කාන්තා ක්රිකට් ප්රවර්ධනයට සුසන්තිකාගේ සහාය
ශ්‍රී ලංකාවේ කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ඔලිම්පික් රිදී පදක්කම් ලාභී සුසන්තිකා ජයසිංහ මහත්මිය ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් අංශයේ සංවර්ධන, මනෝ උපදේශක හා අනුශාසක ලෙස පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.
ශ්‍රී ලංකාව වෙනුවෙන් ඔලිම්පික් පිටියේ විහිෂ්ඨතම දක්ෂතාව පෑ ක්‍රීඩිකාව මෙන්ම ඔලිම්පික් පිටියේ කෙටිදුර ධාවන ඉසව්වලදී පදක්කමක් දිනූ පළමු ක්‍රීඩිකාව වන ඇයගේ සේවය ශ්‍රී ලංකා ක්‍රිකට්හි අනාගතයට වැදග් වනු ඇති බවයි. ශ්‍රී ලංකාව වෙනුවෙන් ඔලිම්පික් රිදී පදක්කමක් දිනූ පළමු හා එකම ක්‍රීඩිකාව වන්නේ සුසන්තිකා ජයසිංහය.
“මෙම නව අභියෝගය ගැන මම අතිශයින් සතුටට පත්වෙමි”, යැයි නව පත්වීම පිළිබඳව අදහස් දක්වමින් සුසන්තිකා ජයසිංහ මහත්මිය පවසා සිටින්නීය. තරුණ ක්‍රීඩිකාවන්ට ක්‍රීඩා කිරීමට අභීයෝගවලට සාර්ථකව මුහුණ දීමට සහ තරු බවට පත්වීමට උපකාර කිරීමට තමාට අවස්ථවා ලැබී ඇති බවද ඇය වැඩිදුරටත් සඳහන් කර සිටියි.
සුසනතිකා ජයසිංහ මහත්මියගේ මේ නව පත්වීම පසුගිය 01 වැනිදා සිට ක්‍රියාත්මක වේ. ඒ අනුව ඇය දකුණු අප්‍රිකාවේ පැවත්වෙන කාන්තා පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පිටත්ව යෑමට කණ්ඩායමේ ක්‍රීඩිකාවන් මුණ ගැසීම කතා බහේ යෙදුණාය.
The post <strong>කාන්තා ක්රිකට් ප්රවර්ධනයට සුසන්තිකාගේ සහාය</strong><strong></strong> appeared first on Sri Lanka Cricket.