සිව්දින ක්රිකට් තරග දෙකටම වර්ෂාවෙන් බාධා
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දෙවැනි වතාවටත් පවත්වනු ලබන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ඊයේ පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ පැවැති ජැෆ්නා හා කලම්බු අතර තරගයේ පළමු දිනය වර්ෂාව හේතුවෙන් නතර කරද්දී සිය පළමු ඉනිම ක්‍රියාත්මක කරමින් සිටින ජැෆ්නා ක්‍රීඩකයෝ කඩුලු 5ක් දැවී ලකුණු 136ක් ලබාගෙන සිටියේය. මේ අතර, රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති දඹුල්ල හා කැන්ඩි අතර තරගය ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් එකම පන්දුවක් හෝ නොයවා පළමු දිනය අත්හැර දැමීමට විනිසුරුවෝ තීරණය කළහ.
පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී කාසියේ වාසිය දිනාගත් කලම්බු පිල මුලින් පන්දුවට පහරදීමට ජැෆ්නා පිලට ආරාධනා කළ අතර, ආරම්භක පිතිකරු රොන් චන්ද්‍රගුප්ත පන්දු 95කදී හතරේ පහර 8ක් සමග ලකුණු 68ක් ලබා තම කණ්ඩායම ප්‍රබල තත්ත්වයකට රැගෙන ආවේය. ත්‍රිත්ව විදුහලෙන් ක්‍රිකට් ක්‍රීඩාවට පිවිසි 27 හැවිරිදි රොන් කාශ්‍යප චන්ද්‍රගුප්ත පසුගිය සතියේ නිමාවට පත් වූ දඹුල්ල පිලට එරෙහි තරගයේදී ලකුණු 67ක් ලබා ගැනීමට සමත් විය. ඒ අනුව රොන් චන්ද්‍රගුප්ත මෙම තරගාවලියේ දැනට සහභාගීවූ තරග තුනකදී අර්ධ ශතක 2ක් ලබා සිටී.
ජැෆ්නා – කලම්බු තරගයේදී ජැෆ්නා පළමු ඉනිමේ මුල්ම කඩුල්ල ලකුණු 8 දී නවෝද් පරණවිතාන ලකුණු 2කට දැවීගිය අතර, අනතුරුව දෙවැනි කඩුල්ලට රොන් චන්ද්‍රගුප්ත හා කසුන් අබේරත්න අතර ලකුණු 72ක සම්බන්ධතාවක් ගොඩනැගුණි. කසුන් ලකුණු 36ක් ලබා සිටියදී දුවද්දී දැවී ගිය අතර, තෙවැනි කඩුල්ලට රොන් චන්ද්‍රගුප්ත ක්‍රීඩාගාරයට ගියේය.
අනතුරුව මාධව වර්ණපුර හා ධනංජය ද සිල්වා සිවුවැනි කඩුල්ලට ලකුණු 5ක සම්බන්ධතාවක් ගොඩනගා සිටියදී වර්ණපුර ලකුණු 13කට දැවී ගිය අතර, 5වැනි කඩුල්ල තවත් ලකුණු 5ක් එක්වෙද්දී අවිශ්ක තරිඳු ලකුණු 2කට දවා ගැනීමට තරිඳු රත්නායක සමත් වූවේය. ජැෆ්නා පළමු ඉනිමේදී නුවන් ප්‍රදීප් කඩුල්ලක් හා තරිදු රත්නායක කඩුලු 3ක් දවාගෙන ජැෆ්නා පිතිකරුවන්ට තර්ජනය එල්ල කළහ.
ජැෆ්නා – පළමු ඉනිමට ලකුණු 136 යි (ඕවර් 41.2) – (රොන් චන්ද්‍රගුප්ත 68, කසුන් අබේරත්න 36, මාධව වර්ණපුර 13, ධනංජය ද සිල්වා නොදැවී 7 ( නුවන් ප්‍රදීප් 41/1, තරිදු රත්නායක 19/3)
The post සිව්දින ක්රිකට් තරග දෙකටම වර්ෂාවෙන් බාධා appeared first on Sri Lanka Cricket.