ගෝඨාභය රාජපක්ෂ:යුද අපරාධ චෝදනා මත අත්අඩංගුවට ගන්නැයි සිංගප්පූරු නීතිපතිට පැමිණිල්ලක්
2009 දී ආරක්ෂක අමාත්යංශ ලේකම්වරයා ලෙස කටයුතු කරමින් සිටියදී යුද්ධයේ අවසන් කාලසීමාව තුළ ගෝඨාභය රාජපක්ෂ විසින් ජිනීවා ප්රඥප්තීන් බරපතල ලෙස උල්ලංඝණය කළ බවට පැමිණිල්ල විසින් චෝදනා කර සිටියි.