මියගිය රැඳවියන්ගේ දේහ ආදාහනය නොකරන ලෙස දන්වමින් මානව හිමිකම් කොමිසමෙන් ලිපියක්
මහර බන්ධනාගාරයේ දී මියගිය රැඳවියන්ගේ සිරුරු ආදාහනයට හෝ විනාශ නොකරන ලෙස නැවත මතක් කරමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විසින් උතුරු කොළඹ ශික්ෂණ රෝහලට ලිපියක් යොමු කර තිබෙනවා.
මහර බන්ධනාගාරයේ දී මියගිය 11නාගේ එම මෘතදේහ පසුගිය නොවැම්බරයේ 30 දින උතුරු කොළඹ ශික්ෂණ රෝහලට ලබා දීමට HRCL වෙතින් අදාළ බළධාරින් දැනුවත් කර තිබේ.
මාධ්‍ය වාර්තා වලට අනුව එහිදි මියගිය අයගෙන් 8කුට හට කොරෝනා ආසාදිත බව වාර්තා කර තිබේ.
සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේද වලට අනුව මෙම දේහ ආදාහනය සම්බන්ධ දැනුවත් නමුත් මෙම මෘතදේහ මේ වන විටත් ආරම්භ කර ඇති විමර්ශන කටයුතුහි කොටසක් බැවින් එහි මරණ පරීක්ෂණ අවසන් වන තුරු ඒවා ආදාහනය නොකරන ලෙස දැනුවත් කරමින් සෞඛ්‍ය විදිවිදාන වලට අනුකුලව ආරක්ෂා කරන ලෙස ශ්‍රීලංකා මානව හිමිකම් කොමිසම ලිපියෙන් ඉල්ලිම් කර තිබේ.
මේ අතර හැකි සෑම අවස්ථාවකදීම, ඡායාරූප වැනි සිරුරු බාහිර පරීක්ෂාව ආරම්භ කළ හැකි අතර, මේ සඳහා අධිකරණ වෛද්‍ය කණ්ඩායමට ප්‍රවේශය ලබා දිය යුතු බව ද එහි සඳහන් කර තිබේ.
The post මියගිය රැඳවියන්ගේ දේහ ආදාහනය නොකරන ලෙස දන්වමින් මානව හිමිකම් කොමිසමෙන් ලිපියක් appeared first on Lanka Views | Views of the truth.