අතහැර දමා තිබූ ගාල්ල හෝලුවාගොඩ වෙල් යායක සාර්ථකව වගා කරයි
පසේ ආම්ලිකතාව නිසා වගා කළ නොහැකි යැයි අතහැර දමා තිබූ ගාල්ල හෝලුවාගොඩ ප්‍ර දේශයේ වෙල් යායක සාර්ථක ලෙස වගා කටයුතු සිදු කිරීමට හැකිවී තිබෙනවා. එම ගොවි බිම නිරීක්ෂණයට අමාත්‍ය රමේෂ් පතිරණ මහතා අද පැමිණියා.
අමාත්‍ය රමේෂ් පතිරණ මහතාගේ සංකල්පයකට අනුව සෝජාන් ක්‍රමය යටතේ අක්කර හතරක පමණ ප්‍ර දේශයක වැවිලි කටයුතු සිදු කෙරෙනවා. එළවළු සහ පලතුරුවලට අමතරව අතිරේක බෝග මිරිදිය මත්ස්‍ය වගාව,මී මැසි පාලනය මෙන්ම කුකුළු පාලනය ද එහි සිදු කෙරෙන බවයි අප වාර්තාකරුවන් සදහන් කළේ. වසර හතලිස් පහකට වැඩි කාලයක් මෙම කුඹුරු යාය පුරන්ව තිබුණා. පාරුවකින් ගොස් ගොවිපොළේ ඵලදාව නෙලා ගැනීම සිත් ඇදගන්නා සුළු දසුනක් බවට පත්ව තිබෙනවා.
The post අතහැර දමා තිබූ ගාල්ල හෝලුවාගොඩ වෙල් යායක සාර්ථකව වගා කරයි appeared first on ITN News.