ජයග්රහණය දෙපිළටම විවෘත වෙයි
Chamila Karawita reporting from Galle
පන්දුවාර 68 කදී ලකුණු 333 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යන සිව්දින තරගයේ සිව්වැනි සහ අවසන් දිනය වන අද දිනයේදී තේ පානය සදහා තරගය නිමා කරන විට එංගලන්ත ලයන්ස් කණ්ඩායම දෙවැනි ඉනිම සඳහා කඩුලු 4 ක් දැවී ලකුණු 141 ක් ලබා සිටියේය. තේ පානයේ සිට තරගය නිමා වන තෙක් තරගයේ පන්දුවාර 36 ක් ඉතිරිව තිබෙන අතර එහිදී ලයන්ස් ජයග්‍රහණයට පිලට තවත් ලකුණු 192 ක්ද ශ්‍රී ලංකා ‘ඒ’ ජයග්‍රහණයට තවත් කඩුලු 6 ක් පමණක් ලබා ගත යුතුව තිබේ.
ප්‍රහාරාත්මක ආරම්භක පිතිකරු ඇලෙක්ස් ලීස් ඇතුළු ඉදිරි පෙළ පිතිකරුවන් සිව් දෙනොම මුලු ලකුණු සංඛ්‍යාව 67 ක්ව තිබියදී දවා ගැනීමට මිලාන් රත්නායක ප්‍රමුඛ ශ්‍රී ලංකා ‘ඒ’ පන්දු යවන්නන් සමත් වුවත්, පස්වැනි කඩුල්ලට එක් වූ ජොෂ් බොහනන් සහ ජැක් හේන්ස් ලකුණ 74 ක නොබිඳුණු සම්බන්ධතාවත් පවත්වමින් ලයන්ස් බලාපොරොත්තු වැඩි කළහ. ඒ සඳහා ඔවුහු වැය කර තිබුණේ පන්දු 74 ක් පමණි. පන්දුවාරයකට දල ලකුණු ලබා ගැනීමේ වේගය 6 කට ආසන්න අගයක් පවත්වා ගනිමින් පන්දුවට පහර දීමෙන් කියැවෙන්නේ ඉදිරි පෙළ පිතිකරුවන් සිව්දෙනා දැවී ගියද ලයන්ස් පිතිකරුවෝ ජයග්‍රහණය හඹා යෑමේ අදහස සිතින් අත් නොහළ ඇති බවයි.
මෙහිදී බොහනන් පන්දු 78 කදී ලකුණු 54 ක් රැස් කර ද්දී ජැක් හේන්ස් පන්දු 32 කදී වේගවත් ලකුණු 36 ක් ලබා සිටියි. පන්දු යැවීමේදී කැපී පෙනුණු මිලාන් රත්නායක පන්දුවාර 8 ක් යවමින් ලකුණු 31 ක් පමණක් ලබා දී දැවී ගිය කඩුලු 4 න් 3 ක්ම දවා ගෙන සිටියි. ඒ අතර ලයන්ස් නායක හසීබ් හමීඩ් දවා ගැනීම වෙනුවෙන් මිලාන් වෙතින් පෙරලා රැක ගත් උඩ පන්දුව විශිෂ්ඨ මට්ටමේ විය.
සිව්වැනි දිනය ආරම්භයේදීත් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ‘ඒ’ පිල තවත් ලකුණු 80 ක් පළමු ඉනිම සදහා පෙරවරුවේදී එක්කාසු කරගත්තේය. ඒ අතරතුරදී නායක නිපුන් ධනංජය ද සිය ශතකය සම්පූර්ණ කර ගත්තේය. පන්දු 170 ක් ඒ සදහා වැය කළ නිපුන් ලබා ගත් ලකුණු 128 සඳහා හයේ පහරක් සහ හතරේ පහර 18 ක් එල්ල කර තිබුණේය. දිනයේ දැවී ගිය පළමු පිතිකරුවා බවට පත් නිපුන් මුලු ලකුණු සංඛ්‍යාව 654 ක්ව තිබියදී පිටියෙන් ඉවතට ගියේය.
දැවී යෑමට මත්තෙන් නිශාන් මදුශ්ක සමග සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 203 ක් රැස් කිරීමට සමත්විය. ශ්‍රී ලංකා ‘ඒ’ පිලට මෙතරම් දැවැන්ත ලකුණු සංඛ්‍යාවකට පාර කැපුණේද පළමු පිතිකරුවන් 5 දෙනා අතර ගොඩ නැංවුණු සාර්ථක සම්බන්ධතාය. සිව්වැනි කඩුල්ලේ සම්බන්ධතාවට පෙර මදුශ්ක සමඟින් එක් වුණු ඔ්ෂද පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 203 ක්, දෙවැනි කඩුල්ල වෙනුවෙන් මානසිංහ ලකුණු 119 ක්, තෙවැනි කඩුල්ල වෙනුවෙන් නුවනිඳු ලකුණු 113 ක් වශයෙන් සාර්ථක සම්බන්ධතා ගොඩ නැංවූහ.
පැය 11 කට ආසන්න කාලයක් (මිනිත්තු 655) පුරා කඩුල්ලේ රැදී සිටි නිශාන් මුහුණ දුන් 423 වැනි පන්දුවේදී දැවී ගියේය. ජැක් කාසන්ගේ පන්දුවකට මැතිව් ෆිෂර් අතට උඩ පන්දුවක් ලබා දී නිශාන් පිටියෙන් ඉවත් වන විට අද උදෑසන එල්ල කරන ලද මනරම් ඉන්සයිඩ් අවුට් පහරින් රැස් කරගත් හයේ පහරද සමග හයේ පහර 4 කින් සහ හතරේ පහර 24 කින් සමන්විත කර ගත්තේය. ධනංජයගේ දැවී යෑමෙන් පසු ශ්‍රී ලංකා ඉනිම නොසිතූ ලෙස කඩුලු එක පිට එක දැවී ගියේ 654 කට කඩුලු 3 ක්ව තිබූ ලකුණු පුවරුව ලකුණු 9 ක් හෙවත් මුලු ලකුනු සංඛ්‍යාව 663 ක් වන විට කඩුලු 9 ක් බවට පත් කරමිනි. 9 වැනි කඩුල්ල ලෙසින් අම්ෂි ද සිල්වා දැවී යෑමත් සමඟ ශ්‍රී ලංකා ‘ඒ’ ඉනිම කඩුලු 9 කට ලකුණු 663 ක්ව තිබියදී අත්හිටුවීමට පියවර ගත්තේය.
ශ්‍රී ලංකා ‘ඒ’ පළමු ඉනිම 136 යි
එංගලන්ත ලයන්ස් පළමු ඉනිම 467 යි

The post <strong>ජයග්‍රහණය දෙපිළටම විවෘත වෙයි</strong> appeared first on Sri Lanka Cricket.