අරගලයේ දිශානතිය සහ බලය

- colombotelegraph.com

මහින්ද ගුණරත්න​ –

සති දෙකකට අධික කාලයක් තිස්සේ අඛන්ඩව පවත්වාගෙන යනුලබන ගෝල්ෆේස් අරගලය නොහොත් “ගෝඨාගෝගම” අන්දරය පිලිබඳ අටුවාටීකා ලිවීම අනවශ්‍යය. එළඹෙන දිනයේදී මෙම නවපන්නයේ තරුණ අරගලය අඛන්ඩ ජයග්‍රහන අප මාතෘභූමිය වෙත ගෙනඒමට නියමිතය. එය අපගේ මහජන නැගිටීම් පිලිබඳ පක්ෂවාදී පිලිවෙත සහමුලින්ම පෙරලාදමා නව අධිවේගී පිවිසුමක් සකසා ඇතිබව පැහැදිලිය. දැනුවත්ව හෝ නොදැනුවත්වම මුළු රටම එම අරගලයේ මාවතට පිවිසඇති අතර බලකාමී දූෂිත රාජපක්ෂ රෙජිමය තනි අතකින් මහා ගංගාවක් හරවන්නට උත්සාහ කරනුයේ මුග්ධභාවයේ කඩතුරාවෙන් ඔවුන් අන්ධ වී සිටින බැවිනි. රට තුල මෙන්ම විදේශයන්හිද බුර බුරා නැගෙන රාජපක්ෂ විරෝධය අපට තහවුරු කරනුයේ චෞර රාජ්‍යයේ පවුරු පදනම් දෙදරා ගොස් ඇති බවයි. ඔවුන් තවමත් ඉවත්ව යාමට සූදානම් නැති නමුත් නින්දිතව පලා යාමට සිදුවන බව ඉතා පැහැදිලිය.

අපගේ කෙටිකාලින දේශපාලන ඉතිහාසය තුල තරුණ අරගල පිලිබඳ මතකය අතිශයින්ම සාහසිකය, කෘරය, බියකරුය. ඒ නිසාමදෝ පසුගිය දශකය තුල තරුණ දේශපාලන ක්‍රියාකාරිත්වය මන්දගාමී සහ පාක්‍ෂික දේශපාලනයකට ලඝු විය. නමුත් තරුණ බහුතරය සමාජ මාධ්‍ය මත පදනම්ව ඇඟිලි තුඩින් විප්ලව කරන්නන් ලෙස හඳුන්වා දෙනු ලැබීය. නමුත් එම ඇඟිලිතුඩු, ඉතා බලසම්පන්න යැයි හඳුන්වාදුන් රාජපක්ෂ රෙජීමය නිවාස අඩස්සියේ තැබීමට අවශ්‍ය කරන ජවය සහ මගපෙන්වීම ගෙනඑනු ලැබීය. දිවයිනේ නන්දෙසින් ඇරඹී අගනුවර වීදි යටකරගෙන ගලන මහා ජනගඟ ගාලු මුවදොර කරා ගලනුයේ සයුර කරා ඇදීඑන මහා ගංගාවන් ලෙසිනි. මෙම නිදහසේ ජලධාරාවන් අප පෙළන මෙම දූෂිත චෞර රාජ්‍යයෙහි පවුරු පදනම් පෙරළා දමා කුණු වී දුගඳ හමන්නාවූ පවතින ජඩ දේශපාලනය මුලිනුපුටා දැමීමට නියමිතව ඇත.

