බොරලුගොට උපන්ගමට ගිය අගමැති දිනේෂ් මහජනතාවගේ උත්තරීතර බව පහදයි
සියලු දේට වඩා මහජනතාව උත්තරීතර බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා.
තම පියාණන් වන පිලිප් ගුණවර්ධන මහතාගේ බොරලුගොඩ පිහිටි ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වීමේ අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා. එම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණී ගුණවර්ධන මහතා ඇතුළු ප්‍රාදේශීය දේශපාලනඥයින් පිරිසක් එක්ව සිටියා.
මේ අතර අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහත හා ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා අතර හමුවක් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවත්වුණා. චීන අග්‍රාමාත්‍යවරයා මෙරට නව අග්‍රාමාත්‍යවරයාට යොමු කළ සුබපැතුම් පණිවුඩය මෙහිදී නිල වශයෙන් භාර දුන්නා.දෙරට අතර ආර්ථික සංස්කෘතික හා කෘෂිකාර්මික සබදතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමේ අවශ්‍යතාව මෙහිදී අවධාරණය කෙරුණා. චීන සංචාරකයන් යළි දිවයිනට ගෙන්වා ගැනීමේ වැදගත්කම පිළිබදව ද සාකච්ඡා කර තිබෙනවා.
The post බොරලුගොට උපන්ගමට ගිය අගමැති දිනේෂ් මහජනතාවගේ උත්තරීතර බව පහදයි appeared first on ITN News.