මහර බන්ධනාගාර සිදුවීමෙන් 6ක් ජිවිතක්ෂයට, 35කට තුවාලයි
මහර බන්ධනාගාරය ආශ්‍රිතව ඇතිවූ නොසන්සුන්කාරි තත්ත්වය පාලනය කිරීමේදී රැඳවියන් 06 දෙනෙකු මියගොස් ඇති අතර රැඳවියන් 35 දෙනෙකු සහ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර තිබේ.
තුවාල ලැබු රැඳවියන් සහ බන්ධනාගාර නිලධාරීන් රෝහල් ගත කර ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.
නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කර ඇත්තේ බන්ධනාගාර නිලධාරීන් විසින් ඇතිවූ උණුසුම් තත්ත්වය පාලනය කිරීමට සිය අවම බලය යොදා ඇති බවයි.
බන්ධනාගාරය තුල සිටින රැඳවියන් විසින් ලේඛණාගාරය සහ මුළුතැන්ගෙය ඇතුළු ගොඩනැගිලි කිහිපයක් ගිනි තබා ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර තිබේ.
සිරකරුවන් ගෙන ගිය විරෝධතාවක් පාලනය කිරීමට බන්ධනාගාර නිලධාරින් වෙඩි තැබූ බව සවස් භාගයේ වාර්තා විය. තත්වය පාලනය කිරීමට පොලිස් කණ්ඩායම් හා විශේෂ කාර්ය බලකාය කැඳවන ලද අතර දිගින් දිගටම වෙඩි තැබීම් සිදුවන බවද කෑගැසීම් ඇසෙන බවද ප්‍රදේශයෙන් වාර්තා විය.
The post මහර බන්ධනාගාර සිදුවීමෙන් 6ක් ජිවිතක්ෂයට, 35කට තුවාලයි appeared first on Lanka Views | Views of the truth.