අන්ධභක්තියෙන් යුතුව කතිරගැසීමේ දේශපාලනයේ සිට අඛණ්ඩ වාඩිලාගැනීමක් දක්වා රාජ්‍යය වෙනස්වීම සඳහා ගතවූයේ වසර දෙකක් පමණි. එතැන් සිට වාඩිලා ගන්නන්ගේ අවශ්‍යතාවය හදුනාගෙන ඒ අනුව පාලන තන්ත්‍රය සැකැසිය යුතු බවට ප්‍රධාන දේශපාලන පක්ෂ සියල්ලම පාහේ අවබෝධ කරගැනීමට සහ එවැනි පාලනයක් සැකසීමට සුදුසු මංපෙත් සොයා බැලීමට ගතවූයේ සතියකට අඩු කාලයකි. වෙනදා දේශපාලකයාගේ කීමට අනුව කටයුතු කරන ජනතාව තමන්ට ඇවැසි ආකාරයට පාලකයා ව හැසිරවිය හැකිබව අවබෝධ කරගැනීම මෙම අරගලයේ අතිශයින් ම වර්ධනීය අවස්ථාවයි. මෙම අරගලය ඉදිරියට ගෙනයමින් දුෂ්ඨ පාලන තන්ත්‍රය වනසා දමා පත්කර ගන්නා වූ නව පාලනය සමාජ ප්‍රජාතන්ත්‍රවාදයේ ඉහලම අංග ලක්ෂණ වලින් සමන්විත දියුණු රාජ්‍යයක ව්‍යුහයෙන්, ධුරයන් හා ක්‍රියාවලීන්ගෙන් සමන්විත වන බවට වගබලා ගැනීම අප සැමගේ වගකීම වේ. ඒ සඳහාවන පලමු කොන්දේසිය වනුයේ අබන්ඩ අරගලය සමග අපගේ උසස්ම බලාපොරොත්තු විධිමත්ව බද්ධ කර අදාල වෙනස්කම් මහපොලවේ පැල කිරීමට පෙරමුණ ගැනීමය.

ඒ අනුව අප සමාජයේ සියළුම ජන කොටස්, විවිධ සමාජ සංස්ථාවන්, ස්ථරයන් සහ සමාජ දහරාවන් තරුණ ජවය සමඟ ඒකාත්මික වෙමින් ඔවුන් හා එක් වීමට ග්‍රාමීය, ප්‍රාදේශීය මෙන්ම ජාතික මට්ටමින් බලකඳවුරු තර කරමින්, මහමඟ අරගල භූමිය කරගනිමින් අගනුවර කර ඇදෙමින් පවතී. අඛණ්ඩ වාඩිලා ගැනීම විසින් බොහෝ සුවපහසුව වැතිරීසිටි පාලකයා සිංහාසනයෙන් බිමට ඇදදමන දිනය වැඩි ඈතක නොවේ. ඒ සමගම දශක ගණනාවක් කුඨප්‍රාප්තිව පැවති දේශපාලන මතවාදයන්, භාවිතයන් මෙන්ම පාලන තන්ත්‍රයන් ද අහෝසි වී යනු ඇත. 73 වසරක සාපය අවසන් කිරීම සඳහාවන ජනතා හඬ අපට පැහැදිලි කර දෙනුයේ එයයි. එයට තමන් අයිති නැතය යි ක්‍රියාවෙන් ඔප්පු කර පෙන්වන මෙන් බල තන්ත්‍රයේ සෑම පුරුකකම පරම වගකීම බව අප හඬගා කිව යුතුය.

දූෂිත රාජපක්ෂ රෙජිමයේ දේශපාලනය අප රට විනාස කිරීමට මෙන් ම සිහිය විකල් වී සිටි ජනයා අවදි කිරීමට ද හේතු වූ බව මෙහිලා සඳහන් කරනුයේ ඉදිරියේ එන කවර පාලකයකුට වුවද කරන අනතුරු ඇඟවීමක් ලෙසිනි. බලය දුන් කෙනා විසින්ම බලය ආපසු ගන්නා බවට මෙය කදිම උදාහරණයකි. පාලකයින්ගේ අසාධාරණය හා අයුක්තිය හමුවේ තවදුරටත් නිහඬව සිටීමට අප සූදානම් නැති බව අප හඬගා කියමු. එසේම අප ඔවුන්ගේ අනුගාමිකයින් නොව ඔවුන් අපගේ සේවකයින් බව පාලකයින් සියලු දෙනාම වටහා ගත යුතුය.

