ශ්රී ලංකාව මේ වන විට දරුණුතම ආර්ථික අර්බුදය අත්විඳිමින් සිටින බව ජනපති කියයි

- itnnews.lk

ශ්‍රී ලංකාව මේ වන විට දරුණුතම ආර්ථික අර්බුදය අත්විඳිමින් සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. මෙම තත්වය හමුවේ ඇණහිට තිබෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන සාකච්ඡා දේශපාලන ස්ථාවරත්වය ඇති කිරීමෙන් පසු අවසන් කිරීමට හැකිවන බවද ජනාධිපතිතුමා සදහන් කරනවා.

ඒ මහතා මේ බව සඳහන් කළේ වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත්පත සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනුයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ දැනටමත් ශ්‍රී ලංකාවේ ආර්ථිකය පහළම මට්ටමට පැමිණ ඇති බවත්, ආර්ථිකය යාථා තත්වටය ගෙන ඒමට හැකිවූවද එම ඉලක්කයට ලගා වන වේගය මත  සියල්ල රඳා පවතින බවයි. ඉහළ උද්ධමනය,  ඉන්ධන හා ගෑස් සඳහා පවතින පෝලිම් තවත් මාස කිහිපයක් ශ්‍රී ලාකිංකයින්ට අත්විඳීමට සිදු විය හැකි අතර  ඉදිරි මාස කිහිපය තුළදී ශ්‍රී ලංකා ආර්ථිකය කැපී පෙනෙන ලෙස දියුණු විය හැකි බව ද ජනාධිපතිවරයා සඳහන් කරනවා. එමෙන්ම ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ පැවැත්වෙන සාකච්ඡා අගෝස්තු මස අවසානයේ දී එකඟතාවයකට එළඹෙනු ඇති බවට තමන් අපේක්ෂා කරන බවද ඔහු පවසනවා. ඒ සඳහා ස්වෛරී බැඳුම්කර හිමියන් සහ ද්වීපාර්ශවික ණය හිමියන් අතර තවදුරටත් සාකච්ඡා සිදු කළ යුතු බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ. මූල්‍ය අරමුදලේ ණය පහසුකම් ලබා දීමට නම් ප්‍රාථමික මට්ටමේ එකඟතාවයන් සඳහා එම අරමුදලේ අනුමැතිය හිමි වියයුතු අතර ඊට මාස කිහිපයක කාලයක් ගත වනු ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. එමෙන් ම හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට නැවත දිවයිනට පැමිණීමට හොඳම අවස්ථාව මෙය නොවන බවයි ජනාධිපතිවරයා සඳහන් කරන්නේ. හිටපු ජනාධිපතිවරයාගේ ආගමනය හරහා යළිත් වරක් දේශපාලනික අර්බුධයක් ඇති විය හැකි බවද ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දෙනවා. ණය සහන ලබා ගැනීම සම්බන්ධයෙන් ඉන්දියාව,  ජපානය හා චීනය සම්බන්ධයෙන් වෙනස්ම ක්‍රම දෙකක් අනුගමනය කිරීමට සිදුව ඇති බවද ඔහු සඳහන් කරනවා. ලබා ගත් ණය ගෙවීම හා නව ණය පහසුකම් ලබා ගැනීම සම්බන්ධයෙන් ඔවුන් සමඟ එක් වැඩපිළිවෙලකට අයත් එකඟතාවයකට පැමිණීම සම්බන්ධයෙන් ගැටළු පවතින බවයි ජනාධිපතිවරයා වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත් පත සමඟ සඳහන් කර ඇත්තේ.

 

The post ශ්රී ලංකාව මේ වන විට දරුණුතම ආර්ථික අර්බුදය අත්විඳිමින් සිටින බව ජනපති කියයි appeared first on ITN News.

You may also like

- adaderana.lk

President Ranil Wickremesinghe has affirmed that all agreements with international women s organizations mandate that women must have the same rights as men.

- adaderana.lk

The Financial Intelligence Unit (FIU) of Sri Lanka has entered into a Memorandum of Understanding (MOU) with the Commission to Investigate Allegations of Bribery or Corruption (CIABOC) to exchange information relating to investigations and prosecutions of money laundering, bribery or corruption, and other related offences.

- onlanka.com

The Constitutional Council has rejected Sri Lankan President Ranil Wickremesinghe's proposal to extend the term of Attorney General Sanjay Rajaratnam by an additional six months.The post Sri Lankan President’s proposal to extend Attorney General’s term rejected appeared first on Sri Lanka News | Breaking News & Top Stories in Sri Lanka | ONLANKA.

- adaderana.lk

Japan has seen cases of Streptococcal Toxic Shock Syndrome (STSS) surpass 1,000 in 2024, the National Institute of Infectious Diseases (NIID) reported on June 18.

- island.lk

Vishmi Guneratne’s half century and Kavisha Dilhari’s star turn with bat and ball secured a five-wicket win for Sri Lanka in the second ODI against West Indies in Hambantota, and with it a series victory as they went 2-0 up with a game to go. It is Sri Lanka’s first series win against the West […]

- adaderana.lk

The Senior Vice Chairman of the Sri Lanka Freedom Party (SLFP), Prof. Rohana Lakshman Piyadasa claimed that the President has pressured Justice Minister Wijeyadasa Rajapakshe, to resign from the government.

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc