අගමැති සහ ශ්රී ලංකාවේ චීන තානාපතිවරයා අතර හමුවක්
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහත හා ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා අතර හමුවක් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවත්වුණා.
චීන අග්‍රාමාත්‍යවරයා මෙරට නව අග්‍රාමාත්‍යවරයාට යොමු කළ සුබපැතුම් පණිවුඩය මෙහිදී නිල වශයෙන් භාර දුන්නා.දෙරට අතර ආර්ථික සංස්කෘතික හා කෘෂිකාර්මික සබදතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමේ අවශ්‍යතාව මෙහිදී අවධාරණය කෙරුණා. චීන සංචාරකයන් යළි දිවයිනට ගෙන්වා ගැනීමේ වැදගත්කම පිළිබඳව ද සාකච්ඡා කර තිබෙනවා.
The post අගමැති සහ ශ්රී ලංකාවේ චීන තානාපතිවරයා අතර හමුවක් appeared first on ITN News.