පවතින විකෘති ප්‍රජාතන්ත්‍රවාදයේ සරදම වනුයේ පවතින පාලන තන්ත්‍රය පවතින පාර්ලිමේන්තුව තුළින් ම වෙනස් කර ගැනීමට සිදුව තිබීමය. රාජ්‍යය මුහුණ දී තිබෙන බරපතළ ආර්ථික, සමාජීය, හා දේශපාලනික අර්බුදයේ ගැඹුර විසින් විපක්ෂයේ කොටස් ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට තල්ලුකර ඇතිබව පැහැදිලි ය. නමුත් මෙම ක්‍රියාවලිය ඉතාම කඩිනම් විය යුතුය. හැම දිනකම අප මහා ඛේදවාචකයක් දෙසට ගමන් ගන්නා බව පාර්ලිමේන්තුවේ ජනමතය නියෝජනය කරන්නන් දැනගත යුතුය. එසේම කෙටිකාලීන ජයග්‍රහණ දිගුකාලින ජයග්‍රහන සඳහා පදනම් සකසන බවද එය රැඳී පවතිනුයේ පාර්ලිමේන්තුවේ ඔළුගෙඩි මාරුවකින් පමනක් බවද යන්න සරල ගණිත අවබෝධයකි. මන්ද යත් මේ මොහොතේ සුළුතරය බහුතරය වෙනවා විනා අලුත් මැතිවරණයකට යාම කිසිසේත්ම පහසු ක්‍රියාවක් නොවන බැවිනි.

කෙසේ නමුත් අපට තිබුණු ස්වර්ණමය අවස්ථාවක් විපක්ෂය විසින් ප්‍රතික්ෂේප කළ බව ඔවුන් තේරුම් ගත යුතුයි. එනම් අරගලයේ පළමු සතියේ දී අමාත්‍ය මණ්ඩලය ඉල්ලා අස් වූ අවස්ථාවේ දී ආණ්ඩුව ඉතාම දුර්වලව පැවති නමුත් විපක්ෂය විසින් රාජ්‍ය බලය භාරගැනීම ප්‍රතික්ෂේප කරනු ලැබීමය. ඒ සඳහා ඔළුගෙඩි එහාමෙහා කළහැකි බව සහ එසේ ඒමට කැමති අය රජය පාර්ශවයේ සිටි බවද අප සැවොම දන්නා කරුණකි. ඒ වෙනුවට ජනතා වරමක් පැතීම මුග්ධ ක්‍රියාවක් බව මේ වනවිට තහවුරු වී ඇත. එබැවින් විශ්වාසභංග හරහා, දෝෂාභියෝග හරහා විපක්ෂයට දැන් කිරීමට සිදුව ඇත්තේ ද ඔළුගෙඩි මාරුවකින් පාර්ලිමේන්තුව ඇතුළේ බලය තහවුරු කරගැනීමය. නමුත් ආණ්ඩුව දුර්වලව පැවතියේ ජන බලය හමුවේ අමාත්‍ය මණ්ඩලය ඉල්ලා අස්වීම සිදුවූ අවස්ථාවේ මිස ඉන් පසු සතියේ නොවන බව විපක්ෂයේ කිහිප දෙනෙක් රජයට එක් වීමෙන් ඔප්පුකර පෙන්විය.

රටට සිදුවූ විනාශයට පසු දිනයේ සිට ආණ්ඩුවට බැන වදිනවා වෙනුවට ආණ්ඩුපක්ෂයෙන් දැන් එකතුකර ගැනීමට මාන බලන කොටස එකතු කරගෙන එදා ආණ්ඩුවට බහුතරය නැති බව තහවුරුකර පාර්ලිමේන්තුවේ බලය ඉතා පහසුවෙන් ලබා ගැනීමට හැකියාව තිබුණු බව පැහැදිලිය. මේ සඳහා රාජපක්ෂ රෙජීමයට තිබෙනවාට වඩා දේශපාලන පරිණතභාවයක් සහ භාවිතයක් විපක්ෂයට තිබිය යුතුය. ඩීල් දේශපාලනය මෙම මොහොතේදී අවශ්‍යවන්නේ පාර්ලිමේන්තුවෙන් පිටත මෙම ගැටය ලිහා ගැනීම ඉතාම සංකීර්ණ මෙන්ම අවදානම් කාරණයක් වන බැවිනි. එසේම මං සුදනා රංගනය තවදුරටත් වලංගු නොවන බවත් විධායකයේ සහ ව්‍යාවස්ථාදායකයේ සෑම දෙනාගේම දෑත්වල යහමින් ලේ තැවරී ඇති බවත් ඔවුන් අවබෝධ කරගත යුතුය. අධිකරණයද නාමික ස්වාධීනත්වයෙන් එහාට යමින් ජනතාවට පක්ෂපාතීවීම සහ ජන අරගලය ආරක්ෂා කිරීමට සක්‍රීයව දායක වීම සිය වගකීමව ඇත. ඒ සඳහා අධිකරණය විධායකයෙන් මුළුමනින්ම ස්වාධීන කිරීම හා පවතින නීති ක්‍රමයේ බරපතල සංශෝධනයන් කිරීමද අත්‍යවශාව ඇත. මෙය පොලිසිය, ත්‍රිවිධ හමුදාව ඇතුලුව සමස්ථ රාජ්‍ය තන්ත්‍රයටම අදාලය.

