Chamila Karawita reporting from Galle
එංගලන්ත ලයන්ස් පිලට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පෑවත්වෙන පළමු සිව්දින ටෙස්ට් තරගයේ තෙවැනි දිනයේදී ශ්‍රී ලංකා ‘ඒ’ පිලේ ආරම්භක පිතිකරු නිශාන් මදුශ්ක ද්විත්ව ශතකයක් වාර්තා කිරීමට අද (02 දා) සමත්වූවේය. ලකුණු 331 ක් පළමු ඉනිමේ පිටුපසින් සිට දෙවැනි ඉනිම ඇරඹූ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමට මදුශ්කගේ ද්විත්ව ශතකය නිසා කඩුලු 3 කට ලකුණු 559 සීමාව ඉක්මවා ලීමට හැකියාව ලැබිණ.
ටොම් අබෙල්ගේ පන්දුවකට පුල් පහරක් එල්ල කරමින් ලබාගත් ලකුණු 4 ත් සමඟ මදුශ්ක සිය ද්විත්ව ශතකය සම්පූර්ණ කර ගත්තේය. මුහුණ දුන් 334 වැනි පන්දුවේදී එම කඩඉම ඉක්මවා යන විට මදුශ්ක සිය ඉනිම සඳහා මිනිත්තු 515 ක් වැය කර තිබිණ. හතරේ පහර 24 කීන් සහ හයේ පහර 2 කින් වර්ණවත් වුණු මදුශ්කගේ මෙම ද්විත්ව ශතකය ශ්‍රී ලංකා ‘ඒ තරග ඉතිහාසයේ පිතිකරුවකු රැස් කරන ලද පස්වැනි ද්විත්ව ශතකය ලෙසින් සටහන් වේ.
මීට පෙර මලින්ද වර්ණපුර (206), දිනේෂ් චන්දිමාල් (244), දිමුත් කරුණාරත්න (212) සහ පැතුම් නිස්සංක (217) මදුශ්කට පෙර ද්විත්ව ශතක ලාභීන් බවට පත්ව සිටිති.

The post <strong>නිශාන් මදුශ්කගෙන් ද්විත්ව ශතකයක්</strong> appeared first on Sri Lanka Cricket.