ජනපති ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වැඳපුදා ගනී
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජය ශ්‍රී මහා බෝ සමිදුන් අභියස අද අළුයම ආගමික වතාවත්වල නිරත වුණා.
පුදබිමට පැමිණි ජනාධිපතිතුමා අටමස්ථානාදිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරි නිවාස ස්වාමීන් වහන්සේ බැහැ දැක ආශිර්වාද ලබාගත්තා. ෙඑතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිදුන් උදෙසා කිරි ආහාර පූජාවක් සිදු කෙරුණේද ජනාධිපතිතුමාගේ අතින්. රට වැසි සහ ලෝ වැසි ජනතාව කොරෝනා උවදුරෙන් මිදී සුවපත් වේවායි එහිදී ප්‍රාර්ථනා කෙරුණා. මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද ෙඑතිහාසික ජය ශ්‍රී මහ බෝ සමිදුන් වැද පුදා ගත්තා. අටමස්ථානාදිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරි නිවාස ස්වාමීන් වහන්සේ බැහැ දුටු අගමැතිතුමා උන් වහන්සේගෙන් අශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව ආගමික වතාවත්වල නිරත වුණා. අනතුරුව රුවන්වැලි මහා සෑ විහාරාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන ස්වාමීන් වහන්සේද බැහැදුටු අගමැතිතුමා රුවන්වැලි මහ සෑය අභියසදී ආගමික වතාවත්වල නිරත වුණා. මේ අවස්ථාවට අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්ෂ, අමාත්‍ය එස් ඒන් චන්ද්‍රසේන, රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක් වුණා.
The post ජනපති ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වැඳපුදා ගනී appeared first on ITN News.