නූතන ප්‍රජාතන්ත්‍රවාදය අනුව බලය ගොඩ නැගෙන්නේ ඔළුගෙඩි තුළිනි. ඡන්දයේදී වැඩි ඔලුගෙඩි ගණනක් ගන්නා පක්ෂය ජයග්‍රහණය කරයි. නමුත් පාර්ලිමේන්තුව තුළ ඔලුගෙඩි එහා මෙහා කර රාජපක්ෂ රෙජීමය ජනතා පරමාධිපත්‍යය කිළුටු කළේ වරක් දෙවරක් නොවෙයි. මුළු රටම මෙවන් බරපතල අර්බුදයක ගිලී තිබියදී පවා ඔලු ගෙඩි මාරුකර කැබිනැට්ටු සකසන්නේ දේශපාලන කුමන්ත්‍රන ඔවුන්ගේ ජම්ම ගතිය වන බැවිනි. කෙසේ වෙතත් ඌරාගේ මාළු උගේ ඇඟේම තබා කැපීමේ කලාව විපක්ෂය තවම ඉගෙනගෙන නැති හැඩයි. නමුත් පාර්ලිමේන්තුවට ගෙනඑනවා යැයි කියන විශ්වාසභංගය සහ දෝෂාභියෝගය ජයග්‍රහණය කිරීම සඳහා ඔවුන්ට හෙට දිනයේ මෙය කිරීමට සිදුවෙනු ඇත. නමුත් එතරම් දුෂ්කර ගමනක් මෙවන් දුෂ්කර අවස්ථාවක යනවා වෙනුවට පළමු සතියේ දී ම පාර්ලිමේන්තුවේ බලය ඩැහැ ගත්තා නම් රාජපක්ෂලා මේ වන විට ගෙදරය. එබැවින් හැකි පළමු අවස්ථාවේම පාර්ලිමේන්තුවේ බහුතරය ලබා ගැනීම ජනතා අරගලය වෙනුවෙන් විපක්ෂයට මේ මොහොතේ දී කළ හැකි උසස්ම මෙහෙයයි. එසේ නොවුණහොත් ගෝඨා මෙන්ම 225ම ගෙදර යා යුතු යැයි වන වාඩිලා ගත් තරුණයන් ගේ මතය ඔබ තහවුරුකලා වනු ඇත.

ලද පළමු මොහොතේම බලය ලබා නොගැනීම තුල සිදුව ඇත්තේ අලුත් කැබිනට්ටුවක් හරහා රාජපක්ෂ රෙජීමය තව දින කිහිපයකට හෝ ස්ථාවර වීම පමණි. නමුත් සෑම අඳුරු වළාකුළකම රිදී රේඛාවක් ඇතැයි කියන්නා සේ එසේ නොකිරීමෙන් ලද යහපත ද අප හඳුනාගත යුතුය. එනම් පාර්ලිමේන්තුවේ කුමන ක්‍රියාවලියක් සිදු වුවද තමන්ගේ අරගලය අත්හැර දැමීමට ජනතාව සූදානම් නැති බව ඉතා ධෛර්යය සම්පන්නව දිනපතාම තහවුරු කර සිටීමය. තවද මෙවනි නිර්පාක්ෂික දේශපාලනික ක්‍රියාවලිය විසින් පවත්නා දේශපාලනයට නව අර්ථකථන සහ නව ප්‍රවේශයන් හඳුන්වාදීමට හැකිවීම ය. පාර්ලිමේන්තුවෙන් පිටත ජනතා බලයක් සඳහා වන සටන් පාඨ රැව් පිළිරැව් දීමය. අතිශයින්ම ප්‍රගතිශීලී මෙම ප්‍රවේශය ප්‍රජාතන්ත්‍රවාදය, මානව ගරුත්වය, සහ සංවර්ධනය සදහා වන අපගේ උසස්ම බලාපොරොත්තු සනිටුහන් කරයි.

