නීතිවිරෝධීව ඉන්ධන රැස් කළ 997ක් අත්අඩංගුවට
නීතිවිරෝධි ලෙස ඉන්ධන තොග රැස් කිරීම, ගබඩා කිරීම සහ අලෙවි කිරීම තහනම් බව පොලීසිය යළිත් අවධාරණය කරනවා. එවැනි පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක බවයි පොලීසිය පවසන්නේ.
දින 10 ක් තුළ එනම් පසුගිය 11 වනදා පෙරවරු හයේ සිට අද පෙරවරු 6 දක්වා කාලය තුළ නීතිවිරෝධී ලෙස ඉන්ධන තොග රැස්කිරීම්, ගබඩා කිරීම් සහ අලෙවි කිරීම් සම්බන්ධ වැටලීම් 1,077 ක් සිදුකර තිබෙනවා. පොලීසිය සිදුකළ මෙම වැටලීම්වලින් කසැකකරුවන් 997 දෙනෙකු අත්අඩංගුවට ගැණුනා.
එහිදී පෙට්‍රල් ලීටර් 33,847 ක් අත්අඩංගුවට ගැනීමට හැකිවූ බවයි පොලීසිය පොලීසිය පවසන්නේ. ඩීසල් ලීටර් 109,634 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම වැටලීම්වලදී පොලීසිය සිය භාරයට ගත් භූමිතෙල් ලීටර් සංඛ්‍යාව 19,214 ක්. මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් පිළිබදව නීත්‍යනුකූලව කටයුතු කරන බවයි පොලීසිය තවදුරටත් සදහන් කරන්නේ.
The post නීතිවිරෝධීව ඉන්ධන රැස් කළ 997ක් අත්අඩංගුවට appeared first on ITN News.