පාර්ලිමේන්තුවේ දැනට සිටින කතා සාප්පු කාරයන් ඔවුන්ගේ කාර්යය ඉටුකර බැහැර යන දිනය වැඩි ඈතක නොවනු ඇත. මෙම දූෂිත ක්‍රමයේම කොටසක් වන විපක්ෂයට අලුතින්ම හිතා බලා අලුත්ම ක්‍රියාමාර්ග ගැනීමට අරගලය විසින් බල කර ඇත. එසේම දිග්ගැසෙන අරගලය විසින් අලූත්ම පන්නයේ සමාජ ක්‍රියාකාරීන්, සමාජ සම්බන්ධතා හා අලූත් දේශපාලන නායකයින් හඳුනා ගනු ඇත. අපගේ හෙට දවස ගොඩනැගෙනු ඇත්තේ ඔවුන් අතරින් මතුව එන ජනතාවාදි, පුලුල් දැක්මකින් යුත් නායකයින් විසිනි. එබැවින් අලුත්ම පාලන තන්ත්‍රයකට අවැසි කරන අලුත් නායකයින් බිහි කරන තරුණ අරගලය විසින් පක්ෂ දේශපාලනය අතික්‍රමනය කරන, සම්ප්‍රදායික බල කේන්ද්‍රයෙන් එපිටට යන මහජන ව්‍යාපාරයක් විසින් සියලු බලය මහජනයා වෙතට ලබා ගන්නා දිනය වැඩි ඈතක නොවනු ඇත. නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවට සහභාගීත්ව ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත වූ, ප්‍රජාතන්ත්‍රවාදය යනු ජනතාවගේ බලය මිස පාලකයාගේ කැමැත්ත නොවන බව තහවුරු වෙන සමාජයක් දක්වා අපගේ අරගලය අප ගෙන යා යුතුය. සක්‍රීය පුරවැසි ක්‍රියාකාරිත්ව පාලන තන්ත්‍රයේ අත්‍යවශ්‍ය අංගයක් බව ද සංවර්ධනයේ තීන්දු තීරණ ගැනීමේ ක්‍රියාවලිය ජනතා සහභාගිත්වයෙන් තොරව නොකල හැකි බව ද අප ව්‍යවස්ථාපිතව සහ ක්‍රියාත්මකව තහවුරු කර ගත යුතුය.

The post අරගලයේ දිශානතිය සහ බලය appeared first on Colombo Telegraph.

You may also like

- island.lk

Travis Head and Steve Smith feasted on India’s wayward attack in what weren’t easy batting conditions to put Australia in the box seat of the World Test Championship final by the end of day one at The Oval. Head stroked his way to his first century outside Australia, and Smith was five short of his […]

- adaderana.lk

President Ranil Wickremesinghe has announced plans to establish a Digital Promotion Agency aimed at developing computer applications for the collection and monitoring of data from various government entities in Sri Lanka.

- adaderana.lk

The Chairman of the Committee on Public Enterprise (COPE) Prof. Ranjith Bandara has taken stern exception at the non-compliance of the Geological Survey and Mines Bureau (GSMB) that despite this being the third time it was summoned before the committee, no redress had been made for outstanding issues.

- island.lk

Defending champion Iga Swiatek maintained her dominance over American teenager Coco Gauff to set up a French Open semi-final against Brazilian 14th seed Beatriz Haddad Maia. World number one Swiatek, who beat Gauff in the 2022 final, won 6-4 6-2. The contest was much closer than last year but Swiatek’s quality showed in a seventh […]

- island.lk

The Sri Lanka Navy successfully rescued 38 individuals who were stranded on a grounded trawler at the entrance of Delft Jetty this morning (07th June 2023). The timely intervention of the Navy prevented a significant loss of life and property. Had the trawler sunk at the entrance of Delft Jetty, it would have posed significant […]

- island.lk

Rear Admiral Hiran Balasuriya assumed duties as Director General Civil Engineering at the Office of Director General Civil Engineering at Navy Headquarters on 06th June 2023.

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc